News Category
From Date
To Date
Maximum Number of Result

නාසා ආයතනය මගින් යවන ලද අභ්‍යවකාශ යානයක් සූර්යයාගේ ඉතා ආසන්නයට ළඟා වී තිබේ.

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ නිහතමානී බව, බුද්ධිය සහ රාජ්‍ය සේවය සඳහා කැපවීම අනාගත පරපුරට ද ආදර්ශයක් හා දිරිගැන්වීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මන්මෝහන් සිං මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරමින් ජනාධිපතිවරයා විශේෂ 'X' පණිවුඩයක් යොමු කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , පානදුර සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ලලිත් එල්ලාවල මහතා අද (27) දේශපාලන ජීවිතය සමුගන්නා බව සදහන් කලේය.මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා ඒ බව සදහන් කලේය.

පාසල් ගුරුවරුන්ට තම පාසලේ ඉගෙනුම ලබන සිසුන් සදහා අමතර පන්ති පැවැත්වීම තහනම් කිරීමට අනිකුත් පළාත්වල අධ්‍යාපන ලේකම්වරුන් ද කටයුතු කළ යුතු බව රජරට දූෂණ විරෝධී සංවිධානය පවසනවා.

සිය පොලිස් ආරක්ෂාව ඉවත් කිරීම පිළිබඳ මාධ්‍යෙව්දී චමුදිත සමරවික්‍රම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව වාර්තා වෙයි. ඔහුට ආරක්ෂාව ලබා දී ඇත්තේ ප්‍රභූ ආරක්ෂාව යටතේ නොව ජීවිතයට එල්ල වූ තර්ජන නිසා වින්දිතයන් ආරක්‍ෂා කිරීමේ ජාතික අධිකාරිය සහ අධිකරණය මගිනි.

සහල් හිඟයට විසදුමක් ලෙස රජය ආනයනය කරන පළමු සහල් තොගය අද දිවයිනට පැමිණිමට නියමිතය. එහිදි සහල් මෙට්‍රික් ටොන් 5,200ක ප්‍රමාණයක් ලැබීමට නියමිත බවයි වෙළෙඳ අමාත්‍යංශයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ.

නිවිතිගල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුට ශ්‍රී ලංකාවේ හැඩයෙන් යුත් නිල් මැණිකක් හමුවී ඇත. නිවිතිගල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරික රොහාන් වසන්ත දිසානායක පැවසුවේ කරවිට ප්‍රදේශයේ මැණික් පතල් කම්කරුවෙකුගෙන් එය මිලදී ගත් බවයි.

කවුරු කොකොහම කිව්වත් අපි බංකොළොත් භාවයෙන් මිදිලා නැහැ. අපිට ණය ගෙවන්න පටන් ගන්න තියෙන්නේ 2028 වසරේ. ඉතින් බංකොළොත් භාවයෙන් මිදුනා කියන්නේ මොන අර්ථයෙන්ද කියලා මට පැහැදිලි නැහැ. මාධ්‍යවේදී ශමේන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ මහතා මෙසේ පවසන්නේ වීඩියෝ සාකච්ඡාවකට ඒක්වෙමිනි.

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ කුඩා ගුවන් යානයක් ධීවරයන් පිරිසකට හමුවී ඇති බව වාර්තා වේ.


ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.