ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයට ඊශ්‍රායලය එල්ල කළ අසාර්ථක ප්‍රහාරයේ ඇතුලාන්තය
පසුගිය ජූනි මාසයේදී ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට ආරාම්භ කළ වහාම ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්, පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් සහ අධිකරණ ප්‍රධානී ගෝලාම්-හොසේන් මොහ්සේනි-එජෙයි මෙන්ම අනෙකුත් ඉහළ ඉරාන ආරක්ෂක සහ හමුදා නිලධාරීන් යන රජයේ ශාඛා තුනේම ප්‍රධානීන් සහභාගී වූ සැසිය බටහිර ටෙහෙරානයේ පිහිටි ශක්තිමත් භූගත බංකරයක පැවැත්විණි.
සාකච්ඡාව පැවැති පරිශ්‍රයේ පැවැති සියලුම ගොඩනැගිලිව පිටවීම් වසා දැමීම, ලැබෙන වාතාශ්‍රය කපා හැරීම සහ සාකච්ඡාවට සහභාගි වූවන් කොටු කිරීම සඳහා ඊශ්‍රායල හමුදාව මිස්යිල හයක් යොදා ගනිමින් ප්‍රහාර එල්ල කළහ. එම ප්‍රහාරය ඊශ්‍රායලය හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඝාතනය කිරීම පිළිබිඹු කරන උපක්‍රමයකි.
ඊශ්‍රායලට ප්‍රහාරයට අව්ශ්‍ය බුද්ධි නිරවද්‍යතාවය තිබියදීත්, ඉරාන නිලධාරීන් කලින් සැලසුම් කළ හදිසි පතුවළක් හරහා පලා යාමට සමත් විය. එහෙත් ජනාධිපති පෙසෙෂ්කියන් ස්ථානයෙන් ඉවත් කිරීමේදී ඔහ්ගේ කකුලකට සුළු තුවාල සිදු විය.
ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් සහ ඉස්ලාමීය විප්ලවයේ නායක අයතුල්ලා සෙයිද් අලි කමේනිගේ අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය, ඉරානයේ ආරක්ෂක ප්‍රතිපත්ති සකස් කරනු ලබන්නේය. එහි සාමාජිකයින් 23 දෙනා අතරට ඉහළ හමුදා නිලධාරීන් ද ඇතුළත් වේ.
ඉරාන නිලධාරියෙකු ඊයේ(13) අල් ජසීරා වෙත පැවසූ පරිදි, ජුනි රැස්වීම "ඊශ්‍රායල ආක්‍රමණයට එරෙහිව සටන් කිරීම සඳහා උපායමාර්ගික තීරණ" කෙරෙහි අවධානය යොමු කර තිබුණි. කෙසේ වෙතත් ඉරානයේ ප්‍රධාන තීරණ ගන්නන්ගේ හිස ගසා දැමීම පිණිස ගනු ලැබූ ප්‍රධාන ඉලක්කයක් බවට පත් කර ගැනීමට ඊශ්‍රායල කටයුත් කර තිබුණි.
ඉරානයට එරෙහි ඊශ්‍රායලයේ දින 12 ක යුද්ධය අතරතුර මෙම ඝාතන උත්සාහය සිදු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරීන් කිහිප දෙනෙකු ඇතුළුව අවම වශයෙන් ඉරාන වැසියන් 1,060 ක් සිය ජීවිත පරිත්‍යාග කළ්හ. මෙම සංඛ්‍යාව 1,100 දක්වා ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවූ දිවි පිදූවන්ගේ සහ ප්‍රවීණයන්ගේ කටයුතු පිළිබඳ පදනමේ ප්‍රධානී සයීඩ් ඔහාඩි අනාවරණය කළේය.
ජුනි 13 වන දින ආරම්භ වූ සියොන්වාදී ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ ආක්‍රමණය සිවිල් න්‍යෂ්ටික පහසුකම්, නේවාසික ප්‍රදේශ සහ ගුවන් ආරක්ෂක ස්ථාන ද ඉලක්ක කළේය. එහෙත් බටහිර මාධ්‍ය සහ රජයන් එම ප්‍රහාරවල ඛේදජනක ප්‍රතිවිපාක පිළිබඳව ගැඹුරු නිහඬතාවයක ගිලී සිටිති.
රජය පෙරලා දැමීමේ අසාර්ථක කුමන්ත්‍රණය
ඉහළ නිලධාරීන් ප්‍රහාරයේ බරපතලකම මේ වන විට තහවුරු කර ඇත.
ස්වාධීන ඇමරිකානු මාධ්‍යවේදී ටකර් කාල්සන් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති පෙසෙෂ්කියන් මෙසේ පැවසීය: "ඔවුන් මාව ඝාතනය කිරීමට උත්සාහ කළා. ඒ අනුව ක්‍රියා කළා, නමුත් ඔවුන් අසාර්ථක වුණා."
ජනාධිපති උපදේශක මෙහ්ඩි ටබටබායි අල් මයාඩීන්ට පැවසුවේ ප්‍රහාරය හිතාමතාම යුද්ධයේ තීව්‍රම අවධියේදී සිදුවන "දේශපාලන සහ හමුදා නායකයින්ගේ රැස්වීමක්" ඉලක්ක කරගත් බවයි.
ගැටුමේ අවසාන දිනවල එක්සත් ජනපද-ඊශ්‍රායල "සටන් විරාම" ඉල්ලීම් කලාපීය අතරමැදියන් විසින් දැනුම් දුන් බවත් - එය ඉස්ලාමීය ජනරජය පෙරලා දැමීමට ඔවුන් අසමත් වීමෙන් පසු ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වීමේ ලකුණක් බවත් ඔමෙහ්ඩි ටබටබායි හෙළි කළේය.
වඩා ත්‍රාසය ඇති කරන ආකාරයෙන් , ඉරාන ජනාධිපතිවරයාගේ ඉහළම උපදේශක අලි ලරිජානි - ඊශ්‍රායලයේ පුළුල් වැඩපිළිවෙල හෙළි කළේය: "ඊශ්‍රායල ජාතිකයන් උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලය ට පහර දී ඉරානය අවසන් කිරීම සඳහා ඉස්ලාමීය විප්ලවයේ නායකයා ඝාතනය කිරීමට සැලසුම් කළා."
ඉරානයෙන් පලා යාමට හෝ දිවි පිදූ නිලධාරීන්ගේ "ඉරණම බෙදා ගැනීමට" තීරණය කරන ලෙස ඊශ්‍රායල බුද්ධි අංශවලින් ජුනි 12 වන දින තමාට පෞද්ගලිකව අවසාන නිවේදනයක් ලැබුණු බවද ලරිජානි පැවසීය.
ඊට අමතරව, ඉරානයට එරෙහි ආක්‍රමණය අතරතුර ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ සැලැස්ම පිළිබඳව හිටපු ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධානී මොහ්සෙන් රෙසායි රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී විස්තර කළේය.
“ඔවුන් මුලින්ම ඉලක්ක කළේ ඉස්ලාමීය විප්ලවයේ නායකයා සහ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ පුද්ගලයින් ඝාතනය කිරීමයි. ඉන් පසුව රට පුරා අවුල් සහගත තත්වයක් ඇති කිරීම, ත්‍රස්තවාදීන් ඉරානයට රිංගවීම සහ අවසානයේ රට බෝල්කනීකරනය කිරීම ඔවුන්ගේ උපාය වූවා.” රෙසායි පැවසීය.
නිර්නාමික ඉරාන නිලධාරියෙකු අල් ජසීරා වෙත පැවසුවේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයට එල්ල කළ ප්‍රහාරයේ අරමුණ යුද කාලීන උපාය මාර්ග සාකච්ඡා අතරතුර නායකත්වය ඉවත් කිරීමෙන් "රට අඩපණ කිරීම" බවයි.
ඝාතන උත්සාහයට "පිළිතුරක් නොලැබී නොතිබෙන" බව නිලධාරියා අවධාරණය කළේය.
Inside Israel’s botched attack on Iran's Supreme National Security Council
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්