News Category
From Date
To Date
Maximum Number of Result

වෙනිසියුලාවේ භූමිකම්පාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජාතික සංවිධාන රැසකගෙන් ශෝක ප්‍රකාශයක්..

Jun 26, 2026 at 12:53 PM
|

වෙනිසියුලාවේ උතුරු මැද වෙරළබඩ ප්‍රදේශයක් වන 'ලගවයිරා' (La Guaira) ප්‍රාන්තයේ සිදු වූ දරුණු භූමිකම්පාවෙන් පීඩාවට පත් ජනතාවට සහ එරට බොලිවේරියානු රජය වෙත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ජාතික සංවිධාන කිහිපයක් සිය සාතිශය සංවේගය පළ කර තිබේ.

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවයේ ලේකම් ජීවන්ත ජයතිස්ස,  අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදයේ කැඳවුම්කරු සුමිත් වන්නිආරච්චි සහ දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර යන මහත්වරුන්ගේ එකතුවෙන් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගුස් මැතිණිය වෙත මෙම නිල ශෝක ප්‍රකාශය යොමු කර ඇත. 

ඉන්දියාවේ සිටින වෙනිසියුලානු තානාපතිනි කපායා රොඩ්‍රිගුස් ගොන්සාලෙස් මැතිණිය හරහා මෙම ලිපිය රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් භාරදීමට කටයුතු යොදා තිබේ.

එම ඒකාබද්ධ නිවේදනය මඟින් ඔවුන් පෙන්වා දෙන්නේ, වෙනිසියුලානු ජනතාවගේ ආදරණීය නායකයා වන ජනාධිපති නිකොලස් මදුරෝ ඇමෙරිකානු බලවේග විසින් පැහැරගෙන ගොස් හරියටම දින 172ක් ගතවන මොහොතක මෙම ස්වභාවික විපත සිදුවීම එරට ජන ජීවිතයට එල්ල වූ දැඩි පීඩනයක් බවයි.

කෙසේ වෙතත්, ඓතිහාසිකව ඕනෑම ව්‍යසනයක් දරාගනිමින් ඉදිරියට යා හැකි ශක්තිමත් ජාතියක් ලෙස වෙනිසියුලානු වැසියන්ට මෙම අභියෝගයටද සාර්ථකව මුහුණ දිය හැකි බව තමන් විශ්වාස කරන බව එම සංවිධාන පවසයි. එමෙන්ම, මෙම දුෂ්කර අවස්ථාවේදී වෙනිසියුලාවට මානුෂීය ආධාර සැපයීමට ලතින් ඇමෙරිකානු කලාපයේ සෙසු රටවල් ඉදිරිපත් වීමද ඔවුන්ගේ අගය කිරීමට ලක්ව ඇත.

නිවේදනයේ සිංහල සහ ඉංග්‍රීසි පිටපත් පහළින්..

ගරු වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගුස් මැතිණිය,

වෙනිසියුලාවේ බොලිවේරියානු මහජන සමූහාණ්ඩුව,

වෙනිසියුලාව.

ඉන්දියාවේ වෙනිසියුලානු තානාපතිනි

ගරු කපායා රොඩ්‍රිගුස් ගොන්සාලෙස් මැතිණිය මගින්,

ගරු ජනාධිපති තුමියනි,

වෙනිසියුලාවේ උතුරු මැද වෙරලබඩ පලාතක් වූ  La Guaira ප්‍රාන්තයේ ඇතිවූ දරුණු භූමි කම්පාවෙන් වෙනිසියුලානු ජනතාවට සිදුවූ හානිය සම්බන්ධයෙන් කණගාටුව පල කිරීම සඳහායි.

පසුගිය බදාදා (24) වෙනිසියුලාවේ උතුරු මැද වෙරලබඩ පාලාතේ  La Guaira ප්‍රාන්තයේ ඇතිවූ දරුණු භූමි කම්පාව පිළිබඳව මාධ්‍ය මගින් දැනගන්නට ලැබුණු අතර භූමි කම්පාව හේතුවෙන් සිදුවූ හානි දැක අප අතිශය කම්පනයට පත් වුනෙමු. වෙනිසියුලානු ජනයාගේ සදාදරණීය නායකයා ජනාධිපති නිකොලොලොස් මදුරෝ අමෙරිකානු ආක්‍රමණිකයා විසින් පැහැරගෙන ගොස් හරියටම දින 172ක් ගතවන දිනයේදී වෙනිසියුලාවේ සිදුවූ මෙම ස්වභාවික විපත වෙනිසියුලානු ජන ජීවිතයට දැඩි පීඩනයක් ඇති කළ ස්වභාවික ආපදාවක් බව අපගේ පිළිගැනීමයි. මේ අතිශය සංවේදී මොහොතේදී වෙනිසියුලාවෙන් සැතපුම් දහස් ගණනක් එපිටින් සිටින ශ්‍රී ලාංකිකයන් වන අප වෙනිසියුලාවේ බොලිවේරියානු රජයටත්, එහි නායකයා ලෙස ඔබ තුමියටත් පීඩාවට පත් ජනයාටත් අපගේ සාතිශය කණගාටුව පල කරමු. ඓතිහාසිකව ව්‍යසනයන් දරා ගනිමින් ඉදිරියට යා හැකි ජාතියක් බව ලොවට පෙන්වා දුන් ජාතියක් ලෙස වෙනිසියුලානු ජනයාට මේ ව්‍යසනයට සාර්ථකව මුහුණ දී ගැලවී යා හැකි බව අපගේ දැඩි විශ්වාසයයි.

එලෙසම ලතින් අමෙරිකාවේ විවිධ රටවල නායකයින් සහ ජනතාව වෙනිසියුලානු ජනයාට මේ ව්‍යසනයෙන් මිදීමට අවශ්‍ය සහය පලකරමින් මානුෂීය ආධාර ලබාදීමට පෙරට පැමිණ සිටිනු දැකීම අපගේ සිත් සතුටු කරවන බවද දන්වා සිටීමට මෙය අවස්ථාවක් කරගනිමු.

අවසාන වශයෙන් මේ ව්‍යසනයෙන් මිදීමට වෙනිසියුලානු ජනතාවගේ නායකයා ලෙස ඔබටත් වෙනිසියුලාවේ බොලිවේරියානු රජයටත් එහි ජනතාවටත් ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

ස්තුතියි.

සම්බන්ධිත පුවත් | Related News

​ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ජන රැළි, රටේ දැවෙන ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පැවැත්වෙන හිස් “චූන් පාන් සන්දර්ශන” පමණක් බවත්, පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව සිදුකර ඇත්තේ මැතිවරණ පොරොන්දු සියල්ල බල්ලට දමා ඩඩ්ලි, ධම්මික, ඉෂාර වැනි මහා පරිමාණ ව්‍යාපාරික පැලැන්තිය පිනවීම පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යන සංස්කෘතිය වෙනස් කරන බවත්, පවුලට වෛද්‍යවරයකු ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ප්‍රධාන පුවත්

​සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..

​ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.

ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ජන රැළි, රටේ දැවෙන ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පැවැත්වෙන හිස් “චූන් පාන් සන්දර්ශන” පමණක් බවත්, පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව සිදුකර ඇත්තේ මැතිවරණ පොරොන්දු සියල්ල බල්ලට දමා ඩඩ්ලි, ධම්මික, ඉෂාර වැනි මහා පරිමාණ ව්‍යාපාරික පැලැන්තිය පිනවීම පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”

හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යන සංස්කෘතිය වෙනස් කරන බවත්, පවුලට වෛද්‍යවරයකු ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.