News Category
From Date
To Date
Maximum Number of Result

සර්වජන බලයේ "රණවිරු හමුව" සැප්තැම්බර් 1 දා (හෙට) පෙ.ව. 10 ට සර්වජන ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 5, සම්බුද්ධත්ව මන්දිරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

"ව්‍යවසායකත්ව රාජ්‍යයක් - සතුටු දැයක්" නිර්මාණය කිරීමේ සජ්ජන අරමුණ පෙරදැරි කරගත් "සර්වජන බලය ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්ම" ජනගත කිරීමේ උත්සවය 2024 අගෝස්තු මස 31 වැනි සෙනසුරාදා එනම් අද පෙ. ව. 10:00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී ආරම්භ විය.

සත්‍ය සෙවීමේ කොමිසම පනත දුෂ්ඨ පාවාදීමක් බවත්, ලෝකයේ කිසිඳු රටක තමන්ගේ රටේ හමුදාව පාවාදෙන පාලකයන් නොසිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

"මගේ මතය අනුව, අමෙරිකාවට ඇති ලොකුම ගැටලුව, ලෝකයට ඇති ලොකුම ගැටලුව න්‍යෂ්ථික අවි තරඟයයි" ට්‍රම්ප් බ්‍රහස්පතින්දා පැවසීය. "එම අවි විනාශකාරී බලවේගයක් වන අතර, කිසිවකු මීට පෙර දැක නැති ඒවා වන අතර, ඒවා කිසි විටෙක භාවිතා නොකරන බවට අප වග බලා ගත යුතුය." ඔහු අවධාරණය කළේය.

සත්‍ය සෙවීමේ කොමිසම් පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ මෙහෙයුම පරාජය කිරීම සඳහා රණවිරුවන් යුද අධිකරණවලට ගෙනයාමට පාර කපන ඊනියා සත්‍ය සෙවීමේ පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ දුෂ්ඨ මෙහෙයුම පරාජය කිරීම තේමා කරගත් එකඟතා ලියවිල්ලකට සර්වජන බලය සහ ජාතික සංවිධාන නියෝජිතයින් අත්සන් තැබීම ඊයේ(29) දින සිදුවිය.

සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමට ඔන්න මෙන්න කියා තිබිය දී ජනාධිපති අපේක්ෂකයක් වීමට තමන්ට ලැබීම ජාතියෙන් තමන්ට හිමිවූ වගකීමක් බව සර්වජන බලය ජනාධිපති අපේක්ෂක මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.

ශ්‍රී ලාංකික ජනතාව නිවැරදි මාවතක අභිප්‍රේරණය කළොත් මේ රට ගොඩනැගිය හැකි බවත්, කාර්යක්ෂම හා ආත්ම විශ්වාසය මත කටයුතු කරන ජාතියක් එමගින් නිර්මාණය කරගත හැකි බවත් සර්වජන බලය ජනාධිපති අපේක්ෂක මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.

සත්‍ය සෙවීමේ කොමිසම පනත හදිසියේ පහළ වූ පනතක් නොව 2002 සටන් විරාම ගිවිසුමේ දිගුවක් බවත්, 2002 සටන් විරාම ගිවිසුම මගින් LTTE සංවිධානයට විශාල වාසියක් ගෙන එද්දී ශ්‍රී ලංකා යුද හමුදාවට ඉතාම අවාසිදායක තත්ත්වයක් නිර්මාණය කළ බවත් විශ්‍රාමික මේජර්, නීතිඥ චරිත සිරිවර්ධන මහතා පවසයි.

ජාතික සංවිධානය එකමුතුව විසින් සංවිධානය කරන ලද ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගේ මහතාගේ පර්යේෂණාත්මක හෙළිදරව්ව ”ජනපති අපේක්ෂකයන්ගේ ඩීල් පුරාණය” අද (29) සවස ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී ජනගත විය.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.