News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා පැවති මැයි දින රැලියක සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සෘජු මාර්ග සබඳතාවක් ඇති කරලීමේ කාලෝචිත අවශ්‍යතාව කොළඹදී පැවැති සම්මන්ත්‍රණයකදී ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් මතු කරන ලදී.

ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් මාස ගණනාවක් තිස්සේ 'වාණිජ රහස්' ලෙස හුවා දක්වමින් මහජනතාවගෙන් වසන් කිරීමට උත්සාහ කළ වර්තමාන රජය යටතේ ගෙන්වන ලද එයාර්බස් A330-200 (4R-ALT) ගුවන් යානය ලබා ගැනීමේ ගනුදෙනුවට අදාළ මූල්‍ය තොරතුරු දැන් හෙළිදරව් වී තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව (RTIC) විසින් ලබා දුන් තීරණාත්මක නියෝගයකට අනුව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ලබාදුන් තොරතුරු අනුව මෙම ගනුදෙනුව මිලදී ගැනීමක් නොව වසර 8 ක කාලසීමාවක් සඳහා වූ මෙහෙයුම් කල්බදු (Operating Lease) ගිවිසුමක් බව අනාවරණය වී ඇත.

පිිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.‍

ශ්‍රී ලංකා රජය මගින් ක්‍රියාත්මක කරන විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් පටිපාටිය තුළ බරපතල වංචාවක් සිදුව ඇති බවට චෝදනා කරමින් පෝලන්ත රජය ඒ පිළිබඳව යුරෝපා සංගමය (EU) වෙත පැමිණිලි කිරීමට සූදානම් වන බව ඩේලි මිරර් වාර්තා කරයි.

ආණ්ඩුව විසින් නඩු අසා අවසන්කර ඇති බවත්, අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට කිරීමට දෙයක් නැති බවත්, හිටපු ජනාධිපතිවරු සහ බොහෝදෙනා හිරේට යන වසර මෙය බව ජනාධිපතිවරයා පවසන බවත් ජානිපෙ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

පසුගිය අප්‍රේල් 26 වනදා තායිලන්තයේ සිට මෙරටට මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින භික්ෂූන් වහන්සේලා විසි නම මෙහෙයවා ඇත්තේ ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) ප්‍රබල ක්‍රියාකාරී භික්ෂුවක් බව සිංහල රාවය සංවිධානය පවසයි.

ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට අහිමි වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදල සම්බන්ධ විමර්ශන පුළුල් කරමින් ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (FBI) සහාය ලබා ගැනීමට විමර්ශකයින් පියවර ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කරයි.

කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් 2025 මාර්තු 07 වැනිදා ලංකා පිඟන් සංස්ථාවට අයත් මුලතිව් ප්‍රදේශයේ ඔඩ්ඩුසුඩාන් හි පිහිටි උළු හා ගඩොල් කර්මාන්ත ශාලාව නැවත විවෘත්ත කළ බවත්, එහෙත් එය රටම රැවටීමක් බවත් අන්තර්ජාල නාලිකාවක් මගින් තොරතුරු අනාවරණය කර තිබේ.


දේශීය පුවත්

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියාට ඇප..

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලෙස නියෝග කර තිබේ.

ශිරන්ති රාජපක්ෂ ඔක්. 13 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි..

අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල අද (07) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබී්‍ය.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සමන්තභද්‍ර හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට කටයුතු කිරීමට වඩා, 1848 නිදහස් සටනේදී කුඩාපොළ හිමියන්ට සිදුකළාක් මෙන් උන්වහන්සේට ද සිවුර පිටින්ම වෙඩි තබා ඝාතනය කිරීම වඩාත් උචිත බව පිටිදූවේ සිරිධම්ම හිමි හෙවත් සමන්තභද්‍ර හිමියෝ ප්‍රකාශ කරති.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය.. බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් ලබන 21 දක්වා යළිත් රිමාන්ඩ්..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් බුද්ධි නිලධාරින් දෙදෙනෙක් ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (07) නියෝග කළේය.

ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝගේ ජන්ම ශතසංවස්සර සමරුව වෙනුවෙන් යාපනයේදී විශේෂ උත්සවයක්..

කියුබානු විප්ලවීය නායක ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝ ශ්‍රීමතාණන්ගේ ජන්ම ශතසංවස්සරය (1926 - 2026) සැමරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විශේෂ සැමරුම් උත්සවයක් 2026 ඔක්තෝබර් 16 වන දින පස්වරු 3.00 සිට 5.30 දක්වා යාපනය මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වේ.

සුගීෂ්වර ලබන 21 වැනිදා තෙක් යළිත් රිමාන්ඩ්..

ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර තවදුරටත් ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසෙන අද (07) නියෝග කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.