News Category
From Date
To Date
Maximum Number of Result

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (01) දහවල් සමාජ ක්‍රියාකාරියෙකු වන නාමල් කුමාර ව අත්අඩංගුවට ගෙන තිබේ.

චීන ජනාධිපති ෂී ජින්පින් තායිවානය සම්බන්ධයෙන් එක්-චීන ප්‍රතිපත්තියේ වැදගත්කම නැවත වරක් අවධාරණය කර ඇති අතර, තායිවානය සමඟ යළි එක්වීම නැවැත්විය නොහැකි ක්‍රියාවලියක් බව පවසයි.

අද උදෑසන ගාලු මුවදොර පිටියේ ගෝල්ෆේස් හෝටලය අසල යුක්රේන් ධජය සමඟ ශ්‍රී ලංකා ධජය එසවී තිබෙන අයුරු දැකගන්නට හැකිවිය. ඊට අමතරව ගෝල්ෆේස් හෝටල‌යේ ධජයද විය.

රුපි‍යල් 6,000ක දීමනාව ලබා දීමේදී දරුවන් තෝරාගැනීම පාසල් මට්ටමින් සිදුකරන බව ත් තම පාසලේ සිටින මෙම සහනය ලැබිය යුතු දරුවන් පිළිබඳව සොයා බලා ලේඛන සකස් කරන ලෙස පාසල්වල විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බව ත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

2025 නව වසරේ අලුත් පරිවර්ථනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතු වන බව, ජනාධිපති අනුර කුමාර දිසානායක Clean Sri Lanka ජාතික වැඩසටහන අරඹමින් සදහන් කරයි.

2024 වසර ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩි ම පිරිසක් රැකියා සඳහා විදේශගතවී ඇති වර්ෂය බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

කියුබානු විප්ලවයේ 67 වන සංවත්සරය හෙවත් 67 වන කියුබානු ජාතික දිනය පසුගිය 30 වනදා කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති Andres M Gonzalez Garrido මහතාගේ ප්‍රධානත්වයෙන් චාම් එහෙත් අභිමානවත් අයුරින් සමරණු ලැබීය

බිංගිරිය කම්හල් පරිශ්‍රයක් තුළ ඊයේ (30) දින ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනා මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මාස 04ක පමණ කාලයක් ගතවන බවත්, එහෙත් මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හැකි ඉක්මනින් නිකුත් කරන බවත්, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.


ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.