News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ පොදු නීතියට අනුව විවාහ විය හැකි අවම වයස අවුරුදු 18 වුවද, මුස්ලිම් නීතිය යටතේ වයස අවුරුදු 12 දීත් විවාහයන් සිදුකිරීම මෙන්ම ළමා අපචාර සම්බන්ධ සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් මාධ්‍යවේදීන් විසින් ඊයේ දිනයේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ප්‍රශ්න කිරීමක් සිදුකළහ.

ලෝකයේ තෙල් පාලනය කරන්නේ කවුද ඔවුන් විසින් ලෝකය පාලනය කරනු ලබනු ඇතැයි වින්ස්ටන් චර්චිල් පවසා ඇති බවත්, ලෝකයම එක රැයකින් අර්බුදයකට ඇද දැමිය හැකි ප්‍රධානම සාධකයක් වන්නේ ඉන්ධන බවත් දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.

ඉන්දීය දේශපාලනයේ සහ රාජ්‍ය තාන්ත්‍රික බල කේන්ද්‍රයේ තීරණාත්මක බලපෑමක් එල්ල කළ හැකි, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සමීපතම අධ්‍යාත්මික නියෝජිතයෙකු වන ‘ආර්ට් ඔෆ් ලිවිං’ (Art of Living) පදනමේ උප නායක ශ්‍රී ප්‍රශාන්ත් නායිර් ස්වාමි මහතා හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් (ඩොලර් මිලියන දෙකහමාරක) වෙනත් පාර්ශ්වයකට යොමුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) ඉල්ලා තිබූ වාර්තාව, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ පෞද්ගලික නිවසට එවීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ඒ මහතා සිය දැඩි විරෝධය පළ කර සිටියි.

ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා, ගෝලීය ශ්‍රීලාංකික සංසදයේ විධායක අධ්‍යක්ෂක ශ්‍යාමේන්ද්‍ර වික්‍රම් ආරච්චි මහතා, දේශප්‍රේමී ජාතික පෙරමුණේ මහලේකම් නීතිඥ නුවන් චමාර ඉඳුනිල් බැල්ලන්තුඩාව මහතා සහ ස්ත්‍රී රෝග හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය රෝහිණි සකුන්තලා සෙනෙවිරත්න මහත්මිය අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරකරමි ස්ත්‍රී පුරුෂ සමාජ භාවය හඳුනාගැනීම සඳහා පරිපාලන ක්‍රියාදාමයන් සහ නිල වාර්තාවල ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළ විස්තර සංශෝධනය කිරීම සඳහා විධිවිධාන සපයන රජයේ චක්‍රලේඛ දෙකක් අවලංගු කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

පවත්නා ඉන්ධන සහනාධාර ක්‍රමය එළඹෙන ජුනි මාසයෙන් අවසන් වීමට නියමිත බැවින්, ඉදිරි කාලයේදී මෙරට තෙල් මිල නැවත වරක් ඉහළ යනු ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය උදාවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවලට අනුව බවයි.

අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මියගිය නිවසේ කාමරයේ තිබී කොළ පාට පටියක් සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (2) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දැන්වීය.

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ තිරසර බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත් කරලීම සදහා ඕස්ට්‍රේලියාවේ සහ යුරෝපයේ නවීනතම තාක්ෂණය සහිත බලශක්ති සමාගම් දෙකක ආයෝජකයන් දෙදෙනෙක් දිවයිනට ඊයේ පැමිණ තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තැබීම අභියෝගයට ලක් කරමින් ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තැබුවේය.


ප්‍රධාන පුවත්

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක

නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.

22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.

22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

​සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..

​ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.

ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ජන රැළි, රටේ දැවෙන ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පැවැත්වෙන හිස් “චූන් පාන් සන්දර්ශන” පමණක් බවත්, පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව සිදුකර ඇත්තේ මැතිවරණ පොරොන්දු සියල්ල බල්ලට දමා ඩඩ්ලි, ධම්මික, ඉෂාර වැනි මහා පරිමාණ ව්‍යාපාරික පැලැන්තිය පිනවීම පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.