රුසියාව-බටහිර ගැටුම පැනනගින්නේ දෘෂ්ටිවාදය නිසා නොවෙයි - පුටින්
බටහිර ජාතීන්ගේ ආධිපත්‍ය අභිලාෂයන් සහ රුසියාවේ ආරක්ෂක ගැටළු ප්‍රතික්ෂේප කිරීම මොස්කව් සහ බටහිර රටවල් අතර අඛණ්ඩ ගැටුමකට හේතු වී ඇති බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ(13) සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය. දෘෂ්ටිවාදාත්මක වෙනස්කම් යනු බටහිර භූ දේශපාලනික අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා යොදා ගන්නා කඩතුරාවක් පමණක් බව ඔහු පැවසීය.
සෝවියට් සංගමය බිඳවැටීම රුසියාව සහ බටහිර රටවල් අතර ආතතීන් සමනය කරනු ඇතැයි තමන් අපේක්ෂා කළ බවද පුටින් තවදුරටත් පැවසීය.
“[අප අතර] ප්‍රධාන එකඟ නොවීම් වලට හේතුව දෘෂ්ටිවාදී ස්වභාවයක් ඇති බව මම සිතුවා.” ඔහු පැවසීය. “එහෙත්, සෝවියට් සංගමය අතුරුදන් වූ විට… රුසියාවේ උපායමාර්ගික අවශ්‍යතා ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවේශය දිගටම පැවතුනා.” ඔහු අවධාරණය කළේය.
බටහිර නායකයින් සමඟ රුසියාවේ අපේක්ෂාවන් මතු කිරීමට ගත් උත්සාහයන් නිෂ්ඵල වූ බව ජනාධිපතිවරයා තවදුරටත් පැවසීය. “බටහිර රටවල් තීරණය කළේ… සෝවියට් සංගමයට සමාන බලයක් නොමැති රුසියාව සම්බන්ධයෙන් නීති රීති අනුගමනය කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවන බවයි.”
අන්‍යෝන්‍ය ආරක්ෂාව, ජාත්‍යන්තර ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සහ ප්‍රහාරාත්මක අවි සහ මිසයිල ආරක්ෂාව පිළිබඳ ගිවිසුම්වලට එළඹීම සම්බන්ධයෙන් මොස්කව්හි සියලු යෝජනා ප්‍රතික්ෂේප කළ බව පුටින් අවධාරණය කළේය. “එය හුදෙක් නොසැලකිල්ලම නෙවෙයි. එහි පදනම වූයේ යම් භූ දේශපාලනික ඉලක්ක කරා ළඟා වීමට ඇති පැහැදිලි ආශාවයි.”
“රුසියාව ස්වාධීන ස්වෛරී ජාතියක් ලෙස පෙනී නොසිටියහොත්, ඔවුනට ගණන් ගත නොහැකි බව පැහැදිලි වී තිබෙනවා,” ඔහු තවදුරටත් පැවසීය.
බටහිර ජාතීන් රුසියාව පාවා දී ඔවුන්ගේ පොරොන්දු ඉටු නොකළ බවට රුසියානු ජනාධිපතිවරයා චෝදනා කර යි. පසුගිය මාසයේදී ඔහු පැවසුවේ, එක්සත් ජනපදය ප්‍රමුඛ හමුදා කණ්ඩායම රුසියාවේ දේශසීමා වෙත ළඟා වන විට දශක ගණනාවක් තිස්සේ නේටෝ ව්‍යාප්තිය පිළිබඳව මොස්කව් වෙත "අශෝභන බොරු" කියා සිටි බවයි.
“රුසියාවට එරෙහිව තිබූ තාක් කල් සියල්ල හොඳින් තිබුණා,” යැයි පැවසූ පුටින් බටහිර ජාතීන් බෙදුම්වාදයට සහ රුසියාවට එරෙහිව යොමු කරන ලද ත්‍රස්තවාදයට පවා සහාය දී ඇති බවයි.
යුක්රේන ගැටුම පිටුපස ඇති ප්‍රධාන හේතු කියෙව්හි නේටෝ අභිලාෂයන් සහ යුක්රේනයට ලැබෙන බටහිර හමුදා ආධාර මොස්කව් පරිපාලනය විසින් ලැයිස්තුගත කර ඇත. 2022 මුල් භාගයේ ගැටුම් උත්සන්න වීමට පෙර, රුසියාව එක්සත් ජනපදයෙන් සහ නේටෝවෙන් සහතික ලබා ගැනීම මෙන්ම බටහිර රටවල් විසින් ප්‍රතික්ෂේප කරන ලද යුක්රේනය සඳහා නොබැඳි තත්ත්වය ලබා ගැනීමෙන් තම ආරක්ෂක ගැටළු විසඳීමට උත්සාහ කළ බවද පුටින් පැවසීය.
Russia-West clash not about ideology – Putin
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..