News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං අද (26) දින පස්වරුවේ අභාවප්‍රාත්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයා වන මන්මෝහන් සිං දෙවරක් ඉන්දීය අගමැති ලෙසින් කටයුතු කර ඇති අතර ඔහු මියයන විට වයස අවුරුදු 92කි.

රාජ්‍ය නිලධාරීන් සඳහා පිළිගත නොහැකි තර්කානුකූල නොවන පදනමකින් සේවා ස්ථාන මාරු කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගය පවසයි.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර ඇතිකරගත් එකඟතාවයන් පිළිබඳව මේ වන විට සමාජය තුළ ආන්දෝලනයක් ඇති තිබෙන බවත්, ඉන්දීය විදේශ අමාත්‍යංශය විසින් එය ඒකාබද්ධ ප්‍රකාශනයක් ලෙස නිකුත්කර ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රාජ්‍ය බුද්ධි තොරතුරු අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

ඉකුත් දා සිදුවූ ජනාධිති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දියානු සංචාරයේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග අනුර කුමාර දිසානායක මහතා එකඟතා කිහිපයකට එළඹී ඇති බවත්, ඉන්දියානු ආණ්ඩුව ඒ පිළිබඳව ප්‍රකාශන කිිහිපයක් සිදුකර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම තුළ වැටුප් ලබන පොලිස් නිලධාරීන් සිටින බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

රට පුරා වගා හානි කරන රිලවුන් අල්ලා දූපතකට ගෙන ගොස් දැමීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය කටයුතු කර තිබේ.

රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවය (FSB) අද(25) ප්‍රකාශ කළේ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කරන ආරක්ෂක කර්මාන්ත ව්‍යවසායක ප්‍රධානියෙකුට එරෙහිව මොස්කව් කලාපයේදී යුක්රේන විශේෂ සේවා විසින් සැලසුම් කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරයක් සාර්ථකව වැළැක්වූ බවයි.


ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.