News Category
From Date
To Date
Maximum Number of Result

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අධිකරණ සේවා කොමිසම විසින් ස්ථාන මාරුවක් ලබාදී තිබෙන බව වාර්තා වෙයි.

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කිරීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (31) රාත්‍රී නිවේදනය කළේය.

අරගල සමයේ එක් උණ්ඩයකින් හෝ සාමාන්‍ය වැසියකුට වෙඩි තැබීමට තමා නියෝග නුදුන් බවත් නිල බලයෙන් උමතුවී ජන ඝාතකයකුවීමට තමා උත්සුකවීමට තමාට අවශ්‍ය නොවූ බවත් හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

පසුගිය දෙසැම්බර් 29 වැනිදා ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන ප්‍රදේශවල සංචාරය කළේය.එහිදී චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු රුපියල් මිලියන 16ක් වටිනා ආහාර ඇසුරුම් දහස් ගණනක් පළාත් රජයේ සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 3ක සහය ඇතිව ගංවතුරින් විපතට පත් පවුල් වෙත බෙදා දෙන ලැබුවේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව අඩු කර නිවාස අඩස්සියට පත් කර ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව උත්සහ කරමින් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් පවසයි.

විදුලිබල පනත යළි සලකා බැලීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලාංකික දේශපාලන සංස්කෘතියේ විසල් පරිවර්තනයක් සිදුකරමින් ජනවරමේ වගවීම හා වගකීම ඉටුකිරීමට මේ වන විට යුහුසුළුව කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනා පළමුව සම්බන්ධ වීමට උත්සහ දැරුවේ සමගි ජන බලවේගයට බවත් එය මෙරට ප්‍රබල ආගමික නායකයකුගේ මැදිහත්වීම මත සිදුවූවක් වුවද සමගි ජන බලවේගයේ ප්‍රබලයකු වූ සුජීව සේනසිංහ මහතාගේ බරපතල විරෝධය හමුවේ එම උත්සාහය ව්‍යර්ථ වූ බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

මහත් ආන්දෝලනයකට තුඩුදුන් 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය පිටවීමට අදාල සිදුවීමේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.


ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.