News Category
From Date
To Date
Maximum Number of Result

අභිනවයෙන් පත් වූ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පත්වීම භාරගත් පළමු දිනයේ සිටම කිසිදු හේතුවක් නොමැතිව කියුබාවට එරෙහිව චෝදනා එල්ල කරමින් සිටී.

ජනාධිපති ධුරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් අනවසර සංක්‍රමනිකයන් ඉලක්ක කර ගෙන යෑමට නියමිත "Operation Safeguard" මෙහෙයුම ලබන සතියේ චිකාගෝ නගරය ඉලක්ක කර ගනිමින් දැවැන්ත පිටුවහල් කිරීමේ සැලැස්මක් සහිතව ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එයට රේගු,ආගමන හා විගමන බලකායේ නියෝජිතයන් 150-200 ක් අතර පිරිසක් සම්බන්ධ වීමට නියමිතය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ. ඒ ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් බවයි පැවසෙන්නේ.

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ධුරයේ දිවුරුම් දී තිබේ.

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් අද (17) නියම කර ඇත.

පසුගියදා වොෂින්ටන් පරිපාලනය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන ලයිස්තුවෙන් කියුබාව ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන කියුබානු විදෙස් අමාත්‍යාංශය පවසන්නේ, වොෂින්ටනයේ ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයන්ගේ (SSOT) ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කිරීම සීමිත තීරණයක් බවයි.

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගෙන ඇති බව එරට දූෂණ විරෝධී ඒජන්සිය පවසයි.

චීනයේ රේගු සාමාන්‍ය පරිපාලනයේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2024 දී චීනයේ විදේශ වෙළඳාමේ මුළු වටිනාකම යුවාන් ට්‍රිලියන 43.85 ක වාර්තාගත ඉහළම අගයක් ගත් අතර එය වසරින් වසර සියයට 5 ක වර්ධනයක් සනිටුහන් කරයි.

ඩෙන්මාර්කය, ආක්ටික් භූ දේශපාලනයේ ව්ශ්මය ජනක වෙනසක් පෙන්නුම් කරමින්, එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ සැලසුම් වලින් ආරක්ෂා වීම සඳහා ඩෙන්මාර්කය රුසියාවේ උදව් ඉල්ලා සිටීන බවට එක්සත් ජනපදයට තර්ජනය කර ඇතැයි වාර්තාවේ. අනපේක්ෂිත රාජ්‍ය තාන්ත්‍රික පියවර සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන්නේ ග්‍රීන්ලන්තයේ භෞමික අඛන්ඩතාවය සහ ස්වෛරීභාවය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ ඩෙන්මාර්කය අතර උත්සන්න වන ආතතීන් මධ්‍යයේ ය.


ප්‍රධාන පුවත්

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.