News Category
From Date
To Date
Maximum Number of Result

ඇමරිකානු මිලිටරි මැදිහත්වීම ගෝලීය ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට වඩා ශක්තිමත් කිරීමට සේවය කර ඇති අතර අල්කයිඩාව සහ ඇෆ්ගනිස්ථානයේ තලේබාන් යලි පිබිදීම නවතම උදාහරණය බව ඊයේ(01) ප්‍රකාශයට පත් කරන ලද ෆොක්ස් නිවුස් ඩිජිටල් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඇෆ්ගන් ජාතික හමුදාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍ය මාණ්ඩලික ප්‍රධානී සාමි සදාත් ප්‍රකාශ කළේය. .

ශ්‍රී ලංකා භූමියට කෑදර වී, එය අත්පත්කර ගැනීමේ උවමනාවෙන් විවිධ බලවේග කටයුතු කරන බවත්, එනිසාම ඉතිහාසයේ සිට විවිධ කාලවලදී මෙරටේ යුදගැටුම් නිර්මාණය වූ බවත් විශ්‍රාමික කර්නල් කීර්ති ගුණසෝම මහතා පවසයි.

සත්‍ය සෙවීමේ කොමිසම නමින් එන රණවිරුවන් පවාදීමේ ක්‍රියාදාමය පරාජය කළ යුතු බවත්, මාතෘභූමිය බේරාදීමට ක්‍රියාකරන ලද්දේ රණවිරුවන් බවත් සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.

මෙවර ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයන් ලෙස තරඟ වදින සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයන් එක් කිරීම සඳහා තීරණාත්මක උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් ඇති බව වාර්තා වෙයි.

සත්‍ය සෙවීමේ නාමයෙන් දියත් වන රණවිරුවන් පාවාදීමේ දුෂ්ට මෙහෙයුම පරාජය කිරීම සඳහා දිවි හිමියෙන් කැපවන බවට ප‍්‍රතිඥාවක් ලබා දුන් ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු බවට අද(01) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැති "අපි වෙනුවෙන් අපි" රණවිරු හමුවේදී යෝජනා සම්මත විය.

වව්නියාව දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණය වූ ප්‍රථම ස්ථූපය ගෞතම සසුනට පූජා කිරීමේ පුණ්‍ය මංගල්‍යය ඓතිහාසික සපුමල්ගස්කඩ රාජ මහා විහාර පරිශ්‍රයේ දී ඊයේ (31) දින සිදුවිය.

සර්වජන බලයේ "රණවිරු හමුව" සර්වජන ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට කොළඹ 5, සම්බුද්ධත්ව මන්දිරයේ දී පැවැත්වෙමින් තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ කවුන්සිලය අද ඒකමතිවකව යෝජනාවක් සම්මත කරගෙන ඇති බව වාර්තා වේ.

ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 230 වෙනි පිටුවේ සත්‍ය සෙවීමේ කොමිසම තවත් බලගන්වා ක්‍රියාත්මක කරන බව සඳහන් කර ඇති බවද ඔවුන් එසේ පවසන්නේ කෙසේදැයි සිතාගත නොහැකි බවද දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.