News Category
From Date
To Date
Maximum Number of Result

බදු මග හැර නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද අඩු මිල පාවහන් ඉහළ යෑම හේතුවෙන් මෙරට පාවහන් කර්මාන්තය දැඩි අභියෝගවලට මුහුණ පා සිටී.

ප්‍රමිතියෙන් තොර ඖෂධ රජයේ රෝහල්වලට ගෙන්වා බෙදාහැරීම සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මාලිමාවේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉගෙන ගත් සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මධ්‍යම මහ විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණයේ දී උසස් පෙළ දරුවන්ට ලබා දුන් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රයට ජාතික ජන බලවේගයට සම්බන්ධ ප්‍රශ්න 5ක් අන්තර්ග කර ඇති බවත්, පාසල් දරුවන් දේශපාලනීකරණය කිරීමේ ආණ්ඩුවේ පළමු පියවර මෙයදැයි තමන් ප්‍රශ්න කරණ බවත් පිවිතුරු හෙළ උරුමය නායක සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ආචාර්ය ගුණදාස අමරසේකර මහතා යනු වරෙක වෛද්‍යවරයකු ද, තවත් වරෙක සාහිත්‍යධරයකු ද, තවත් වරෙක ජාතික විමුක්ති ව්‍යාපාරයේ නියමුවකු බවද, මෙසේ භූමිකා කිහිපයක් නියෝජනය කරන පුද්ගලයකු දැකගැනීම ඉතාමත්ම විරල බව ද මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්දරතන හිමියෝ පවසති.

ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් රචනාකරන ලද 'ගමනක ආවර්ජනා' කෘතිය ජාතික පාසල්වලට සහ ගුරුවිද්‍යාලවග පුස්තකාල සඳහා බෙදාහැරීමට අධ්‍යාපන අමාත්‍යංශයට බාරදීමේ උත්සවය අද පැවැත්විණි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ දැරීමේ කුමන්ත්‍රණයට මෙන්ම මෙරට රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති ෆර්හාඩ් ෂකේරි නැමැත්තා සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍යංශය ප්‍රතිචාර දක්වා තිබේ.

මහ මැතිවරණයට අදාළව ගෙයින් ගෙට ගොස් ප්‍රචාරක කටයුතු සිදු කිරීම ඇතුළු සියලු ප්‍රචාරක කටයුතු අද (11දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඊයේ (10දා) පැවැසීය.

1988-89 කාලයේ රාජ්‍ය අනුදැනුම ලත් අපරාධ සම්බන්ධයෙන් වහා විමර්ශනයක් ආරම්භ කර රෝහණ විජේවීර ඇතුළු මියගිය ජනතා විමුක්ති පෙරමුණේ විරුවන්ගේ ජීවිතවලට යුක්තිය ඉටුකරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

වත්මන් ආණ්ඩුව ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීම සම්බන්ධයෙන් පසුගිය 07 වනදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා කරුණු එලිදරව් කරණු ලැබීය. එයට ප්‍රතිචාර දක්වමින් පසුගිය 09 වනදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් ත්‍රිපෝෂ සමාගම ඈවර කරන බවට පුබුදු ජයගොඩ කළ හෙළිදරව්ව මුසාවක් බව පවසයි. එයට ප්‍රතිචාර දක්වමින් සිය මුහුණුපොතෙහි සටහනක් තබන පුබුදු ජයගොඩ සාක්ෂි සහිත ත්‍රිපෝෂ සමාගම විකුණන බව පෙන්වයි.


දේශීය පුවත්

ඕනෝර් ආයතනයේ සභාපති යාපනයේ තිස්ස විහාරය ගැන කළ ප්‍රකාශයට දැඩි විරෝධයක්.. (වීඩියෝ)

යාපනයේ තිස්ස රජමහා විහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් ඕනෝර් ආයතනයේ සභාපතිවරයා සිදුකළ විසින් කළ කතාවක් පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි විරෝධයක් නිර්මාණය වී තිබේ.

පොලීසියේ ලොකු පුටු මාරුවක්..

රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

බහාලුම් 323 ලැයිස්තුව ප්‍රසිද්ධ කරනවා... අපි සාක්ෂි නැතුව කවදාවත් කතා කරලා නෑ - CID ආ ගම්මන්පිල කියයි (වීඩියෝ)

බහාලුම් 323 ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බව අද(06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ගම්මන්පිල CIDයට..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

දරුණු ගණයේ සිරකරුවෝ 20ක් වෙසක් දා ජනපති සමා ලයිස්තුවෙන් ගෙදර යවලා..

ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට ලබාදුන් සිරකරුවන් 388 දෙනාගේ ලැයිස්තුවේ සිටි පිරිසේ සිරකරුවන් 20 දෙනකුට ආසන්න පිරිසක් වෙනුවට නිදහස් කිරීමට නොහැකි දරුණු ගණයේ අපරාධකරුවන් පිරිසක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් හොර රහසේම නිදහස් කර ඇති බව මේ වනවිට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..

හන්තාන ප්‍රදේශයේ පිහිටි රජය සතුව තිබූ වටිනා ඉඩමක් මාධ්‍යවේදීන් හා අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් අතර බෙදා දීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවීම් පවතින බව වාර්තා වෙයි.

නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු නියමිත දිනට කරන්න බැරි නෙලුම් මාවතේ හාල් කෑලි නිසාලු (වීඩියෝ)

වරාය අධිකාරියේ වත්මන් පරිපාලනයේ ආකාර්යක්ෂමතාව හේතුවෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා තවත් වසර එකහමාරක කාලයක් ගතවනු ඇති බවට වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ නියෝජිතයන් පසුගිය දා අනාවරණය කළේය.

රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..

‘විශාල බලාපොරොත්තු තබාගෙන පත්කරගත් රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙමින් පවතින බව කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග‍්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනු නායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ සඳහන් කරති.

විදුලි බිල වැඩි කරනවාදැයි බලන්න IMF ලොක්කෙක් දිවයිනට..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.