

විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයින් නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 530.1ක් රටට එවා ඇතැයි වාර්තා වේ. ඒ අනුව 2024 වසරේ මේ දක්වා රටට එවා ඇති විදෙස් මුදල් ප්‍රමානය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.0 ක් වැනි පහළ අගයක් බව විද්වත්හු පවසති. කෙසේ වුවද මෙම අගය 2020 වසරේ දී ශ්‍රී ලාංකිකයන් එක් මසකදී රට එවූ ඉහළම විදෙස් මුදල් ප්‍රමානය සැලකිය යුතු මට්ටමකින් පසු කර ඇතැයි විශ්ලේශකයෝ පවසති.

සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද් රුසියාවේ සරණාගතභාවය ලබා ඇති අතර ඔහුගේ පවුලේ අය සමඟ මොස්කව් වෙත පැමිණ ඇති බව රුසියානු පුවත් ඒජන්සි RIA Novosti සහ TASS ඊයේ(08) වාර්තා කළේය. 24 වසරක අසාද්ගේ පාලනය අවසන් කරමින් සිරියානු සටන්කාමීන් දමස්කස්හි පාලනය අත්පත් කර ගැනීමත් සමඟ අසාද් මෙලෙස සිරියාවෙන් පලා ගොස් තිබේ.

මෙරට ලුණු නිෂ්පාදනය අඩු වීම සම්බන්ධයෙන් සොයාබැලීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ පසුගිය වසරේ සහ මේ වසරේ මෙරට ලුණු නිෂ්පාදනය අඩු වී ඇති බවට ලුණු නිෂ්පාදන සමාගම් විසින් වාර්තාවක් ලබාදී ඇති බවය. ඒ සම්බන්ධයෙන් වහාම සොයාබලා ඊට පිළියම් යෙදීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍යංශය සඳහන් කළේය. පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට ලුණු නිෂ්පාදනය පසුගිය වසරේ සහ මේ වසරේ සියයට 40කින් පමණ පහළ ගොස් ඇති බව වාර්තා වෙයි. ඒ අනුව මේ වනවිට රටතුළ නිෂ්පාදනයේ අඩු වීමක් පවතින අතර ඊට පිළියමක් ලෙස ලුණු ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ලුණු සමාගම් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
