News Category
From Date
To Date
Maximum Number of Result

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපතිවර්යා ලෙස තේරී පත්වී යුක්රේන ගැටුම අවසන් කිරීමට ඉතා උනන්දුවෙන් උත්සාහ කළහොත් ඔහුට අවසානයේ අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ ඉරණම අත්විය හැකි බව හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙව් ප්‍රකාශ කරයි. හෙට(05) පැවැත්වෙන ජනාධිපතිවරණයේදී කවුරුන් බලයට පත්වුවද වොෂින්ටනය සහ මොස්කව් අතර සබඳතා වල මේවන විට තිබෙන ආතතිමය ස්වභාවය එලෙසම පවතිනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය .

පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබු පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කර තිබේ.

රටවල් දෙකක් ලෙස භූගෝලීය වශයෙන් දුරස්ථ වුවත්, චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය වසර 2,000කට වඩා වැඩි බවත්, ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටින අතර ශ්‍රී ලංකාවට විශ්වාසය තැබිය හැකි සැබෑ මිතුරෙකු සහ හොඳ හවුල්කරුවෙකු බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පවසයි.

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඇමැතිවරයා ආණ්ඩුව ණය ගෙන නොමැති බව ප්‍රකාශ කළ ද ශ්‍රී ලංකා මහ බැංකුව මගින් තම වෙබ් අඩවියේ ආණ්ඩුව විසින් ණය ගත් බව පැහැදිලිව සඳහන් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

න්‍යෂ්ටික බලය සහිත B-52H මූලෝපායික බෝම්බ හෙලිය හැකි යානා ගණනාවක් ඇතුළුව මැද පෙරදිගට අතිරේක හමුදා යෙදවීමට එක්සත් ජනපද හමුදාව සූදානම් වන බව පෙන්ටගනය නිවේදනය කර ඇත.

මෙවර මහ මැතිවරණය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට අදාළ සමාලෝචනය ප්‍රමාදවීම නිසා එම අරමුදලේ තුන්වන ණය වාරිකය ලැබීම ද ප්‍රමාද වනු ඇතැයි වාර්තාවේ.

අවශ්‍ය නම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට නැවත පාර්ලිමේන්තුවට පැමිණීමේ හැකියාව පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

රුසියාව "යුක්රේනයට එරෙහිව යුද්ධ කිරීමේදී සිය අවි පද්ධති සඳහා" භාවිතා කරනවා යැයි පැවසෙන භාණ්ඩ සහ සංරචක සැපයීම හේතුවෙන් ඉන්දියානු ආයතන සහ පුද්ගලයන් 19 දෙනෙකුට සම්බාධක පැනවූ බව එක්සත් ජනපදය නිවේදනය කරයි. ඉන්දියානු සමාගම් මෙන්ම වෙනත් රටවල සමාගම් සිය ගණනක් ද සම්බාධක පැනවීම සඳහා ඉලක්ක කර ඇත. පසුගිය ඔක්තෝබර් 30 වනදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටියේ රුසියාවට ගුවන් යානා සංරචක සැපයීම හේතුවෙන් ඉන්දියාව පදනම් කරගත් Ascend Aviation සහ Mask Trans යන ආයතන වලට සම්බාධක පනවන බවයි. Ascend Aviation ආයතනය "එක්සත් ජනපදයේ නිෂ්පාදිත" සමහර සංරචක විකුණා ඇතැයිද කියනු ලැබේ. සමාගම් දෙකෙහිම අධ්‍යක්ෂවරුන් ද සම්බාධක වලට යටත් කරන ලද්දේය.

ලෙබනන් සටන්කාමී කණ්ඩායමක් වන හිස්බුල්ලා සමඟ යුදෙව් රාජ්‍යයේ ගැටුම අවසන් කිරීම අරමුණු කරගත් සාම ප්‍රයත්නයන්ට රුසියාවේ සහභාගීත්වය ඊශ්‍රායලයට අවශ්‍ය බව,කලාපයේ සාමය සම්බන්ධ සාකච්ඡාවලට දායකත්වය දක්වන නිලධාරීන් උපුටා දක්වමින් ඊශ්‍රායල ‍Ynet ප්‍රවෘත්ති සේවය සහ තවත් ප්‍රාදේශීය ප්‍රවෘත්ති ආයතන කිහිපයක් වාර්තා කළහ. වාර්තා වලට අනුව, බටහිර ජෙරුසලම අපේක්ෂා කරන්නේ මොස්කව්හි මැදිහත්වීම ඇතිකරගන්නා එකඟතාවයන්වල අනාගත ස්ථාවරත්වය එක් කළ හැකි බවත් එක්සත් ජනපදය මත යැපීම අඩු කළ හැකි බවත්ය. “ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී සහ තවදුරටත් ගැටුම් උත්සන්න වීම වැළැක්වීම සඳහා රුසියානුවන්ට විශේෂ කාර්යභාරයක් ලැබෙනු ඇත.” ප්‍රවෘත්ති මූලාශ්‍රයක් ‍Ynet පුවත් සේවය වෙත පවසා ඇත. පුවත් වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ඊශ්‍රායලයේ හිටපු නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ඔර්නා මිස්රාහි නිව්ස්වීක් වෙත පැවසුවේ ඊශ්‍රායලය “ඇමරිකානුවන්ට වැඩි කැමැත්තක් දක්වන අතර” ඉරානය සමඟ රුසියාවේ “යහපත් සබඳතා” ලෙබනනය සම්බන්ධයෙන් ඇති කර ගත් ඕනෑම එකඟතාවයක අනාගත ස්ථාවරත්වයට දායක විය හැකි බව ඊශ්‍රායලය වටහා ගන්නා බවයි.


දේශීය පුවත්

පරීක්‍ෂා නොකර නිදහස් කළ බහාලුම් ලයිස්තුව මෙන්න..

රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් නිදහස් කරන ලද බහාලුම් 323 ලැයිස්තුවක් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් අද ඉදිරිපත් කලේය.

මහින්දානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්..

බරපතල වැඩ සහිතව හිර සිර දඬුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අදාල තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

ඕනෝර් ආයතනයේ සභාපති යාපනයේ තිස්ස විහාරය ගැන කළ ප්‍රකාශයට දැඩි විරෝධයක්.. (වීඩියෝ)

යාපනයේ තිස්ස රජමහා විහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් ඕනෝර් ආයතනයේ සභාපතිවරයා සිදුකළ විසින් කළ කතාවක් පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි විරෝධයක් නිර්මාණය වී තිබේ.

පොලීසියේ ලොකු පුටු මාරුවක්..

රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

බහාලුම් 323 ලැයිස්තුව ප්‍රසිද්ධ කරනවා... අපි සාක්ෂි නැතුව කවදාවත් කතා කරලා නෑ - CID ආ ගම්මන්පිල කියයි (වීඩියෝ)

බහාලුම් 323 ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බව අද(06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ගම්මන්පිල CIDයට..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

දරුණු ගණයේ සිරකරුවෝ 20ක් වෙසක් දා ජනපති සමා ලයිස්තුවෙන් ගෙදර යවලා..

ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට ලබාදුන් සිරකරුවන් 388 දෙනාගේ ලැයිස්තුවේ සිටි පිරිසේ සිරකරුවන් 20 දෙනකුට ආසන්න පිරිසක් වෙනුවට නිදහස් කිරීමට නොහැකි දරුණු ගණයේ අපරාධකරුවන් පිරිසක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් හොර රහසේම නිදහස් කර ඇති බව මේ වනවිට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..

හන්තාන ප්‍රදේශයේ පිහිටි රජය සතුව තිබූ වටිනා ඉඩමක් මාධ්‍යවේදීන් හා අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් අතර බෙදා දීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවීම් පවතින බව වාර්තා වෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.