News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩු විසින් අධිකරණය පිළිබඳ විශ්වාසය බිඳහෙළන ආකාරයේ සිදු කළ ප්‍රකාශ තරයේ හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා සලකා බලමින් සිටින බව වාර්තා වෙයි.

ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ.

භාන්ඩාගාරයේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂගේ අබිරහස් මරණය සහ ඒ හේතුවෙන් ඩොලර් කොල්ලය පිළිබඳව සිදු කෙරෙන විමර්ශනවලට සිදු වන බලපෑම සම්බන්ධයෙන් ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා අන්තර්ජාල වීඩියෝවකින් කරුණු රැසක් අනාවරණය කර තිබේ.

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක (රුපියල් කෝටි 80කට අධික) මුදලක් ඕස්ට්‍රේලියානු ව්‍යාජ ගිණුමකට බැර කිරීමේ මහා පරිමාණ මූල්‍ය වංචාව හුදු තාක්ෂණික දෝෂයක් නොව, ඉහළ පෙළේ නිලධාරීන්ගේ අනුදැනුම මත සිදුවූ මහා පරිමාණ හොරකමක් බවත්, එහි වගකීම පහළ මට්ටමේ නිලධාරීන් මත පටවා, ඔවුන්ට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සලස්වන “නරබිලි” දෙන පාලනයක් වත්මන් ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වන බවත් වීරවංශ මහතා අවධාරණය කළේය.

ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරකවරුන් ලෙස දේශපාලන නියෝජිතයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායකට ලිඛිතව දැනුම් දී තිබේ.

ලංකාවේ ජනතාවගේ ඇඟිලි සලකුණු හා ඇස් අසාදු ලේඛනගත ඉන්දියානු සමාගමකට ලබාදීමේ ආණ්ඩුවේ සැලසුමක් ඇතැයි ජන අරගල ව්‍යාපරයේ වසන්ත මුදලිගේ මහතා පැවසීය.

ශ්‍රී ලංකාන් ගුවන් සමාගෙම් සභාපති තනතුර සඳහා අවුරුදු 84ක් වූ පීටර් හිල් නමැති සුදු ජාතිකයා පත්කිරීමට සූදානමක් ඇති බවට තොරතුරු පළ වන බවත් මේ වන විට එම ගුවන් සමාගමේ පුරප්පාඩුවී පවතින ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීම් අවසන් අදියරේ පවතින බවත් සමාජ මාධ්‍ය නාලිකාවක් තොරතුරු අනාවරණය කරමින් පවසයි.

ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදී ඉන්ධන මිල සුළු ප්‍රමාණයකින් ඉහළ දැමීමට සිදුවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.


දේශීය පුවත්

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියාට ඇප..

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලෙස නියෝග කර තිබේ.

ශිරන්ති රාජපක්ෂ ඔක්. 13 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි..

අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල අද (07) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබී්‍ය.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සමන්තභද්‍ර හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට කටයුතු කිරීමට වඩා, 1848 නිදහස් සටනේදී කුඩාපොළ හිමියන්ට සිදුකළාක් මෙන් උන්වහන්සේට ද සිවුර පිටින්ම වෙඩි තබා ඝාතනය කිරීම වඩාත් උචිත බව පිටිදූවේ සිරිධම්ම හිමි හෙවත් සමන්තභද්‍ර හිමියෝ ප්‍රකාශ කරති.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය.. බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් ලබන 21 දක්වා යළිත් රිමාන්ඩ්..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් බුද්ධි නිලධාරින් දෙදෙනෙක් ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (07) නියෝග කළේය.

ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝගේ ජන්ම ශතසංවස්සර සමරුව වෙනුවෙන් යාපනයේදී විශේෂ උත්සවයක්..

කියුබානු විප්ලවීය නායක ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝ ශ්‍රීමතාණන්ගේ ජන්ම ශතසංවස්සරය (1926 - 2026) සැමරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විශේෂ සැමරුම් උත්සවයක් 2026 ඔක්තෝබර් 16 වන දින පස්වරු 3.00 සිට 5.30 දක්වා යාපනය මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වේ.

සුගීෂ්වර ලබන 21 වැනිදා තෙක් යළිත් රිමාන්ඩ්..

ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර තවදුරටත් ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසෙන අද (07) නියෝග කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.