News Category
From Date
To Date
Maximum Number of Result

වත්මන් රජයට සම්බන්ධ ප්‍රබලයින්ට එරෙහිව ලැබී ඇති දූෂණ පැමිණිලි සම්බන්ධයෙන් දියාරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට චෝදනා කරමින්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂය කොමිසමේ සභාපති විනිසුරු ඩබ්.එම්.එන්.පී. ඉද්දවෙලගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

ශ්‍රී ලංකාවේදී සිදුවූ මහා පරිමාණ විදේශ මුදල් වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ගැනීමට හැකිවී තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අඛණ්ඩව සිදු කෙරෙන අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරන බව ඇම්නෙස්ටි ඉන්ටර් නැෂනල් ආයතනය පවසයි.

ජූනි මස 12 වනදාට යෙදී තිබෙන රුසියානු දිනය වෙනුවෙන් කොළඹ රුසියානු තානාපති කාර්යාලය සංවිධානය කළ උත්සවයක් පසුගිය 10 වනදා ගාලු මුවදොර පිහිටි රත්නදීප හෝටලයේදී පැවැත්වීය.

2026 වසරේ ජනවාරි 01 වැනිදා සිට ජුනි 09 වැනිදා දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 8ක පමණ අවප්‍රමාණ වීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඕමාන් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ‘Settebello’ නමැති වාණිජ තෙල් ප්‍රවාහන නෞකාවට ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද ප්‍රහාරය ඉන්දියාව විසින් දැඩි ලෙස හෙළාදැක ඇති බව නව දිල්ලියෙන් ලැබෙන වාර්තා සඳහන් කරයි.

මියන්මාරයේ යැංගොන් නුවරදී ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයකු අභිරහස් ලෙස මියගොස් ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කරයි.

ඊශ්‍රායලයේ සිට මෙරට ශ්‍රමිකයන් එවනු ලබන ඩොලර් අප්‍රේල් මාසයේ සිට එක් ආයතනයක සිරවී ඇති බවත්, වැඩිම විදේශ ප්‍රේෂන ප්‍රමාණයක් මෙරටට එවනු ලබන්නේ ඊශ්‍රායලයේ සිටින මෙරට ශ්‍රමිකයන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා පවසයි.


ප්‍රධාන පුවත්

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක

නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.

22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.

22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

​සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..

​ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.

ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ජන රැළි, රටේ දැවෙන ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පැවැත්වෙන හිස් “චූන් පාන් සන්දර්ශන” පමණක් බවත්, පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව සිදුකර ඇත්තේ මැතිවරණ පොරොන්දු සියල්ල බල්ලට දමා ඩඩ්ලි, ධම්මික, ඉෂාර වැනි මහා පරිමාණ ව්‍යාපාරික පැලැන්තිය පිනවීම පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.