News Category
From Date
To Date
Maximum Number of Result

මහාභාණ්ඩාගාරයේ මුදල් කොල්ලය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පවසන්නේ මේ හරහා ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන්, ඩිජිටල් තාක්ෂණය සම්බන්ධයෙන් මෙන්ම ආණ්ඩුව සම්බන්ධයෙන් ද දැවැන්ත ප්‍රශ්නාර්ථ තුනක් ඇති වී තිබෙන බවයි.

ශ්‍රී ලංකාවට අඩු මිලට ඛනිජ තෙල් සැපයීම සඳහා රුසියාවේ අමාත්‍යවරුන් දෙදෙනෙකු මෙරටට පැමිණ සාකච්ඡා වට කිහිපයක් පැවැත් වූ බවත්, එසේ වුවද ආණ්ඩුව තවමත් රුසියාවෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය බනිජ තෙල් මිළදී ගැනීමට කිසිදු සුදානමක් නැති බව පෙනෙන්නට ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.

රුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් "කුෂ් " සහ" හෑෂ් " මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණු චීවරධාරීන් විසිදෙදෙනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් සඳහන් කරන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකයකු මතුවන බවයි.

නුවරඑළිය මහ නගර සභාවේ වාර්ෂික සංවර්ධන ව්‍යාපෘති සඳහා වීදි ලාම්පු සවිකිරීම වෙනුවෙන් ලබාගත් රුපියල් මිලියන 9.7 (රුපියල් 97,31000.00) ක උපකරණ හා අමුද්‍රව්‍ය නුවරඑළිය මහ නගර සභාවේ මුදල් කාරක සභාවේ සභා අනුමතය ලැබීමට පෙර ගබඩාවට පැමිණ ඇති බවත් ඒ මහ නගර සභාවේ අනුමැතියකින් තොර සභා වාහනයකින්ම ගෙන්වා ඇති බවත් තාක්ෂණික නිලධාරියකු වෙනුවට ගිනිබටයෙකු විසින් තත්ත්වය පරීක්ෂා කර අත්සන් තබා බාර ගෙබ ඇති බැවත් ඒ ඔස්සේ මහා පරිමාණෙ මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවට සැක සහිත බව නුවරඑළිය මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ජූඞ් චාන්දන මැදගම පසුගිය මහ සභාවේදී අනාවරණය කළේය.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) නිල සංචාරයක් සඳහා රුසියාවේ මොස්කව් නුවර බලා පැමිණෙන බව රුසියානු විදේශ අමාත්‍යාංශය ඊයේ (26) තහවුරු කර තිබේ.

බුද්ධ චීවරය අවභාවිත කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදමින් භික්ෂු ප්‍රතිරූපකයින් පිරිසක් විසින් සිදුකරන ලද ශාසන විරෝධී හා නීති විරෝධී ක්‍රියාව තරයේ හෙළා දකිමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

වොෂින්ටන් හි 'වොෂින්ටන් හිල්ටන්' හෝටලයේ පැවැත්වෙමින් තිබූ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර වෙඩි හඬක් යැයි සැක කළ හැකි ප්‍රබල ශබ්ද කිහිපයක් ඇසීමත් සමඟ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලනියා ට්‍රම්ප් වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට රහස් ඔත්තු සේවා නිලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මහා භාණ්ඩාගාරයේ සිදුවූ බව කියන ඩොලර් මිලියන 2.5ක මංකොල්ලය වසා ගැනීමටත්, එහි වගකීම පහළ මට්ටමේ සේවකයින් වෙත පටවා නිදහස් වීමටත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා කටයුතු කරමින් සිටින බව හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් මහතා චෝදනා කරයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවූ භාණ්ඩාගාර ගෙවීමක් මගින් සිදුකළ මුදල් වංචාව පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.


දේශීය පුවත්

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියාට ඇප..

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලෙස නියෝග කර තිබේ.

ශිරන්ති රාජපක්ෂ ඔක්. 13 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි..

අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල අද (07) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබී්‍ය.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සමන්තභද්‍ර හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට කටයුතු කිරීමට වඩා, 1848 නිදහස් සටනේදී කුඩාපොළ හිමියන්ට සිදුකළාක් මෙන් උන්වහන්සේට ද සිවුර පිටින්ම වෙඩි තබා ඝාතනය කිරීම වඩාත් උචිත බව පිටිදූවේ සිරිධම්ම හිමි හෙවත් සමන්තභද්‍ර හිමියෝ ප්‍රකාශ කරති.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය.. බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් ලබන 21 දක්වා යළිත් රිමාන්ඩ්..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් බුද්ධි නිලධාරින් දෙදෙනෙක් ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (07) නියෝග කළේය.

ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝගේ ජන්ම ශතසංවස්සර සමරුව වෙනුවෙන් යාපනයේදී විශේෂ උත්සවයක්..

කියුබානු විප්ලවීය නායක ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝ ශ්‍රීමතාණන්ගේ ජන්ම ශතසංවස්සරය (1926 - 2026) සැමරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විශේෂ සැමරුම් උත්සවයක් 2026 ඔක්තෝබර් 16 වන දින පස්වරු 3.00 සිට 5.30 දක්වා යාපනය මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වේ.

සුගීෂ්වර ලබන 21 වැනිදා තෙක් යළිත් රිමාන්ඩ්..

ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර තවදුරටත් ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසෙන අද (07) නියෝග කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.