News Category
From Date
To Date
Maximum Number of Result

මහාචාර්ය Jiang Xueqin විසින් ඉදිරිපත් කළ “The Nations That Will Collapse First: A Country-by-Country Economic Countdown” නම් YouTube සාකච්ඡාවේ දී ඒ මහතා විසින් ලෝක ආර්ථිකය දැන් භයානක නව අදියරකට පිවිසෙමින් ඇති බවත් අඩු මිලේ ශක්තිය (energy) අහිමි වෙමින් පවතින අතර, වෙළඳ මාර්ග බිඳ වැටෙමින් ඇති බවත් හෙළිදරව් කරයි.

ලංකාවේ බලශක්තිය නිෂ්පාදනයට අදාලව උපරිම දාරිතාව ලබාදිය හැකි ගල් අඟුරු ලංකාවට පැමිණ නැති බව මේ වන විට අනාවරණය වී ඇති බවත්, එනිසා ගල් අඟුරු හරහා විදුලිය නිෂ්පාදනය කිරීමේදී බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්ත පසුබෑමක් ඇතිවී තිබෙන බවත් දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.

මහා බැංකුවේ සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් වත්මන් මුදල් හා භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව නීතීඥ මෛත‍්‍රී ගුණරත්න මහතා අවධාරණය කරයි.

ඕස්ට්‍රේලියානු රජයේ ආයතනයකට ගෙවිය යුතු ඩොලර් මිලියන 2.5ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් අස්ථානගත වීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ රජිත කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන් "Truth with Chamuditha" නාලිකාව සමඟ පැවැත්වූ සංවාදයකදී කරුණු රැසක් අනාවරණය කර තිබේ.

තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයට අදාළව යාපනයේ ප්‍රදේශ කිහිපයක තමිල්නාඩු දේශපාලන නායකයන්ට සහාය දක්වන බැනර් ප්‍රදර්ශනය කර ඇති බවට පුවත් වාර්තා විය.

භාණ්ඩාගාරයේ මුදල් අමාත්‍යාංශය හරහා සිදුව ඇති ඩොලර් මිලියන 2.5කට අධික මූල්‍ය අක්‍රමිකතාවය හුදු පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වීමක් (Computer Hacking) නොව, රජයේ මූල්‍ය රෙගුලාසිවලට අනුව සම්පූර්ණ කළ යුතු පියවර 13ම අනුගමනය කරමින් සිදුකළ ගනුදෙනුවක් බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය සිදුවී කාලයක් ගතවන විට ප්‍රහාරකයා පවා වින්දිතයකු වූ බවත්, සහරාන්ලා ප්‍රහාරයට පැමිණීමට පෙර සිදුකළ දිවුරුමක් දැක්වෙන වීඩියෝවක් පාස්කු ප්‍රහාරයට පසු මාධ්‍ය මගින් ප්‍රදර්ශනය කිරීමේ දී එම ප්‍රහාරයට හේතුව ඔවුන් හෙළිකර ඇති බවත් ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා පවසයි.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට සයිබර් හැකර්වරුන් පිරිසක් අනවසරයෙන් ඇතුළු වී ඇති බව එම අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර සිටියි.

ජනතා විමුක්ති පෙරමුණ යනු පක්ෂයකට එහා ගිය මනෝභාවයක් බවත්, වර්තමාන පාලකයන්ට ඡන්ද ලැබුනේ එම සලකුණට මිස වෙනත් දෙයකට නොවන බවත්, එහෙත් අද වන විට එම පක්ෂයේ අතීත අභිමානය විනාශ කරමින් ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.


දේශීය පුවත්

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියාට ඇප..

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලෙස නියෝග කර තිබේ.

ශිරන්ති රාජපක්ෂ ඔක්. 13 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි..

අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල අද (07) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබී්‍ය.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සමන්තභද්‍ර හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට කටයුතු කිරීමට වඩා, 1848 නිදහස් සටනේදී කුඩාපොළ හිමියන්ට සිදුකළාක් මෙන් උන්වහන්සේට ද සිවුර පිටින්ම වෙඩි තබා ඝාතනය කිරීම වඩාත් උචිත බව පිටිදූවේ සිරිධම්ම හිමි හෙවත් සමන්තභද්‍ර හිමියෝ ප්‍රකාශ කරති.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය.. බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් ලබන 21 දක්වා යළිත් රිමාන්ඩ්..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් බුද්ධි නිලධාරින් දෙදෙනෙක් ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (07) නියෝග කළේය.

ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝගේ ජන්ම ශතසංවස්සර සමරුව වෙනුවෙන් යාපනයේදී විශේෂ උත්සවයක්..

කියුබානු විප්ලවීය නායක ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝ ශ්‍රීමතාණන්ගේ ජන්ම ශතසංවස්සරය (1926 - 2026) සැමරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විශේෂ සැමරුම් උත්සවයක් 2026 ඔක්තෝබර් 16 වන දින පස්වරු 3.00 සිට 5.30 දක්වා යාපනය මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වේ.

සුගීෂ්වර ලබන 21 වැනිදා තෙක් යළිත් රිමාන්ඩ්..

ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර තවදුරටත් ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසෙන අද (07) නියෝග කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.