News Category
From Date
To Date
Maximum Number of Result

වොෂින්ටනය වහාම ආර්ථික හිඟය කපා හැරීමට හෝ ඉදිරි වසර තුන තුළ ප්‍රධාන ණය අර්බුදයක අවදානමට මුහුණ දීම යන කාරණා දෙකින් එකකට මුහුණ දෙන බව බ්‍රිජ්වෝටර් ඇසෝසියේට්ස් හි නිර්මාතෘ බිලියනපති ආයෝජක රේ ඩාලියෝ පසුගිය 03 2වනදා බ්ලූම්බර්ග් වෙත අදහස් දක්වමින් පැවසීය.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආගමනය චීන-යුරෝපා රාජ්‍ය තාන්ත්‍රික සහ වෙළඳ සබඳතාවලට බලපාන ලබන ආකාරය කෙසේදැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් , 14 වන ජාතික මහජන කොංග්‍රසයේ (NPC) තුන්වන සැසිවාරයේ ප්‍රකාශක ලූ ක්වින්ජියන් පැවසුවේ චීනය යුරෝපා සංගමය සමඟ සබඳතාවලට ඉහළ වැදගත්කමක් ලබා දෙන බවයි.

ඇමරිකාවේ "අවදි (සමාජ අසාධාරණය සහ වෙනස්කම් කිරීම පිළිබඳව අවදියෙන් සිටීම සහ සැලකිලිමත් වීම )" සංස්කෘතිය හෙළා දකිමින්, ළමුන් සඳහා "ලිංගික වෙනස්වීම්" ක්‍රියා පටිපාටි තහනම් කිරීමට මැදිහත් වන ලෙස එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොංග්‍රසයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

සමහර දේශපාලන විශ්ලේෂකයින් යෝජනා කර ඇති පරිදි චීනය යුක්රේනයට සාම සාධක භටයන් යවන්නේ දැයි මාධ්‍යවේදීන් විමසූ පැනයකට පිළිතුරු දෙමින්, චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියන් පැවසුවේ චීනය යුක්රේන අර්බුදය ආරම්භ නොකළ බවත්, එහි පාර්ශවකරුවෙකු නොවන බවත්ය.

අන්තර්ජාල වංචාවට සම්බන්ධ චීන ජාතිකයන් 620 කට අධික සංඛ්‍යාවක් මියන්මාරයේ මයාවාඩි කලාපයෙන් ආපසු ගෙන්වා ඇති බව චීනයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය අද(03) පැවසීය.

2023 ජනවාරි මාසයෙන් පසුව පසුගිය පෙබරවාරි මාසයේදී රුසියාවෙන් ඉන්දියාව ආනයනය කරන බොරතෙල් ප්‍රමානය අවම මට්ටමට පහත වැටී ඇති බව වාර්තා පවසයි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමග ධවල මන්දිරයේ දී පැවති සාකච්ඡා බිද වැටීමෙන් පසු යුක්රේන ජනාධිපති වොලද්මීර් සෙලෙස්කින් මහතා ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් ඇත.ඇමෙරිකානු ජනාධිපතිවරයා යුක්රේනය සමග තව දුරටත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වීම අත්හිටුවීමත් සමග යුරෝපා සංගමය සෙලෙස්කින්ට සහාය දැක්වීමට ඉදිරිපත් වී තිබේ.ඒ අනුව එම සංගමයේ නායකයින් ලන්ඩන් නුවර දී යුක්රේන ජනාධිපතිවරයාට සහාය දක්වන විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය ඇත.ලන්ඩන් නුවරට පැමිණි සෙලෙස්කින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කේයර් ස්ටාමර් මහතා ඩවුන් ස්ට්‍රීට් හි පිහිටි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී හමුවී ඇත.

යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවේදී දෙපාර්ශවය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.

ඩොලර් මිලියන 5ක් එක්සත් ජනපදය තුළ ආයෝජනය කරන පිරිස්වලට ඇමරිකානු පුරවැසිභාවය ලබාගත හැකි නව ක්‍රමවේදයක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වා දී ඇත.


ප්‍රධාන පුවත්

ඩේවිඩ් ලැමිට විරෝධය පා බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරුද්ධතාවයක් !!!.. තානාපතිට බාරදුන් සංදේශය මෙන්න (වීඩියෝ)

බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරුද්ධතාවයක් !!! හිටපු ආරක්ෂක ප්‍රධානින් පිරිසකට එක්සත් රාජධානියෙන් පැනවූ සම්බාධක හෙලා දකිමින් සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩේවිඩ් ලැමිට විරෝධය දක්වමින් ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කරන ලද විරෝධතාවයක් අද සවස බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වුණා....

සත්‍ය සෙවීමේ කොමිසම බෙදුම්වාදී මර උගුලක් - පය තබන්න එපා! ජාතික සංවිධාන 55ක අත්සනින් ලිපියක්

සත්‍ය සෙවීමේ කොමිසම මර උගුලක් පය තබන්න එපා! ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව ජාතික සංවිධාන 55ක අත්සනින් යුතු සංදේශයක් ත්‍රෛනිකායික මහ හිමිපාණන්වරු ප්‍රමුඛ මහා සංඝරත්නයට, ගරු ජනාධිපති තුමාට, මහජන නියෝජිතයන්ට සහ සමස්ත පොදු ජනයා වෙත ඉදිරිපත් කිරීම සදහා අත්සන් තැබීම ඊයේ (30) පැපිලියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙණේදී සිදුවිය.

ජනපතිවරුන් 8 දෙනෙකු නොකළ, එහෙත් සූදානම් වූ, පාවාදීම ජනපති අනුර ලවා කරවා ගැනීම

1987 ඉන්දු ලංකා ගිවිසුමට පසුව භූ දේශපාලන තලයේදී ඊට වඩා භයානක ආරක්ෂක (Defence) ගිවිසුමක් ඉන්දියාව සමඟ අත්සන් කිරීම ඉතා භයානක ආරම්භයක් බව ජාතික සංවිධාන කියයි.

රට අනතුරට මුහුණ පාන සෑම අවස්ථාවකම රාජ්‍ය බලය නොතිබුණද දිවි නොතකා සටන් කළ ජවිපෙයට රාජ්‍ය බලය හොබවද්දීත් එලෙසම කටයුතු කිරීමේ වගකීම පැටවී තිබෙනවා- මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

1987 දී ඉන්දු ලංකා ගිවිසුම අපට බලහත්කාරයෙන් පැටවීමට ගත් උත්සාහය පරාජය කිරීමට වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුණ දිවි පරදුවට තබා සටන් කළ බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ.

මෝදිගේ ලංකා සංචාරය ගැන එජාපය සතුටින්ලු

මෙම සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරය පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (UNP) ඉරිදා සුබ පැතුම් එක්කර ඇති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

රාමසාන් උත්වය අදයි

ඉස්ලාමයේ අනුගාමිකයන් ප්‍රධානතම ආගමික උත්සවය වන රාමසාන් උත්සවය අද (31) දිනයට යෙදී තිබේ.

ඉන්දු ශ්‍රී ලංකා මිලිටරි ගිවිසුම මගින් ශ්‍රී ලංකාව ලෝක යුද්ධයකට මැදිවෙනවා - පුබුදු ජාගොඩ

එළැඹෙන 04 වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී අත්සන් කිරීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා මිලිටරි ගිවිසුම මගින් ශ්‍රී ලංකාව ලෝක යුද්ධයකට මැදි වන බව ජන අරගල සන්ධානය පවසනවා.

ටිරාන් අලස් CID යට කැඳවයි

හිටපු හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හෙට (01) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මෝදිගේ ලංකා සංචාරයේදී ඉන්දු-ලංකා විදුලි කේබලයටත් අත්සන?

2025 අප්‍රේල් 4 සිට 6 දක්වා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කිරීම අරමුණු කරගත් අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීම ඇතුළත් වේ.

රිලා වාර්තාව අද නොවේ හෙට- කෘෂිකර්ම අමාත්‍යාංශය

මෙරට කෘෂි කර්මාන්තයට හානි කර සතුන් සංගණය කිරීමේ වාර්තාව ඊයේ දිනයේ(28) ප්‍රකාශයට පත් කරන බව මීට පෙර ප්‍රකාශ වුවද වාර්තාව සමාජගත කිරීම තවදුරටත් ප්‍රමාද විය හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.