News Category
From Date
To Date
Maximum Number of Result

බංග්ලාදේශයේ මේ වන විට ඇති වී ඇති විදුලිබල අර්බුදයට ප්‍රධානම හේතුව ඉන්දියාවේ අදානි සමාගමත් සමග ඇතිකරගත් ගිවිසුම බවත්, මෙම ගිවිසුම විනිවිධ භාවයෙන් තොර අධික මිලට විදුලිය ලබා ගන්නා ගිවිසුමක් බවත් මේ වන විට චෝදනා එල්ල වී තිබේ.

බටහිර බලවතුන්ගේ සල්ලි පොම්ප කිරීම් හමුවේ "ඒකීයභාවයේ කොඩිය සහ ජාතික සමගියේ කොඩිය" අතහැර ඇති දේශපාලන කඳවුරුවල රූකඩ අපේක්ෂකයන් වෙනුවට "ඒකීයභාවයේ කොඩිය සහ ජාතික සමගියේ කොඩිය" රැඳුණු එකම දේශපාලන කඳවුර වන සර්වජන බලය දේශපාලන කඳවුරෙහි ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා දිනවීමට පෙරට එන්නැයි සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙරට ජාතිකවාදී, දේශමාමක, වාමවාදී, ප්‍රගතිශීලී සියලු බලවේග වෙතින් ඉල්ලා සිටියි.

ජනාධිපති අපේක්ෂකයන් බොහෝ දෙනෙකු තම ප්‍රතිපත්ති ප්‍රකාශ මේ වන විට රට හමුවේ ඉදිරිපත් කර ඇති බවත්, ඇතැම් අපේක්ෂකයන් රටේ මූලයන් සිඳ දැමීම සඳහා කුමන්ත්‍රණකාරීව තම ප්‍රතිපත්තිවලට කරුණු ඇතුළත් කර ඇති බවත් බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ, පූජ්‍ය අගුලුමැල්ලේ සිරි ජිනාන්ද හිමියෝ පවසති.

විශාල එක්සත් ජනපද ෆෙඩරල් ණය ගොන්නට සේවා සැපැයීමේ පිරිවැය මේ වන විට ආරක්ෂක අයවැය ඉක්මවා යමි තිබෙන බව ටෙස්ලා සහ ස්පේස්එක්ස් හි ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් ඇල්ල්-ඓන් පොඩ්කාස්ට් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. එහිදී ඔහු රට “ඉතාම ඉක්මනින් බංකොලොත්” වන බවද වැඩිදුරටත් පැවසීය.

රුසියානු පොටෑෂ් පොහොර තොගය පිළිබඳ කාරණය සම්බන්ධයෙන් රුසියානු තානාපති ලෙවන් ධගාරියන් මහතා විසින් මෑතකදී හෙළිදරව් කරන ලද කාරණය සම්බන්ධයෙන් රුසියානු තානාපති කාර්යාලය පහත සඳහන් කරුණු වැඩිමනත් එකතු කරනු ලබයි.

1988 ජනාධිපතිවරණයේ දී සුළු ජාතික පක්ෂවල ඡන්දය ලබාගැනීම සඳහා එවකට බලයේ සිටි රණසිංහ ප්‍රේමදාස මහතා මාස 6ක් තුළ රටට ඉතාම හානිකර ව්‍යවස්ථා සංශෝධන 3ක් සම්මත කළ බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා හෙළිකරයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිගන්නා බව යුරෝපා සංගමය පවසයි.

බෙදුම්වාදී ත්‍රස්තවාදය රට තුළ ක්‍රියාත්මක වෙමින් පැවති සමයේ මෙරට දේශපාලකයන් වැඩ කටයුතු කළේ භීතියෙන් බවත්, අද ඔවුන් සියලු දෙනාට නිදහසේ දේශපාලන කටයුතු කිරීමට හැකි වී ඇත්තේ වීරෝධාර රණවිරුවන් දශක තුනක් තිස්සේ මෙරට ක්‍රියාත්මක වූ බෙදුම්වාදී ත්‍රස්තවාදය අවසන් කිරීම නිසා බවත් විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස් මහතා පවසයි.

"රනිල් - සජිත් - අනුර තුන් කට්ටුවේ" ප්‍රතිපත්ති ප්‍රකාශන තුළට බටහිර බලවතුන්ට උවමනා ප්‍රතිපත්තීන් රිංගවා ඇති බැවින් මෙවර ජනාධිපතිවරණයේදී ඒ කාට කතිරේ ගැසුවත් එකම ප්‍රතිඵලය අත්වනු ඇතැයි පෙන්වා දෙන සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, ඒ නිසා මේ තිදෙනා තමන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රශ්න කරන විට දීමට උත්තර නොමැතිව, විවාද මඟහරින පිරිසක් බවට පත්ව ඇති බව ද වැඩිදුරටත් පෙන්වා දෙයි.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.