News Category
From Date
To Date
Maximum Number of Result

විදෙස් රටක ණය ගෙවීමකට අදාළ මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර්වරුන් අතට පත් වී ඇතැයි කියන සිද්ධිය පිළිබදව විමර්ශනයක් ඉල්ලා පොලිස්පතිවරයා වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණි.

චීනයේ විදුලි වාහන (EV) නිෂ්පාදකයෙකු වන Xpeng සමාගම සිය "පියාඹන" මෝටර් රථ නිෂ්පාදනය ලබන වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව එම සමාගමේ සභාපති බ්‍රයන් ගු (Brian Gu) රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරය විසින් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව අදාළ වාරික ගෙවීමේදී සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාව, සංවිධානාත්මක සයිබර් අපරාධකරුවන් පිරිසක් විසින් සිදු කරන ලද්දක් බවත්, ඒ සඳහා ආණ්ඩුවේ කිසිදු පාර්ශ්වයක සම්බන්ධයක් නොමැති බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරය විසින් විදේශ රටකට ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක්, සයිබර් හැකර්වරයෙකුගේ ගිණුමකට බැරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පසන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වගකිව යුතු බවයි.

ට්‍රම්ප් පරිපාලනයේ නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව පෙන්ටගනය නිවේදනය කර ඇත.

ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් (පුද්ගලික) සමාගම (හිරු ටීවී) විසින් පසුගියදා විකාශය කරන ලද පුවතක් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ එන්තරවාසියකට පිළිතුරු දෙමින්, එම පුවතේ වූ තාක්ෂණික දෝෂ නිවැරදි කර ඇති බවත්, අදාළ පාර්ශවයට කිසිදු ද්වේෂසහගත චේතනාවකින් තොරව එම වාර්තාකරණය සිදු කළ බවත් එම ආයතනය අවධාරණය කරයි.

අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් සිදුකරනු ලබන "නිර්ලජ්ජිත සටන් විරාම උල්ලංඝනය කිරීම්" හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට "නොහැකි" බව ඉරානය සඳහන් කර තිබේ.

විදේශ රටකට ණයක් ලෙස ගෙවූ ඇමරිකා ඩොලර් ලක්ෂ 25ක් පරිගණක හැකර්කරුවකුගේ ග්‍රහණයට නතුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

පාස්කු ප්‍රහාරය සිදුවී කාලයක් ගතවන විට ප්‍රහාරකයා පවා වින්දිතයකු වූ බවත්, සහරාන්ලා ප්‍රහාරයට පැමිණීමට පෙර සිදුකළ දිවුරුමක් දැක්වෙන වීඩියෝවක් පාස්කු ප්‍රහාරයට පසු මාධ්‍ය මගින් ප්‍රදර්ශනය කිරීමේ දී එම ප්‍රහාරයට හේතුව ඔවුන් හෙළිකර ඇති බවත් ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා පවසයි.


ප්‍රධාන පුවත්

වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..

වලිකාමම් ප්‍රදේශයේ පිහිටි හමුදා රෝහල කඩා ඉවත් කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

රෝහණ විජේවීර මහතාගේ භාර්යාව වූ ශ්‍රීමතී ච්ත්‍රාංගනී විජේවීර මහත්මිය සහ දරුවන් නාවික හමුදා භාරයේ තබාගැනීම සඳහා වියදම් කළ මුදල පිළිබඳව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීම පිළිබඳව සදාචාරමය ගැටලුවක් මතුවන බව ලංකා ලීඩර් පාඨකයෝ පවසති.

චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්

චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) 99 වැනි සංවත්සරය සැමරීමේ විශේෂ පිළිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං (H.E. Qi Zhenhong) මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..

පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.