News Category
From Date
To Date
Maximum Number of Result

පසුගිය 20 වන සිකුරාදා තායිවානයට ඩොලර් මිලියන 571.3 ක් වටිනා යුදමය වශයෙන් වැදගත් වන ආධාර සහ ඩොලර් මිලියන 295 ක් වටිනා යුද ආයුධ අලෙවි කිරීම අනුමත කිරීමට එක්සත් ජනපදය තීරණය කළේයැයි කියවෙන නිවේදනයට ප්‍රතිචාර වශයෙන්, චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පසුගිය 22 වන ඉරිදා පවසා සිටියේ එම තීන්දුව චීනය දැඩි ලෙස හෙළා දකින බවයි. එලෙසම එක්සත් ජනපදයේ මෙම තීන්දුවට චීනය දැඩි ලෙස අප්‍රසාදය මෙන්ම දැඩි විරෝධය සෘජුවම පළ කරන බවද අවධාරණය කර සිටියේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා වෙත ලිපියක් යොමු කරමින් කරමින් පවසා සිටින්නේ, රුසියානු සන්නද්ධ හමුදාවේ රසායනික, ජීව විද්‍යාත්මක සහ විකිරණ ආරක්ෂක බලකායේ ප්‍රධානියා වූ ලුතිතන් ජෙනරල් ඉගොර් කිරිලොව් ඝාතනය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කළ යුතු බවයි.

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

සහල් ආනයනය ප්‍රසම්පාදනය සඳහා වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත්තේ, රුපියල් දෙදහසකට නොවැඩි මුදලකට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමේ වැඩ පිළිවෙළ අවුල් කිරීමට එක්තරා බියර් නිෂ්පාදන සමාගමක් අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහ හිටපු සුරාබදු නිලධාරීන් පිරිසක් කුමන්ත්‍රණ කරමින් සිටින බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට ගෙනයාමට නම් ක්‍රම ක්‍රමයෙන් රජයේ බදු ආදායම් වැඩිකර ගත යුතුව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසයි.

මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා වත්මන් ආණ්ඩුව පොලීසියට පූර්ණ නිදහස ලබාදී ඇතයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පවසනවා.

බස්නාහිර පළාතේ පාසල් රජයේ පාසල් වල ගුරුවරුන්ට පළාත් අධ්‍යාපන මහත්තයංශය විසින් නිකුත් කර තිබූ චක්‍රලේකයක් අත්හිටුවීමට කටයුතු කර තිබේ.

ලුණු ආනයනය කිරීමට අදාළව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා තිබේ. රට තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග 2025 වසරේ පළමු කාර්තුවේ දී ලුණු හිඟයක් ඇතිවිය හැකි බවට නිරීක්ෂණයවීම හේතුවෙන් අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණි. 2025 වසරේ ජනවාරි මස 31 වනදා ට පෙර ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් එම ලුණු ආනයනය කර දේශීය ලුණු නිෂ්පාදකයින් මගින් වෙළෙඳපොළට සැපයීම සඳහා එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදෙනු ලැබීය. ඒ අනුව ලුණු ආනයනය කිරීම සඳහා සුදුසුකම්ලත් ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ටෙන්ඩර් කැඳවීම පසුගිය 21 වනදා ආරම්භ කර ඇති අතර ජනවාරි මස 02 වැනිදා දක්වා ඒ සඳහා කාලය ලබා දී ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. ලුණු ඍජුව ආනයනය කිරීම සඳහා දේශීය නිෂ්පාදකයින් විසින් අවසර ඉල්ලා තිබුණ ද එම කටයුතු රජයේ පාර්ශවයෙන් සිදුකිරීමට වෙළෙඳ අමාත්‍යංශය තීරණය කර ඇත. කෙසේවෙතත් ලුණු ආනයනය කිරීම සඳහා ජනවාරි මස 31 වනදා දක්වා පමණක් කාලය ලබා දී ඇති බැවින් ටෙන්ඩර් ක්‍රියාවලියෙන් පසු එම කටයුතු සඳහා ඉතිරිව පවතින්නේ ඉතා කෙටි කාලයක් වන බැවින් එම කාලය තුළ ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීම ප්‍රායෝගිකව දුෂ්කර ක්‍රියාවක් බවත් කර්මාන්තකරුවන් පෙන්වාදෙයි. නියමිත කාලයට පෙර ලුණු ආනයනය කිරීමට නොහැකි වුවහොත් ලුණු ආශ්‍රිත ඇතැම් නිෂ්පාදන සඳහා බාධා ඇතිවීමේ තත්ත්වයක් ද උද්ගත විය හැකි බව ඔවුන් පෙන්වාදෙයි. ඇතිවිය හැකි තත්ත්වය පාලනය කිරීම සඳහා ලුණු ආනයනය ක්‍රියාවලිය කඩිනම් කළ යුතු බව ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පවසයි.


ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.