“නීතිපති ඉදිරිපත් කළ ඡායාරූප ද්වේෂසහගතයි.. කිසිදු වාර්තාවක ගෝඨාගේ නම නෑ.. අසාද් මවුලානාගේ ප්‍රකාශ මත අත්අඩංගුවට ගන්නේ කොහොමද?..”-ගෝඨාභයගේ නීතිඥයා අභියාචනාධිකරණයේදී කියයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම ඊයේ දෙවන දිනටත් අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම සිදුවිය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායකගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලිණි.
මෙහිදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ, පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් කොමිසම, හිටපු මහාධිකරණ විනිසුරු ජයකී ද අල්විස් කොමිසම මෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවල කිසිදු ස්ථානයක ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන්ව නොමැති බවයි.
එසේම, පාස්කු ප්‍රහාරයේ රාජකාරි පැහැරහැරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ නඩු තීන්දුවෙහි ද හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් එක් වචනයක් හෝ සඳහන්ව නොතිබූ බව ජනාධිපති නීතිඥවරයා පෙන්වාදුන්නේය.
සහරාන් හෂීම්ගේ අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව 2017 වසරේ සිටම බුද්ධි අංශ විසින් දැනුවත් කර තිබූ අතර, ඒ පිළිබඳ විමර්ශන ගොනුවක් පොලීසිය විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබුණ ද ඊට අදාළව කිසිදු විමර්ශනයක් සිදු නොකළ බවත්, එලෙස වගකීම් විරහිතව කටයුතු කළ අය වර්තමානයේ ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවටත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.
මීට අමතරව, ඇමරිකාවේ එෆ්.බී.අයි ආයතනයේ 33 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙරටට පැමිණ සාක්ෂි සටහන් කරගැනීම සහ ඩිජිටල් සාක්ෂි රැස්කිරීම වැනි අංශ ඔස්සේ පුළුල් විමර්ශනයක් සිදුකළ බව ද ඔහු සඳහන් කළේය.
වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කර ඇති සීමිත විරෝධතා සමඟ අසාද් මවුලානා නමැත්තාගේ ප්‍රකාශයක පිටපතක් සහ ඡායාරූප කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි පෙන්වා දුන් රොමේෂ් ද සිල්වා, පිල්ලයාන් සහ කරුණා පාර්ශව සමඟ සිය සේවාදායකයා දේශපාලන කටයුතුවල නිරතවීමේදී සාමාන්‍ය පරිදි ගනු ලැබූ ඡායාරූප කිහිපයක් මෙලෙස ඉදිරිපත් කර ඇති බවත්, නීතිපති දෙපාර්තමේන්තුව මෙම ඡායාරූප ඉදිරිපත් කළේ මූලුමනින්ම ද්වේෂ සහගතව හා වංක චේතනාවකින් බවත් අවධාරණය කළේය.
අසාද් මවුලානා යනු දේශපාලන රැකවරණ පතා ස්විට්සර්ලන්තයට පළාගොස් ජීවත් වන පුද්ගලයෙකු බවත්, ඔහු බ්‍රිතාන්‍යයේ ‘චැනල් ෆෝ’ නාලිකාවට සිදුකළ ප්‍රකාශය හරහා මෙරට අධිකරණ පද්ධතියම දූෂිත බවට බරපතළ චෝදනා එල්ල කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය, පැහැරගැනීම් ඇතුළු සියලු අපරාධ රාජපක්ෂවරුන් පිට පැටවීමට ක්‍රියා කරන, පිල්ලයාන්ගේ ලේකම්වරයා ලෙස කටයුතු කළ මෙවැනි පුද්ගලයෙකුගේ ප්‍රකාශ මත පදනම්ව සිය සේවාදායකයා අත්අඩංගුවට ගන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.
පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීම් ලබන ජූලි මස 06 වනදා සහ 09 යන දින වලට කල් තැබිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ වසරේ සිට අහෝසි කරනවා.. - ජනාධිපති
භාණ්ඩාගාර කොල්ලයෙන් IMF ගිවිසුමට බලපෑම් වන බව දන්වයි.. ඕස්ට්‍රේලියාවට 2.5 million USDයලි ගෙවන්න ලංකාව එකඟ වෙයි..
“නීතිපති ඉදිරිපත් කළ ඡායාරූප ද්වේෂසහගතයි.. කිසිදු වාර්තාවක ගෝඨාගේ නම නෑ.. අසාද් මවුලානාගේ ප්‍රකාශ මත අත්අඩංගුවට ගන්නේ කොහොමද?..”-ගෝඨාභයගේ නීතිඥයා අභියාචනාධිකරණයේදී කියයි
භූමිකම්පාවෙන් පසු වෙනිසියුලාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ..
16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට..
"සෝමවංශ රැකපු උරුමය අනුරට අත්හරින්න බෑ".. - උවිදු විජේවීර
"සෝමවංශලා, විජේවීරලා එදා කරපු දේ අනුරගේ ආණ්ඩුවෙන් පාවා දෙනවාද?" - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්
පාස්කු දා ප්‍රහාරයේ මහ නඩුවේ තීරණාත්මක තීන්දුවක්.. නවුෆර් මවුලවිගේ කටඋත්තරය ස්වේච්ඡාවෙන් දුන් බව තහවුරු කෙරේ..
ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද..
ඇමරිකානු උප ජනපතිගේ මුහුණවත් නොබලා ඉරානය නැඟිටලා ආවේ ඇයි? ඉරාන - ඇමරිකානු ගැටුම සහ නව ලෝක දේශපාලන ප්‍රවණතා ගැන උවිඳු විජේවීරගෙන් විග්‍රහයක්
විනිසුරුවරුන් අටදෙනකු පත් කිරීමට පියවර නොගැනීමෙන් ජනපති අනුර ලොවෙත් නැති වාර්ථාවක් තියලා.. - අජිත් පී. පෙරේරා
ලංකා ගොඩබිම් පාලම් ව්‍යාපෘතිය අරඹන්න ඉන්දියාව සූදානමින්..
"සමහර පියතුමන්ලාට වඩා සුරේෂ් සලේ රටට වැඩක් කළ කෙනෙක්" – විජයදාස රාජපක්ෂ
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..
පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියා වෙලා තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි කාදිනල්තුමන්.. - උදය ගම්මන්පිල
හාල් ඇටයක්වත් ගේන්නේ නැහැ කියපු ගොවි පුත්තු හතරදෙනා එකතු වෙලා අද ගොවියන්ව නන්නත්තාර කරලා.. වී මිල රැකීමට සහ ගොවියා ණය බරින් මුදවා ගැනීමට “ගොවිජන බැංකුව” වහාම පණ ගන්වනු! - ජයන්ත සමරවීර