

පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් අද (08) දිනයේ විශේෂ පරික්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ සහල් මෝල්වල දෛනිකව නිෂ්පාදනය කරන සහල් ප්‍රමාණය, දැනට පවතින තොග ප්‍රමාණය සහ වෙළෙදපොළට නිකුත් කරන සහල් ප්‍රමාණය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගැනීම මෙහිදී සිදුකරන බවය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි සියලුම සහල් මෝල්වල තොරතුරු ලබාගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කළේය. ඊයේ (07) දිනයේදී සහල් මෝල් හිමියන් සහ ජනපති අතර පැවැති සාකච්ඡාවකදි ජනාධිපතිවරයා පැවසුවේ අද දිනයේ සිට සියලුම සහල් මෝල් සඳහා පාරිභෝගික කටයුකු අධිකාරියේ නිලධාරීන් යොදවන බවය.

විදුලි සේවක සංගමය විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් අවධාරණය කර ඇත්තේ එම සේවක සංගමය දෙසැම්බර් මස 10 වන දිනට පෙර නත්තල් ප්‍රසාද දීමනා ලබා දීමට කටයුතු කළ යුතු බව මීට පෙර දැනුම් දී ඇති බවයි.

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ ප්‍රමුඛ නියෝජිත පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී තිබේ. මෙම නියෝජිත පිරිසට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් රොබට් කප්‍රෝත් සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජුලී චුන්ග් ද ඇතුළත් වුහ. ශ්‍රී ලංකාව දැනට මුහුණදී සිටින සමාජ, ආර්ථික සහ දේශපාලනික ගැටලු රාශියක් මෙම සාකච්ඡාවට ඇතුළත් විය. ඩොනල්ඩ් ලූගේ මාණ්ඩලික ප්‍රධානී වර්සා පර්කින්ස්, ආසියානු කලාපයේ නියෝජ්‍ය සහකාර පරිපාලක අංජලී කෞර්, USAID ශ්‍රී ලංකා දූත මණ්ඩල අධ්‍යක්ෂ නස්රීන් මරිකාර්, එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන විශේෂඥ Gabriel Grau සහ දකුණු ආසියාවේ භාණ්ඩාගාර අධ්‍යක්ෂ ජෙරොඩ් මේසන් ඇතුළු USAID හි නියෝජිතයන් මෙම රැස්වීමට තවදුරටත් සහභාගී වී තිබේ. සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ප්‍රමුඛ පෙළේ මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, රිෂාඩ් බදියුදීන්, පලනි දිගම්බරම්, අජිත් පී පෙරේරා, මුජිබර් රහුමාන්, කාවින්ද ජයවර්ධන, සහ එස්.එම්. මරික්කාර් ද මෙම සාකච්ඡාවට එක්ව තිබිණි.

රටේ දැනට සිටින මිලියන 1.3ක් වූ රාජ්‍ය සේවකයන් 750,000 දක්වා අඩු කිරීමට සිදුවනු ඇති බව කොළඹ පැවති උත්සවයක් අමතමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව මහතා පසුගියදා පැවසුවේය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසුවේ රාජ්‍ය සේවයෙන් සේවකයන් ඉවත් කිරීමට රජයට කිසිදු සැලසුමක් නොමැති නමුත් ඵලදායිතාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරන බවයි.
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
