රුසියාවෙන් බේරෙන්න ට්‍රම්ප් යුක්රේනයට මිසයිල ආරක්ෂණ පද්ධතියක් දෙන්න තීරණය කරයි..
යුක්‍රේනයේ දිගුකාලීන ඉල්ලීමකට සහනයක් ලබාදෙමින් එරටට පේට්‍රියට් මිසයිල ආරක්ෂණ පද්ධති ලබාදීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
ට්‍රම්ප් මේරිලන්ඩ් හි ඒකාබද්ධ ඇන්ඩෲස් කඳවුරේදී මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය හමුවේ අදහස් පළකර තිබිණි.
යුක්‍රේනයට පේට්‍රියට් මිසයිල ආරක්ෂණ පද්ධති ලබාදෙන බව ට්‍රම්ප් පවසා ඇති නමුත් එලෙස ලබාදෙන සංඛ්‍යාව කොපමණ ද යන්න ඔහු පවසා නොමැත.
රුසියාව අමෙරිකාව සමග හොඳින් කටයුතු කළ ද ඔහු යුක්‍රේන ආක්‍රමණය අවසන් කිරීම සඳහා සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ මෙම තීරණය ගත් බව ට්‍රම්ප් පවසා තිබේ.
“පුටින් ඇත්ත වශයෙන්ම මිනිසුන් පුදුමයට පත්කරයි. ඔහු හොඳින් කතා කරයි, පසුව ඔහු සවස් වරුවේ සෑම කෙනෙකුටම බෝම්බ දමයි,” යනුවෙන් ට්‍රම්ප් එහිදී පැවසීය.
“ඉතින්, එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ඒකට කැමති නෑ.” යනුවෙන් ද ට්‍රම්ප් ජනමාධ්‍ය වෙත පැවසුවේය.
ට්‍රම්ප් කියා සිටියේ තමන් යුක්රේනයට යවන පේට්‍රියට් බැටරි සංඛ්‍යාව පිළිබඳව තමා තීරණය කර නොමැති නමුත් ඔවුන්ට ආරක්ෂාව අවශ්‍ය බැවින් ඔවුන්ට ඒවා ලැබෙනු ඇති බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්