News Category
From Date
To Date
Maximum Number of Result

ෆෙඩරල් ගිනි අවි සහ බදු නීති කඩ කිරීම සම්බන්ධයෙන් මේ වසර මුලදී වරදකරු වූ ඉවත්ව යන එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත් හන්ටර්ට ජනාධිපති සමාව ලැබී ඇතැයි වාර්තා වේ. ඒ අනුව ඉවත්ව යන එක්සත් ජනපද ජනපති තමාගේ වචන වලට තමාම පිටුපා ඇතැයි එරට ජනතාව පවසන බවද පුවත් වාර්තා පවසයි.

මහවිරු සැමරුම් ප්‍රවර්ධනය කිරීමේ යයි සමාජ ජාල ක‍්‍රියාකාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම මගින් සමාජ මාධ්‍ය පාලය කිරීමේ ආණ්ඩුවේ දේශපාලන සුජාතභාවය විනාශ කර ගැනීම ආරම්භය කර ඇති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

අමාත්‍ය විජිත හේරත් මහතා විපක්ෂයේ සිටිය දී ඉන්ධන මිල සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් සමාජ මාධ්‍යයේ සංසරණය වන අතර එහිදී ඒ මහතා පවසන්නේ තෙල් මිල අඩුකිරීමට නොහැකි බව පැවසීම පිළිගත නොහැකි බව ය.

නව ආණ්ඩුව පත්වීමෙන් පසුව සිදුකර ගත් විශාලම පාඩුව ආණ්ඩුවේ නියෝජිතයන් ABBA ප්‍රසංගය නිරඹීමට යාම බව ප්‍රවීන මාධ්‍යවේදී ශමේන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ මහතා පවසයි.

ජාතික ජන බලවේග ආණ්ඩුව ඉදිරි වසර තුන තුළ විදුලි ගාස්තු 30% කින් අඩුකරන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පැවැසීය.

වතුකරයේ ළමුන් පිරිසක් සිංහල භාෂාව අමතර භාෂාවක් ලෙස හදාරා එම ළමුන් විසිර යාමේ උත්සවයක් හැටන් දික්ඔය නගර ශාලාවේදි පැවැත්විණ.

ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑම් එකක් සඳහා වන වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජයග්‍රාහී පක්‍ෂයක් ලෙස නැවත ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය කරන පියවර ගැනීමට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙත ලිපියක් යොමු කර ඇත.

ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට අයත් සමාගම් විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කළේ යැයි ශ්‍රී ලංකා ජාතික වාණිජ වාණිජ මණ්ඩලයේ ලේකම් ලක්මාල් ප‍්‍රනාන්දු මහතා පවසයි.


ප්‍රධාන පුවත්

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.