News Category
From Date
To Date
Maximum Number of Result

ශක්තිමත් චීනයකට ලෝකය ආරක්ෂිත කළ හැකිය- සිංහුවා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ආරක්ෂාව සහ උපාය මාර්ග මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සාමාජික ෂෝ බෝ (චෞ),

Jul 13, 2025 at 07:02 AM
|

ලෝකය චීනයට බිය විය යුතුද? මෙය සමහර බටහිර දේශපාලනඥයන්ගේ මනසෙහි රැඳී ඇති ප්‍රශ්නයක් වන අතර ජන මාධ්‍ය වරින් වර අවධානයට ලක් කිරීමට උත්සුක වන ප්‍රශ්නයකි. සිංහුවා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ආරක්ෂාව සහ උපාය මාර්ග මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ෂෝ බෝ (චෞ), මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔහුගේ නව ග්‍රන්ථයේ මාතෘකාව කර ගෙන ඇති අතර, ඔහුගේ රචනා එකතුවක් හරහා එම ප්‍රශ්නයට පිළිතුරු සපයන අතරම, වත්මන් චීනයේ ජගත් භූමිකාව පිළිබඳ චීනයේම දැක්ම හෙළි කරනු ලබයි. ග්ලෝබල් ටයිම්ස්  වාර්තාකරු ලී අයික්සින් සමඟ පසුගියදා කළ සම්මුඛ සාකච්ඡාවකදී, ෂෝ පැවසුවේ ශක්තිමත් චීනයකට ලෝකය ආරක්ෂිත කළ හැකි බවත්, චීනය සමඟ කටයුතු කිරීමේ නරකම ක්‍රමය එය සතුරෙකු බවට පත් කිරීම බවත්ය.

ග්ලෝබල් ටෛම්ස්: Should the World Fear China? යන ඔබේ ග්‍රන්ථයේ මාතෘකාව ඉතා සෘජු හා අවධානය දිනා ගන්නා සුළු මාතෘකාවක්. ග්‍රන්ථයේ පෙරවදනේ , 2023 දී ජර්මානු සඟරාවක් වන Die Zeit සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ඔබෙන් අසන ලද පළමු ප්‍රශ්නය එය බවත්, එතැන් සිට ඔබට මෙම ප්‍රශ්නය අමතක කිරීමට නොහැකි වී ඇති බවත් ඔබ සඳහන් කරනවා. එම ප්‍රශ්නය ඔබට එතරම් අමතක නොවන ප්‍රශ්නයක් වූයේ ඇයි?

චෞ: චීනය සහ බටහිර රටවල් අතර කෙරෙන ගනුදෙන්වලදී මෙය මූලික ප්‍රශ්නයක් බව මම විශ්වාස කරනවා. එසේ වුවත්, චීනයේ නැගීම දැනටමත් යථාර්ථයකි. එහි නැගීම තවදුරටත් ප්‍රශ්නයක් නොවේ. චීනය අද ගෝලීය පද්ධතිය තුළ ගැඹුරින් මුල් බැසගෙන තිබුණද චීනය ආධිපත්‍යයක් උසුලන රටක් බවට පත් නොවී ශක්තිමත් රාජ්‍යක් බවට පත් වන්නේ කෙසේද යනුවෙන් බටහිර රටවල තවමත් අවිනිශ්චිතතාවයක් හෝ බියක් පවතිනවා.  ඔබ අප්‍රිකාවේ හෝ ලතින් ඇමරිකාවේ ජනතාවගෙන් චීනයේ නැගීම ගැන ඇසුවොත්, ඔවුන් ඒ සම්බන්ධයෙන් ඕනෑවට වඩා සිතන්නේ නැත. යම් විදියකින් ඔවුන් එසේ කරන්නේ නම්, ඔවුන් බොහෝ විට එය හොඳ දෙයක් ලෙස සලකන්වා. නමුත් බටහිර රටවලට, චීනයේ නැගීම බටහිර මානසිකත්වයට මූලික අභියෝගයක් එල්ල කරනවා. එම සිතුවිලිවල ගැටලුවක් තිබෙනවා. බටහිර රටවල බොහෝ දෙනෙක් ඊනියා ලිබරල් ජාත්‍යන්තර "පිළිවෙලක්" විශ්වාස කරනවා. චීනය කිසි විටෙකත් එවැන්නකට  මූලික වශයෙන් එකඟ වූයේ නැහැ. එහෙත්, ඔවුන් එම ඊනියා ලෝක අනුපිළිවෙල විශ්වාස කරන නිසා, චීනයේ නැගීම අනිවාර්යයෙන්ම ඔවුන්ගේ උපකල්පන සහ ඔවුන්ගේ ලෝක දැක්මට අභියෝග කරනවා.

ග්ලෝබල් ටෛම්ස්: ඔබ පෙන්වා දුන්නේ බටහිර මාධ්‍ය බොහෝ විට චීනය විස්තර කිරීමේදී "ආක්‍රමණශීලී" සහ "බලහත්කාරය" වැනි යෙදුම් භාවිතා කරන බවයි. නමුත් යථාර්ථය ඊට වඩා වෙනස් , 1979 සිට චීනය එක යුද්ධයකටවත් සම්බන්ධ වී නැහැ. ආපදා සහන, මුහුදු කොල්ලකෑම් නැවැත්වීමට ගන්නා උත්සාහයන් හෝ සාම සාධක මෙහෙයුම් වැනි ක්‍රියාමාර්ග හරහා චීනය සාමකාමී සහ වගකිවයුතු ආකල්පයක් දරන බව පෙන්නුම් කර තිබෙනවා. බටහිර මාධ්‍යවල මේවා සම්බන්ධයෙන් කලාතුරකින් සඳහන් වෙනවා. මේ සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද?

චෞ: මෙවැනි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන් හිතාමතාම අන්ධව සිටිනවා. සමහර විට බටහිරයන් "බලහත්කාර" හෝ "ආක්‍රමණශීලී" වැනි වචන භාවිතා කරමින් චීනයට අවමන් සහගත තර්ජනයකට ලක් කිරීමට උත්සාහ කරන බව මම විශ්වාස කරනවා. මන්ද ඔවුන්ට ආක්‍රමණයක් හෝ ආක්‍රමණයක් පිළිබඳ ප්‍රත්‍යක්ෂ උදාහරණයක් ලබා දිය නොහැකි නිසා.

නැගී එන බලවතෙකු ලෙස චීනයේ ආගමනය නියත වශයෙන්ම සාමකාමී සහ මානව ඉතිහාසයේ පෙර නොවූ විරූ දෙයක්. ලෝකය මෙයින් අදහස් කරන්නේ කුමක්ද? චීනයේ නැගීම දැනටමත් ලෝකයට පත්‍යක්ශ කර තිබෙනවා. අනාගතය කෙසේ වනු ඇති දැයි අපි  දන්නේ නැහැ. නමුත් මහපොලොවේ යතාර්ථයක් වී තිබෙන කරුණු මත පදනම්ව, ශක්තිමත් චීනයකට ලෝකය ආරක්ෂිත කළ හැකි බව අපට නිගමනය කළ හැකියි. චීනය වඩාත් බලවත් වන විට, ස්වයං සංයමයක් දිගටම පවත්වා ගතහොත් ලෝකය මානවයාගේ ආරක්ෂිත ස්ථානයක් බවට විය හැකිය.

උදාහරණයක් ලෙස, දකුණු චීන මුහුදේ, චීනය "ආක්‍රමණශීලී" හෝ "බලහත්කාර" වී ඇති ආකාරය සම්බන්ධයෙන් මිනිසුන් කතා කරනවා. නමුත් පැහැදිලි කාරණය නම් චීනය කිසි විටෙකත් කිසිදු ඇSEඇණ් සාමාජිකයෙකුට එරෙහිව බලය යෙදවීම සම්බන්ධයෙන් කිසිදු සඳහනක් කර නොමැති බවයි. චීන ප්‍රධාන භූමිය සහ තායිවාන් දූපත අතර, අපට සාමකාමී නොවන ක්‍රම භාවිතා කිරීමට සිදුවිය හැකි කොන්දේසි තුනක් තිබෙනවා. නමුත් ASEAN රටවල් සමඟ, අපි කිසි විටෙකත් බලය භාවිතා කිරීම සන්බන්ධයෙන් සාකච්ඡාව්කට අවතීර්ණ වී නැහැ. එබැවින්, චීනය පිලිපීනය සමඟ යුද්ධයකට යා හැකි යැයි සමහරුන් පැවසීම සම්පූර්ණයෙන්ම විකාරයක් බව කිව යුතුයි. එවැනි  කිසිසේත් යා හැකි යැයි මම විශ්වාස කරන්නේ නැහැ.

කාරණය ඉතාමත්ම සරලයි. ඔවුන් හිතාමතාම රෙනායි ජියාඕ හිදි නැව අවහිර කළා. එය සිදු වූයේ අදින් වසර 26 කට පෙරයි. චීනයට යමක් කිරීමට අවශ්‍ය නම්, මෙම සිදුවීම කොතරම් ප්‍රයෝජනයට ගත හැකි සිදුවීමක්ද? එය අප තුළ ස්වයං සංයමයක් තිබෙන බවට ඇති  පැහැදිලි උදාහරණයක්.

ග්ලෝබල් ටෛම්ස්: විදේශ කටයුතු සඟරාවේ ඔබ ලියූ ග්‍රන්ථය  සම්බන්ධයෙන් දිගු ග්‍රන්ථ සමාලෝචනයක් පලකර තිබෙනවා. එහි සඳහන් වන්නේ ඔබගේ ග්‍රන්ථය "අවුල් සහගත ලෝකයක වගකිවයුතු සහ ස්ථාවර ක්‍රීඩකයෙකු ලෙස චීනයට ප්‍රශංසා" ලබා දෙන බවයි. මේ අතර, එම සමාලෝචනය දකුණු චීන මුහුද සම්බන්ධයෙන්ද කරුණු දක් වන අතර, චීන වෙරළාරක්ෂක බලකාය ජල කාලතුවක්කු භාවිතා කිරීම හේතුවෙන් චීනය මෘදු ආලෝකයකට හෙළීම "ඇදහිය නොහැකි" බව කියා සිටිනවා. මෙම අදහස් පිළිබඳව ඔබේ මතය කුමක්ද?

චෞ: ජල කාලතුවක්කු භාවිතා කිරීම අවි බලය භාවිතා කිරීම නවතා ගැනීම සඳහා කළ නිශ්චිත යම් ආකාරයක වැළැක්වීමක් බව මම අවධාරණය කරනවා. සත්‍ය වශයෙන්ම,චීන ජාතිකයින්ට එරෙහිව බොහෝ විට බලය යෙදවූයේ පිලිපීන ජාතිකයන් බව මම ඔබට පැවසුවහොත් ලෝකය කුමක් සිතනු ඇත්ද? ප්‍රධාන බලවතෙකු වන චීනය සහ කුඩා රටක් වන පිලිපීනය අතර මෙම ගැටුම් සිදු වූයේ 2000, 2006 සහ 2013 දී, පිලිපීන වෙරළාරක්ෂක භටයින් චීන ප්‍රධාන භූමියෙන් සහ තායිවාන් දූපතෙන් පැමිණි චීන ධීවරයින් ඝාතනය කළ අවස්ථාවේදීයි. මෙම සිදුවීම් පහසුවෙන් අන්තර්ජාලයෙන් සොයා ගත හැකියි. නමුත් චීනය කිසිදු පිලිපීන ජාතිකයෙකු ඝාතනය කිරීමට උත්සාහ කළ බවට එක උදාහරණයක්වත් කෙනෙකුට මට ලබා දිය නොහැකියි. චීනය සහ පිලිපීනය අතර, ශක්තියේ කිසිදු සංසන්දනයක් නොතිබුණද - චීනය සැමවිටම පිලිපීනයට වඩා ශක්තිමත් වී සිටිනවා.

චීනය ජල කාලතුවක්කු භාවිතා කිරීම රූපවාහිනියේ ආකර්ෂණීය ලෙස පෙනෙන්නට පුළුවන්, විශේෂයෙන් චීනය ඉතා විශාල රටක් නිසා. නමුත් එය ඇත්ත වශයෙන්ම යම් ආකාරයක වැළැක්වීමක්. පිලිපීන ජාතිකයන් චීනයට අයත් ජල තීරයෙන්, චීන දූපත් සහ භූමියෙන්ලින් පලවා හැරීමට කළ මෙහෙයුමක්.

ග්ලෝබල් ටෛම්ස්: අපි දැන් චීන-ඇමරිකානු සබඳතා ගැන කතා කරමු. පවතින වෙළඳ යුද්ධයේදී හෝ වෙළඳ සාකච්ඡා අතරතුර ඔබ විශේෂයෙන් කැපී පෙනෙන අවස්ථා නිරීක්ෂණය කර තිබේද?

චෞ: චීනය දැන් කවරදාටත් වඩා ලීවරයක් හිමිකරගෙන සිටින නිසා, චීනය සමඟ කටයුතු කිරීම එක්සත් ජනපදයට වඩ වඩාත් දුෂ්කර වෙමින් පවතින බව මම විශ්වාස කරනවා. උදාහරණයක් ලෙස දුර්ලභ පාෂාන සලකන්න. මෙම ක්ෂේත්‍රයේදී චීනයට මෙතරම් බලවත් වාසියක් ලැබෙනු ඇතැයි එක්සත් ජනපදය අපේක්ෂා කළේ නැහැ. ඔවුන් ඒ ගැන ඕනෑවට වඩා විශ්වාස කළා. ඔවුන් මුළු ලෝකයටම එරෙහිව, විශේෂයෙන් චීනයට එරෙහිව තීරුබදු යුද්ධයක් දියත් කළේ එබැවිනුයි. එහි ප්‍රතිඵලය කුමක්ද? චීනය ඇසිපිය හෙළුවේ නැහැ. මුලින්ම ඇසිපිය හෙළුවේ චීනය නොවේ.

ග්ලෝබල් ටෛම්ස්: මෑත සම්මුඛ සාකච්ඡාවකදී, ඔබ නැපෝලියන් උපුටා දැක්වමින් "ඔබේ සතුරා වැරැද්දක් කරන විට කිසි විටෙකත් ඔහුට බාධා නොකරන්න." යන වදන පුනරුච්ඡාරණය කරනු ලැබුවා. නමුත් ඔබ පවසන්නේ එක්සත් ජනපදය චීනයේ සතුරා නොවන බවයි. මෙය ඉතා ඥානවන්ත ප්‍රකාශයක්. නමුත් එක්සත් ජනපදය වැරදි සිදු කරන අතරතුර - උදාහරණයක් ලෙස වෙළඳ යුද්ධයේදී - චීනයට බලපෑම් කරමින් සහ සුවිශේෂී නීති සම්පාදනය කිරීමේ ක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා එහි සහචරයින් පෙළගස්වන තත්වයක් තුළ, චීනය දැක්විය යුතු ඥානවන්ත ප්‍රතිචාරය කුමක්ද?

ෂෝ: චීනයට එරෙහිව තම සහචරයින් පෙළගැස්වීමේදී එක්සත් ජනපදය ඉතා සාර්ථක වනු ඇතැයි මම කිසි විටෙකත් විශ්වාස කරන්නේ නැහැ. චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ගැටුමක නරකම අවස්ථාවේදී ඇමරිකානු සහචරයින් කී දෙනෙක් ඇත්ත වශයෙන්ම එක්සත් ජනපද පැත්ත ගනීවිද?

සියලුම රටවල් අතරින්, අපට ලැයිස්තුවේ ඉහළින්ම ජපානය ගණන් කළ හැකිය. නමුත් ජපන් මහජන මතය පවා පෙන්නුම් කරන්නේ චීනය සහ ජපානය අතර සෘජු ගැටුමක් දැකීමට ඉතා සුළු පිරිසක් පමණක් කැමති බවයි. ඉන්පසු ඕස්ට්‍රේලියාව තිබෙනවා. න්‍යායාත්මකව කිවහොත්, තායිවාන් සමුද්‍ර සන්ධියේදී හෝ දකුණු චීන මුහුදේදී ඕස්ට්‍රේලියාව එක්සත් ජනපදයට සහාය වන්නේ නම් හැර චීනයට ඕස්ට්‍රේලියාව සමඟ ගැටුමක් ඇති කර ගැනීමට කිසිදු හේතුවක් නැහැ. කෙසේ වෙතත්, තායිවාන් සමුද්‍ර සන්ධියේදී ඇති විය හැකි ගැටුමකදී ඕස්ට්‍රේලියානු රජය පවා දැන් එක්සත් ජනපදය සමඟ හිට ගැනීම ප්‍රතික්ෂේප කරනවා.

එවිට ඔබ ලැයිස්තුවෙන් පහළට යන විට හමුවන අනෙක් රටවල් කවුද? දකුණු කොරියාව නිසැකවම කොරියානු අර්ධද්වීපය ගැන වඩාත් කනස්සල්ලට පත්වන අතර කොරියානු අර්ධද්වීපයේ සාමය සහ ස්ථාවරත්වය සඳහා ඔවුන්ගේ සැලකිල්ල සම්බන්ධයෙන් සෑම විටම චීනයේ උදව් පතනවා නිසැකයි. 

පිලිපීනය දැන් ආරක්ෂාව සඳහා කටයුතු කරමින් සිටිනවා. පිලිපීනය එක්සත් ජනපදයට කඳවුරු නවයක් විවෘත කරදි තිබෙනවා. නමුත් පිලිපීන ජාතිකයන් බොළඳ වී නැහැ. මන්ද ඔවුන් එක්සත් ජනපදයට මෙම කඳවුරු භාවිතා කිරීම සඳහා කොන්දේසි නියම කර තිබෙනවා. එක්සත් ජනපදය මෙම කඳවුරු වලින් ප්‍රහාර දියත් කළහොත්, පිලිපීන භූමිය ස්වයංක්‍රීයව චීන ප්‍රතිප්‍රහාර සඳහා ඉලක්කයක් බවට පත්වන බව ඔවුන් දන්නවා.

චීනයට ඉන්දු-පැසිෆික් කලාපයෙන් එක්සත් ජනපදය පලවා හැරීමට අවශ්‍ය බව එක්සත් ජනපදය විශ්වාස කරනවා. එක්සත් ජනපදය ද ඉන්දු-පැසිෆික් රටක්. චීනයට කෙනෙකු තම නිවසින් පලවා හැරිය හැක්කේ කෙසේද? චීනයට එවැනි අභිප්‍රායක් නැහැ. මෙය වැරදි විස්තරයක් වන අතර චීනය සමඟ කටයුතු කිරීමේ නරකම ක්‍රමය මෙයයි. එනම් සතුරෙකු හෝ අවම වශයෙන් තරඟකරුවෙකු නිර්මාණය කිරීම.

ග්ලෝබල් ටෛම්ස්: චීනය සහ එක්සත් ජනපදය කිසි විටෙකත් හොඳම මිතුරන් විය නොහැකි නමුත් ඔවුන්ට සතුරන් වීම වළක්වා ගත හැකි බව ඔබ පවසා තිබෙනවා. මෙම සන්දර්භය තුළ, ඵලදායී චීන-ඇමරිකානු සම්බන්ධතාවයක් කෙබඳු වනු ඇත්ද?

චෞ: ලෝකයේ වැදගත්ම සම්බන්ධතාවය ලෙස තර්ක කළ හැකි දෙය සඳහා මගේ හොඳම බලාපොරොත්තුව එක වචනයකින් සාරාංශ කළ හැකියි. කළමනාකරණය කළ හැකියි. ප්‍රශ්නය නම්: තරඟකරුවන්ට සහජීවනයෙන් සිටිය හැක්කේ කෙසේද යන්නයි.

එක්සත් ජනපදය සන්සුන් වී එහි පැරණි මානසිකත්වය නැවත සකස් කර ගැනීමට යම් කාලයක් ගතවනු ඇතැයි මම විශ්වාස කරනවා. මන්ද එක්සත් ජනපදය මේ වන විට එය "කන්දක් මත නගරයක්" නොවන බව වටහාගෙන තිබීමයි.

සමහර විට, එක්සත් ජනපදයට වඩාත්ම දුෂ්කර දෙය නම් ඔවුන්න් සාමාන්‍ය බුද්ධිය අමතක කිරීමට පිළඹීයි. එක්සත් ජනපදය තමන් ගැන "කන්දක් මත නගරයක්" ලෙස කතා කරන විට හෝ අත්‍යවශ්‍ය ජාතියක් යැයි කියා ගන්නා විට, එය යම් මූලික පොදු බුද්ධියකින් සම්බන්ධතාවක් නැති කර ගෙන ඇති බව මම විශ්වාස කරනවා. චීනය මෙන් එක්සත් ජනපදය හෝ මාලදිවයින වැනි කුඩා දූපත් ජාතියක් පවා මෙම ග්‍රහලෝකයේ බොහෝ රටවලින් එකක් පමණක් බව සාමාන්‍ය බුද්ධිය තුළ වටහා ගැනීමට හැකියි.

මම දීමට කැමති උදාහරණයක් මෙන්න: මාලදිවයින් වැසියන්ට බෙස්බෝල් ක්‍රීඩාංගන නැහැ. ඔවුන්ට මැක්ඩොනල්ඩ්ස් නැහැ. ඔවුන්ට හොලිවුඩ් නැහැ. නමුත් ඉතින් ඔවුන්ට කුමක් හෝ සිදු වී තිබෙනවාද? සෑම උදෑසනකම ඔවුන් අවදි වන විට, ලොව පුරා සංචාරකයින් මාලදිවයිනට පැමිණෙනු ඔවුන් දකින අතර, ඔවුන්ගේ රට කෙතරම් ලස්සනදැයි ඔවුන්ට පවසනවා. ඔවුන්ට ඔවුන්ගේම නියම ස්ථානයක් තිබෙනවා. සාගරයේ පමණක් නොව, මනුෂ්‍යත්වය තුළ ඒ ස්ථානය ඔවුන්ට හිමියි. ඒ දෘෂ්ටිකෝණයෙන් බලන කල, ඔවුන් විශාල රටවලට සමානයි.

අපි එක්සත් ජනපදයට වැඩි කාලයක් ලබා දුන්නොත්, ඔවුන්ට චීනයේ එක් හෝ වෙනත් ආකාරයකින් අවශ්‍ය බව මම විශ්වාස කරනවා. ජෝ බයිඩන් පරිපාලනය අතරතුර, යුක්රේනයේ යුද්ධයට උදව් කරන ලෙස එක්සත් ජනපදය චීනයෙන් ඉල්ලා සිටි ආකාරය ඔබට පහසුවෙන් මතක් කර ගත හැකියි. එලෙසම එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ චීනයෙන් උදව් ඉල්ලා සිටියේ ඉරාන ජාතිකයින්ට හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා නොදමන ලෙස ආයාචනය කරන්න. එක්සත් ජනපදයෙන් චීනය්ට බොහෝ ඇමතුම් නිරන්තරයෙන් ලැබෙනවා.

එයින් අදහස් කරන්නේ කුමක්ද? ඒ කියන්නේ සෑම ගැටලුවකදීම පාහේ චීනය සැබවින්ම අත්‍යවශ්‍ය බවයි.

A stronger China could make the world safer

සම්බන්ධිත පුවත් | Related News

කිසිදු භාණ්ඩයක් මෙරටට නොගෙන්වා, ව්‍යාජ ආනයන ගෙවීම් ලෙස අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස රටින් බැහැරට යවා ඇති බවට ශ්‍රී ලංකා රජය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එරට බලධාරීන් සමඟ මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළ බව Daily Mirror පුවත්පත වාර්තා කරයි.
ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් නැවතත් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට පළවන වාර්තාත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ.
සෞදි අරාබියේ දමාම් සහ රියාද් දක්වා ක්‍රියාත්මක සියලු ගුවන්ගමන් අත්හිටුවීම නොවැම්බර් පළමු වනදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රීලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේමැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට සිර දඬුවම් නියම වීමෙන් පසුව පූජ්‍ය ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් යළි නොවැම්බර් 18 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (22) නියම කළේය.
උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.
පවතින වැසි අධික කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 11ක් වාන් මට්ටමට පැමිණ තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැටි රුවක් සකසා මහසෝන් යක්ෂයා ආරූඪ කරමින් සහ හිස සත්කඩකට පැළී මියයන ලෙස ශාප කරමින් සිදුකරන මන්ත්‍ර හා යාතුකර්ම පිටුපස ඇත්තේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීමේ සෘජු කුමන්ත්‍රණකාරී චේතනාවක් බවත්, ඒ පිළිබඳව ආරක්ෂක අංශ වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවත් ‘ජන බලය සාමූහිකය’ සංවිධානය අවධාරණය කරයි.
අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට බලපෑ හැකි PHP ක්‍රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන තම වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කර ඇත.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට දිවයින පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.

ප්‍රධාන පුවත්

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.