News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයට ඊශ්‍රායලය එල්ල කළ අසාර්ථක ප්‍රහාරයේ ඇතුලාන්තය

Jul 14, 2025 at 03:43 PM
|

පසුගිය ජූනි මාසයේදී ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට ආරාම්භ කළ වහාම ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්, පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් සහ අධිකරණ ප්‍රධානී ගෝලාම්-හොසේන් මොහ්සේනි-එජෙයි මෙන්ම අනෙකුත් ඉහළ ඉරාන ආරක්ෂක සහ හමුදා නිලධාරීන් යන රජයේ ශාඛා තුනේම ප්‍රධානීන් සහභාගී වූ සැසිය බටහිර ටෙහෙරානයේ පිහිටි ශක්තිමත් භූගත බංකරයක පැවැත්විණි.

සාකච්ඡාව පැවැති පරිශ්‍රයේ පැවැති සියලුම ගොඩනැගිලිව පිටවීම් වසා දැමීම, ලැබෙන වාතාශ්‍රය කපා හැරීම සහ සාකච්ඡාවට සහභාගි වූවන් කොටු කිරීම සඳහා ඊශ්‍රායල හමුදාව මිස්යිල හයක් යොදා ගනිමින් ප්‍රහාර එල්ල කළහ. එම ප්‍රහාරය ඊශ්‍රායලය හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඝාතනය කිරීම පිළිබිඹු කරන උපක්‍රමයකි.

ඊශ්‍රායලට ප්‍රහාරයට අව්ශ්‍ය බුද්ධි නිරවද්‍යතාවය තිබියදීත්, ඉරාන නිලධාරීන් කලින් සැලසුම් කළ හදිසි පතුවළක් හරහා පලා යාමට සමත් විය. එහෙත් ජනාධිපති පෙසෙෂ්කියන් ස්ථානයෙන් ඉවත් කිරීමේදී ඔහ්ගේ කකුලකට සුළු  තුවාල සිදු විය.

ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් සහ ඉස්ලාමීය විප්ලවයේ නායක අයතුල්ලා සෙයිද් අලි කමේනිගේ අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය, ඉරානයේ ආරක්ෂක ප්‍රතිපත්ති සකස් කරනු ලබන්නේය. එහි සාමාජිකයින් 23 දෙනා අතරට ඉහළ හමුදා නිලධාරීන් ද ඇතුළත් වේ.

ඉරාන නිලධාරියෙකු ඊයේ(13) අල් ජසීරා වෙත පැවසූ පරිදි, ජුනි රැස්වීම "ඊශ්‍රායල ආක්‍රමණයට එරෙහිව සටන් කිරීම සඳහා උපායමාර්ගික තීරණ" කෙරෙහි අවධානය යොමු කර තිබුණි. කෙසේ වෙතත් ඉරානයේ ප්‍රධාන තීරණ ගන්නන්ගේ හිස ගසා දැමීම පිණිස ගනු ලැබූ ප්‍රධාන ඉලක්කයක් බවට පත් කර ගැනීමට ඊශ්‍රායල කටයුත් කර තිබුණි.

ඉරානයට එරෙහි ඊශ්‍රායලයේ දින 12 ක යුද්ධය අතරතුර මෙම ඝාතන උත්සාහය සිදු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරීන් කිහිප දෙනෙකු ඇතුළුව අවම වශයෙන් ඉරාන වැසියන් 1,060 ක් සිය ජීවිත පරිත්‍යාග කළ්හ. මෙම සංඛ්‍යාව 1,100 දක්වා ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවූ දිවි පිදූවන්ගේ සහ ප්‍රවීණයන්ගේ කටයුතු පිළිබඳ පදනමේ ප්‍රධානී සයීඩ් ඔහාඩි අනාවරණය කළේය.

ජුනි 13 වන දින ආරම්භ වූ සියොන්වාදී ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ ආක්‍රමණය සිවිල් න්‍යෂ්ටික පහසුකම්, නේවාසික ප්‍රදේශ සහ ගුවන් ආරක්ෂක ස්ථාන ද ඉලක්ක කළේය. එහෙත් බටහිර මාධ්‍ය සහ රජයන් එම ප්‍රහාරවල ඛේදජනක ප්‍රතිවිපාක පිළිබඳව ගැඹුරු නිහඬතාවයක ගිලී සිටිති.

රජය පෙරලා දැමීමේ අසාර්ථක කුමන්ත්‍රණය

ඉහළ නිලධාරීන් ප්‍රහාරයේ බරපතලකම මේ වන විට තහවුරු කර ඇත.

ස්වාධීන ඇමරිකානු මාධ්‍යවේදී ටකර් කාල්සන් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති පෙසෙෂ්කියන් මෙසේ පැවසීය: "ඔවුන් මාව ඝාතනය කිරීමට උත්සාහ කළා. ඒ අනුව ක්‍රියා කළා, නමුත් ඔවුන් අසාර්ථක වුණා."

ජනාධිපති උපදේශක මෙහ්ඩි ටබටබායි අල් මයාඩීන්ට පැවසුවේ ප්‍රහාරය හිතාමතාම යුද්ධයේ තීව්‍රම අවධියේදී සිදුවන "දේශපාලන සහ හමුදා නායකයින්ගේ රැස්වීමක්" ඉලක්ක කරගත් බවයි.

ගැටුමේ අවසාන දිනවල එක්සත් ජනපද-ඊශ්‍රායල "සටන් විරාම" ඉල්ලීම් කලාපීය අතරමැදියන් විසින් දැනුම් දුන් බවත් - එය ඉස්ලාමීය ජනරජය පෙරලා දැමීමට ඔවුන් අසමත් වීමෙන් පසු ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වීමේ ලකුණක් බවත් ඔමෙහ්ඩි ටබටබායි හෙළි කළේය.

වඩා ත්‍රාසය ඇති කරන ආකාරයෙන් , ඉරාන ජනාධිපතිවරයාගේ ඉහළම උපදේශක අලි ලරිජානි - ඊශ්‍රායලයේ පුළුල් වැඩපිළිවෙල හෙළි කළේය: "ඊශ්‍රායල ජාතිකයන් උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලය ට පහර දී ඉරානය අවසන් කිරීම සඳහා ඉස්ලාමීය විප්ලවයේ නායකයා ඝාතනය කිරීමට සැලසුම් කළා."

ඉරානයෙන් පලා යාමට හෝ දිවි පිදූ නිලධාරීන්ගේ "ඉරණම බෙදා ගැනීමට" තීරණය කරන ලෙස ඊශ්‍රායල බුද්ධි අංශවලින් ජුනි 12 වන දින තමාට පෞද්ගලිකව අවසාන නිවේදනයක් ලැබුණු බවද ලරිජානි පැවසීය.

ඊට අමතරව, ඉරානයට එරෙහි ආක්‍රමණය අතරතුර ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ සැලැස්ම පිළිබඳව හිටපු ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධානී මොහ්සෙන් රෙසායි රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී විස්තර කළේය.

“ඔවුන් මුලින්ම ඉලක්ක කළේ ඉස්ලාමීය විප්ලවයේ නායකයා සහ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ පුද්ගලයින් ඝාතනය කිරීමයි. ඉන් පසුව රට පුරා අවුල් සහගත තත්වයක් ඇති කිරීම, ත්‍රස්තවාදීන් ඉරානයට රිංගවීම සහ අවසානයේ රට බෝල්කනීකරනය කිරීම ඔවුන්ගේ උපාය වූවා.” රෙසායි පැවසීය.

නිර්නාමික ඉරාන නිලධාරියෙකු අල් ජසීරා වෙත පැවසුවේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයට එල්ල කළ  ප්‍රහාරයේ අරමුණ යුද කාලීන උපාය මාර්ග සාකච්ඡා අතරතුර නායකත්වය ඉවත් කිරීමෙන් "රට අඩපණ කිරීම" බවයි.

ඝාතන උත්සාහයට "පිළිතුරක් නොලැබී නොතිබෙන" බව නිලධාරියා අවධාරණය කළේය.

Inside Israel’s botched attack on Iran's Supreme National Security Council

සම්බන්ධිත පුවත් | Related News

අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට බලපෑ හැකි PHP ක්‍රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන තම වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කර ඇත.
සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.
බ්‍රිතාන්‍යයේ වාර්ෂික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේදී 3.5% දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය (ONS) නිකුත් කළ නවතම දත්ත වාර්තා කරයි.
ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.
විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගනිමින් සෞදි අරාබිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට රියාද් පාලනය තර්ජනය කර තිබියදීත්, හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ තෙල් යටිතල පහසුකම් සහ ගුවන් තොටුපළවල් ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටී.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.