News Category
From Date
To Date
Maximum Number of Result

2024 ජනවාරි 01 වැනිදා සිට ඔක්තෝබර් 6 වැනිදා දක්වා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් නිකුත් කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ඊයේ (4) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මහවිරු සමරුවට අදාළ පෝස්ටුවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයකු වන කැළුම් ජයසුමනට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප නියම කළේය.

පසුගිය දා පැවති මහවිරු සතිය තුළ උතුරේ සැමරුම් උත්සව 244ක් සිදුකළ බව පොලීසිය වාර්තා කර ඇති බවත්, මෙම සැමරුම් 244 අතරින් 10ක පමණ යම් යම් එල්.ටී.ටී.ඊ සංකේත සහිතව සැමරුම් සිදුකර ඇති බවට වාර්තා වූ බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ වසර අවසානයේදී අපේක්ෂිත බදු ආදායම ඉපැයීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

අර්ධ සන්නායක නිෂ්පාදනය සහ මිලිටරි යෙදුම් සඳහා භාවිතා කරන ද්විත්ව භාවිත අයිතම සහ ප්‍රධාන අමුද්‍රව්‍ය කිහිපයක් එක්සත් ජනපදයට නැව්ගත කිරීම තහනම් කරන බව චීනය නිවේදනය කර තිබේ. එක්සත් ජනපදයේ නවතම සම්බාධකවලට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගෙන ඇති බවද පැවසේ.

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. මනතුංග මහතා පත්කර ඇත.

අගමැතිනි හරිනි අමරසූරිය සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් ජාතිවාදයට කිසිඳු ඉඩක් නොදෙන බවට දැඩි ප්‍රකාශයක් කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා එහිදී දැක්වූ අදහස් ඔහුගේ වචනයෙන්,

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජය හදිසි නීතිය සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ අඥා පනත යටතේ ක්‍රියාත්මක කරගෙන යන මර්ධනකාරී වැඩපිළිවෙලට දැඩි විරෝධතාවය දක්වන බවත්, උතුරේ මහවිරු සැමරුම් ප්‍රචාරය කළ බවට මේ වන විට කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් දේශප්‍රේමී ජාතික පෙරමුණේ සභාපති නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.


ප්‍රධාන පුවත්

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.