News Category
From Date
To Date
Maximum Number of Result

සුරාබදු දෙපාර්තමේන්තුව හඳුන්වා දීමට යන අඩු මිල මත්පැන් බෝතලය ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් වත්මන් රජයේ ප්‍රතිපත්තියට පටහැනි යැයිද මත්පැන් කර්මාන්තයටම පමණක් යහපතක් සිදුවන එම ප්‍රතිපත්තිය ගැන නැවත සලකා බලන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදයකුමාර මහතාට ලිපියක් යොමු කර ඇත.

වෛද්‍ය උපකරණ සහ ඖෂධවේදී නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමේදී පැවැති ක්‍රමවේදය වෙනුවට යහපාලන රජයේ හිටපු අමාත්‍යවරයකු විසින් අත්තනෝමතිකව ක්‍රියාත්මක කළ ක්‍රමවේදයක් නිසා රජයේ මුදල් විශාල වශයෙන් ගසාකෑමක් සිදුවන බවට වෛද්‍ය උපකරණ ගෙන්වන ආයතන ප්‍රකාශකයෙක් ජාතික පුවත්පතකට පවසා ඇත.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබුණු ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව හෙට (ජන. 2) සිට යළිත් ආරම්භ කිරීමට නියමිත ය. මේ සඳහා පසුගිය 25 වන දා සිට ආසන වෙන් කරවා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබිණි.

ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගෙන් ලබන සතිය තුළ ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු සුදානම් කර ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා නමැත්තාට අයත් බවට පැවසෙන නීතිවිරෝධීව එකලස් කරන ලද ඩිෆෙන්ඩර් රථ දෙකක් ඇතුළු ජීප් රථ 3ක් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් අද (01) සිය භාරයට ගනු ලැබීය.

ජනාධිපති අනුර කුමාර දිසානයකගේ සංකල්පයක් අනුව ආරම්භ කරන ලද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සහයෝගය පළකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් දෙදෙනකු වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර එක්ව ඇත.

මැතිවරණයේදී පරාජය වන බව දැන සිටියා වුවද ජාතික මතයට සුළු පිරිසක් හෝ එක්කර තබාගැනීම සඳහා උත්සාහ දැරුවේ යළිත් ආණ්ඩුව අර්බුදයට යද්දී බලවේගයක් ලෙස එම සුළු පිරිස හෝ එක්කර තබාගැනීමේ අරමුණින් බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ බවට සඳහන් වූ ප්‍රශ්න තුන වෙනුවෙන් සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ.

“ඉන්දියානු වෘකයාගේ නූතන දඩබිම“ යන මැයෙන් සම්මන්ත්‍රණයක් ජනවාරි 16 වැනිදා සවස 3.00ට, කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී පැවැත්වීමට නියමිත බව ජාතික නිදහස් පෙරමුණ සදහන් කරයි. එහි ප්‍රධාන දේශනය, ජනිපෙ නායක විමල් වීරවංශ විසින් සිදුකිරීමට නියමිතය.


ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.