22ට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය හෙට පාර්ලිමේන්තුවට..
22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඇතුළත් රහසිගත නිගමනය කථානායකවරයා විසින් හෙට (22) දිනයේ පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ඒ ඊට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයාට ලැබීමෙන් අනතුරුවය.
සුසිල් රණසිංහ අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත ලැබී ඇති බවය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පසුගිය අගෝස්තු මස 18 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ඒ අනුව එම පනත් කෙටුම්පත්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් 65කට අධික සංඛ්‍යාවක් ගොනු කර තිබූ අතර, ඒවා සැප්තැම්බර් පළමු වන දා අගවිනිසුරුවරයාගේ සභාපතීත්වයෙන් යුත් පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනුණි.
සැප්තැම්බර් 2 දා පෙත්සම් විභාගය අවසන් කෙරුණු අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් වන තීරණය කථානායකවරයා වෙත යොමු කරන බවය.
මේ අතර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය, එළඹෙන 24 සහ 25 යන දිනවලදී පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා තීරණය කරනු ලැබීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..