"සෝමවංශලා, විජේවීරලා එදා කරපු දේ අනුරගේ ආණ්ඩුවෙන් පාවා දෙනවාද?" - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්
ජනතා විමුක්ති පෙරමුණේ (JVP) නිර්මාතෘ රෝහණ විජේවීරයන් සහ පක්ෂය වෙනුවෙන් ජීවිතය පරදුවට තබා කටයුතු කළ සෝමවංශ අමරසිංහ වැනි නායකයන් එදා ආරක්ෂා කළ ප්‍රතිපත්ති, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජය යටතේ පාවා දෙමින් පවතිනවාද යන්න පිළිබඳව බරපතළ සැකයක් මතුවන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කියා සිටියේ, එදා ජනතා විමුක්ති පෙරමුණ රටේ ඒකීයභාවය සහ බෙදුම්වාදයට එරෙහිව දැඩි ස්ථාවරයක සිටිමින් විශාල කැපකිරීම් සිදුකළ පක්ෂයක් බවයි.
විශේෂයෙන්ම ඉන්දු-ලංකා ගිවිසුම සහ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා රට බෙදීමට ගිය අවස්ථාවලදී ඊට එරෙහිව දිවිහිමියෙන් සටන් වැදුණු ඉතිහාසයක් එම පක්ෂයට ඇති බවත් ඒ මහතා සිහිපත් කළේය.
කෙසේ වෙතත්, වත්මන් ජාතික ජන බලවේගය (NPP) රජය යටතේ එම පැරණි ප්‍රතිපත්ති සහ ස්ථාවරයන් වෙනස් වෙමින් පවතින බවත්, පැරණි නායකයන් දිවි පුදා රැකගත් දේශපාලන ස්ථාවරයන් වත්මන් පාලනය යටතේ දියකර හරිමින් පවතින බවත් වෛද්‍ය බණ්ඩාර මහතා චෝදනා කරයි.
රටේ ඒකීයභාවයට බලපෑම් එල්ල වන තීරණ හමුවේ වත්මන් රජය දක්වන මෘදු පිළිවෙත ප්‍රශ්නකාරී බවද සඳහන් කරන ඒ මහතා, ජනතාව විශාල බලාපොරොත්තු සහිතව පත්කරගත් මෙම රජය, එදා ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ මතවාදය නියෝජනය කරන්නේද නැතහොත් බලය වෙනුවෙන් පැරණි ප්‍රතිපත්ති පාවා දෙමින් සිටින්නේද යන්න පිළිබඳව රට හමුවේ පැහැදිලි කළ යුතු බවද අවධාරණය කර සිටියේය.
ඒ මහතා මේ බව පැවසුවේ සෝමවංශ අමරසිංහ මහතාගේ 10 වන ගුණානුස්මරණය වෙනුවෙන් විශේෂ වැඩසටහනකට එක්වෙමිනි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති