ඉරානයට එරෙහිව ඊශ්රායලය ආරම්භ කළ යුද්ධය වොෂින්ටනයේ මැදිහත්වීමෙන් පසු නතර වී මාසයකටත් අඩු කාලයකට පසු පසුගිය 16 වනදා අධිකරණ නිලධාරීන් සමඟ පැවති රැස්වීමකදී එක්සත් ජනපදය සහ ඊශ්රායලය නැවත වරක් ඉස්ලාමීය ජනරජය සමඟ යුද්ධයක යෙදීමට තීරණය කළහොත් සුදුසු රාජ්ය තාන්ත්රික හා හමුදාමය පියවර ගැනීමට ඉරානය සම්පූර්ණයෙන්ම සූදානම් බව එරට උත්තරිය නායක අයතුලා අලි කමෙය්නි ප්රකාශය කළේය. එක්සත් ජනපදය ද දින 12 ක් තිස්සේ පැවැති යුද්ධයේදී එක් අවස්ථාවක ඉරානය සමඟ සෘජුවම යුද්ධයට සම්බන්ධ වූ අතර ඉරාන න්යෂ්ටික මධ්යස්ථානවලට පහර දුන්නේය.කෙසේ වුවද ඉරානය කලාපයේ වැදගත් ඇමරිකානු හමුදා කඳවුරක් වන කටාර්හි අල් උඩයිඩ් ගුවන් කඳවුරට පහර දීමෙන් ප්රතිචාර දැක්වීය.
පසුගිය ජූනි මාසයේදී ඊශ්රායලය ඉරානයට ප්රහාර එල්ල කිරීමට ආරාම්භ කළ වහාම ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්, පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් සහ අධිකරණ ප්රධානී ගෝලාම්-හොසේන් මොහ්සේනි-එජෙයි මෙන්ම අනෙකුත් ඉහළ ඉරාන ආරක්ෂක සහ හමුදා නිලධාරීන් යන රජයේ ශාඛා තුනේම ප්රධානීන් සහභාගී වූ සැසිය බටහිර ටෙහෙරානයේ පිහිටි ශක්තිමත් භූගත පහසුකමක පැවැත්විණි.
ලෝකය චීනයට බිය විය යුතුද? මෙය සමහර බටහිර දේශපාලනඥයන්ගේ මනසෙහි රැඳී ඇති ප්රශ්නයක් වන අතර ජන මාධ්ය වරින් වර අවධානයට ලක් කිරීමට උත්සුක වන ප්රශ්නයකි. සිංහුවා විශ්ව විද්යාලයේ ජාත්යන්තර ආරක්ෂාව සහ උපාය මාර්ග මධ්යස්ථානයේ ජ්යෙෂ්ඨ සාමාජිකයෙකු වන ෂෝ බෝ (චෞ), මෙම ප්රශ්නය සම්බන්ධයෙන් ඔහුගේ නව ග්රන්ථයේ මාතෘකාව කර ගෙන ඇති අතර, ඔහුගේ රචනා එකතුවක් හරහා එම ප්රශ්නයට පිළිතුරු සපයන අතරම, වත්මන් චීනයේ ජගත් භූමිකාව පිළිබඳ චීනයේම දැක්ම හෙළි කරනු ලබයි.
ප්රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්