News Category
From Date
To Date
Maximum Number of Result

ලබන වසරේ ජනවාරිජනවාරි 01 වනදා සිට වයස අවුරුදු 12 ට අඩු ළමයින් වෙළද ප්‍රචාරණයන්ට යොදා ගැනීම තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

අඛණ්ඩ භාරත් නැමති සංකල්පය මගින් ඉන්දියාවේ අරමුණ වී ඇත්තේ ඉන්දියානු කලාපයේ ඇති සියලු රටවල් ඉන්දියා අර්ධ යටත් විජිත බවට පත්කර ගැනීම බව දෙවන පරපුරේ නායක උවිදු විජේවීර පවසනවා. එයට චීනය පවා අයත් බවයි ඔහු පවසන්නේ. එදා සර්දාර් පනික්කාර් දුටු සිහිනය යථාර්තයක් කර ගැනීම සදහා ඉන්දියාව කටයුතු සිදුකරමින් පවතින බවද ඔහු පවසනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට යාමට අවශ්‍ය කටයුතු සිදු සිදුකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික විධායක සභික නීතිඥ රවින්ද්‍ර ජයසිංහ මහතා අද (25) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

පසුගිය දා බස්නාහිර පළාතේ ගුරුවරුන්ට සිය පාසල තුළ දරුවන්ට ටියුෂන් පැවැත්වීම තහනම් කරන චක්‍රලේඛයක් අග්‍රාමාත්‍ය අධ්‍යාපන ඇමති හරිනි අමරසූරියගේ යටතේ පවතින බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරනු ලැබීය.

එට්කා අත්සන් තබන්න නොව එට්කා ගැන කතා කිරීමටවත් අනුර කුමාර දිසානායක මහතාට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

පසුගිය ආණ්ඩුව සමයේ ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණයට එරෙහි විරෝධතාවලට සහභාගිවීම හේතුවෙන් වැඩ තහනමට ලක්වූ ලංවිම සේවකයන් 62 දෙනකු වන්දි සහිතව යළි සේවයේ පිහිටුවා තිබේ.

ශක්තිමත් ස්ථාවර ආර්ථිකයක්, සමාජ සාධාරණත්වය අරමුණු කර ගත් අව්‍යාජ ජනතාවාදී දේශපාලන සංස්කෘතියක් මෙන්ම, මනුෂ්‍යත්වය හා නිදහස පිරුණු, සුන්දර රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වීමට මෙම උතුම් නත්තලේ දී අපි සියලු දෙනා අදිටන් කරගනිමු යැයි නත්තල් දින පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

සංශෝධනයට ලක් කරන ලද අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය ගැසට් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.


ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.