ලංකාවේ ධාන්‍ය හිඟය පියවන්න තවත් ටොන් ලක්ෂ 17ක් ගෙන්වීමට සිදුවන ලකුණු.. - FAO අනාවරණය කරයි..
මෙරට වාර්ෂික ධාන්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂ 53ක් දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබුණද, දේශීය අවශ්‍යතාව සම්පූර්ණයෙන් සපුරාලීම සඳහා තවත් ධාන්‍ය මෙට්‍රික් ටොන් ලක්ෂ 17ක් ආනයනය කිරීමට ශ්‍රී ලංකාවට සිදුවන බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) පවසයි.
එම සංවිධානයේ ‘ගෝලීය තොරතුරු හා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය’ මගින් නිකුත් කළ නවතම වාර්තාවට අනුව, මෙලෙස ආනයනය කිරීමට සිදුවන ධාන්‍ය අතරින් වැඩි ප්‍රමාණයක් තිරිඟු වන අතර, ජනගහන වර්ධනය සහ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම ඊට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
මෙවර ධාන්‍ය නිෂ්පාදනය පසුගිය වසර 5ක සාමාන්‍ය අගයට වඩා සියයට 9ක වර්ධනයක් පෙන්නුම් කරන අතර, පසුගිය ‘මහ’ කන්නයේදී මෙට්‍රික් ටොන් ලක්ෂ 28ක අස්වැන්නක් ලබා ගැනීමට හැකිවූ අතර 'යල' කන්නයේ අස්වනු නෙළීම මේ දිනවල සිදුකෙරේ. මීට අමතරව, මෙවර බඩඉරිඟු නිෂ්පාදනය ද මෙට්‍රික් ටොන් 450,000ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත්, නිෂ්පාදනය ඉහළ ගියද නිෂ්පාදන පිරිවැය වැඩිවීම හේතුවෙන් ගොවීන් දැඩි අභියෝගයකට මුහුණ දී සිටින බව FAO වාර්තාව පෙන්වා දෙයි.
විශේෂයෙන්ම රතු මුහුදේ පවතින නාවික ප්‍රවාහන බාධා නිසා ලෝක වෙළෙඳපොළේ පොහොර මිල ඉහළ යාම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අස්වනු නෙළීමේ හා ප්‍රවාහන කටයුතුවලට යන වියදම සැලකිය යුතු ලෙස වැඩි වී ඇත.
තවද, එල්-නිනෝ කාලගුණික තත්ත්වය හමුවේ ඉන්දියාවේ වර්ෂාපතනය සියයට 35කින් පමණ අඩුවීම ද ලෝක ධාන්‍ය නිෂ්පාදනයට සහ ආහාර සැපයුමට බලපෑම් එල්ල කර ඇති අතර, මේ හේතුවෙන් 2022 වසරෙන් පසු ලෝක ආහාර මිල ගණන් ඉහළම මට්ටමකට පැමිණ ඇති බවට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය වැඩිදුරටත් අනතුරු අඟවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..