අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
අද දින ප්‍රථම නිදහස් අරගලයට නායකත්වය දුන් කැප්පෙටිපොල නිළමේ තුමන් ඝාතනයට ලක්වී වසර 206 ක් ගෙවී ගොසිනි. ලෝක ඉතිහාසය තුළ හිට්ලර්ට සමාන වූ ම්ලේච්ඡත්වයක් ප්‍රදර්ශනය කළ මිනීමරු ප්‍රභාකරන් සැමරීමට කටයුතු කරමින් තිබුණද වීර කැප්පෙටිපොලයන් සැමරීමට උනන්දුවක් දක්වන බවක් දක්නට නොලැබේ. ඒ සම්බන්ධයෙන් සංවේදී වූ සමාජ මාධ්‍යය පරිශීලකයෙකු වන ලාල් ද අල්විස් මහතා තබා තිබූ සටහනක්, එහි ඇති කාලෝචිත බව සලකා මෙලෙස පල කර සිටිමු....
ඒ මේ මාතෘ භූමිය ,
දැනට වසර 206 කට පෙර,
සම්පූර්ණයෙන්ම විදෙස් ජාතියකට යටත් වීමෙන් අනතුරුව,
1818 වසරේදී පළමුවරට මේ බිම ඒ සම්පූර්ණ ග්‍රහණයෙන් මුදා ගැනීමට එරෙහිව ඇරැඹූ ,
ප්‍රථම විමුක්ති අරගලයේ ශ්‍රේෂ්ඨ චරිතයක් වූ මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාව මේ බිම වෙනුවෙන් දිවි පිදූ දිනය සිහිපත් කරමින්ය..
එසේ නොමැතිව මේ මවුබිම දෙකට කඩන්නට උත්සාහ ගනිමින්,
අහස පොළොව නුහුලන අපරාධ කරපු ම්ලේච්චයන් සිහිකිරීමට නොවේ..
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව කොහු කුඹුරේ රටේ රාළ සහ බූටාවේ රාළගේ ප්‍රධානත්වයෙන් ඇරඹි ඒ ඓතිහාසික නිදහස් සටන මර්ධනය කිරීමට ,
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් තෝරා ගත් ඌවේ දිසාපති වූ කැප්පෙටිපොල මහා දිසාව සිය තනතුරු හැර දමා ඌවේ සටන්කාමීන් හා එක්ව ඇරැඹූ ඒ දැවැන්ත අරගලය එක් අවස්ථාවකදී බ්‍රිතාන්‍යයන් මේ රටින් පිටව යාමට තරම් ප්‍රබල එකක් බවට පත් විය..
අද මෙන්ම එදාත් අප අතර සිටි පාවාදෙන්නන්ගේ සහ ද්‍රෝහීන්ගේ පාවාදීම්වල ප්‍රතිඵලයක් වශයෙන් එම නිදහස් සටන පරාජයට පත් වී,
එම ඒ විරෝධාර නායකයා උපන් බිම වෙනුවෙන් දිවි පිදුවේ අද වැනි දිනකය..
ඔහු එම විමුක්ති සටනට එක් වූයේ තමා සමග පැමිණි බ්‍රිතාන්‍ය සෙබලුන් සහ ආයුධ නැවතත් ඔවුන් වෙත හරවා යැවීමෙන් වන අතර ,
තමා ගේ විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් එම ආයුධ පැහැර ගැනීමක් හෝ තමා යටතේ පැමිණි සෙබලුන්ට හානියක් කිරීමක් හෝ ඔහු ඒ මොහොතේ සිදු කෙරේ නැත..
ඔහු සිය ජීවිතය පූජා කළ මොහොතද ඉතිහාසයේ සනිටුහන් වී ඇති ඉතා සංවේදී සහ දේශප්‍රේමීන්ගේ සිත් උණුසුම් කරන මොහොතකි..
තමා සතු එකම පිරිසුදු රෙදිකඩ දළදා වහන්සේට පූජා කර,
දළදා මාලිගාව දෙසට හැරී වැඳ නමස්කාර කර,
ධම්මපදයේ ගාථාවක් කියමින් ගහලයාගේ කඩු පහරට සූදානම්ව ,
දං ගෙඩිය මත හිස තැබූ මේ විරෝධාර සෙන්පතියාගේ එඩිතර භාවය හමුවේ ,
ගහලයාට පළමු කඩු පහර නිවැරදි ආකාරයට එල්ල කිරීමට නොහැකි වූ විට,
පළමු කඩු පහරේ තුවාල සහිතව ගහලයා දෙස බලා ,
" තොප මෙතැනට කඩු පහර එල්ල කරන්න" යැයි කීමට තරම් අභීත ආත්ම ශක්තියක් මේ විරෝධාර සෙන්පතියා තුළ විය..
එදා ඌව වෙල්ලස්ස කැරැල්ල මර්දනය කිරීම සඳහා බ්‍රිතාන්‍යයන් ඉතාමත් අමානුෂික ක්‍රියාදාමයක් අනුගමනය කරන ලද අතර වයස අවුරුදු දහ අටට වැඩි තරුණයන් සොයමින් ඝාතනය කරා පමණක් නොව ලිං වලට වස දමමින් කෙත්වතු ගිනි තබමින් බොහෝ කලකට හිස එසවිය නොහැකි අන්දමේ මහා විනාශයක් කළහ..
එවන් අමානුෂික අත්දැකීම් වලට අපේ ජනතාවට මුහුණ දීමට ඉන් පසුව සිදු වූයේ කෲර ම්ලේච්ඡ එල්ටීටීඊ ත්‍රස්තවාදයේ පැතිරීමත් සමඟය..
ඒ බිහිසුණු ත්‍රස්තවාදයේ නායකයා උපත ලැබූ දිනයත්,
මේ මව්බිම බිහිසුණු බටහිර ආක්‍රමණයකින් මුදාගැනීමට නායකත්වය දුන් ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී විරුවෙකු අවසන් ගමන් ගිය දවසත් එකම දවසක් වීමද පුදුමාකාර සිද්ධියකි.
මේ විරෝධාර සෙන්පතියාගේ හිස්කබල බ්‍රිතාන්‍යයේ එඩිම්බරෝ කෞතුකාගාරය වෙත ගෙන ගොස් පර්යේෂණයක් කිරීමට තරම් බ්‍රිතාන්‍යයන් තීරණය කළේ විශ්වාස කළ නොහැකි තරමේ අසමසම එඩිතර භාවය නිසාය..
ඊට සමාන හිස්කබලක් වශයෙන් ඔවුනට සංසන්දනය කළ හැකිව තිබුණේ නැපෝලියන් පරාජය කළ නෙල්සන් සෙනෙවියාගේ හිස් කබල බව සඳහන්වේ..
අද කෙතරම් නිවටයන්ගෙන් බහුතර වූ ජාතියක් බවට පත්ව සිටියත්,
මොණරවිල කැප්පෙටිපොළ උරුමය ඇති පිරිසක්ද මේ බිම තුළ තවමත් ජීවත් වෙනවාට සැක නැත.
තම හදවතේ සිය ජීවිතයන් මේ නිදහස වෙනුවෙන් එදා සියවස් දෙකකට ඈත අතීතයේ පරිත්‍යාග කළ විරුවන් කෙරෙහි යම් ගෞරවයක් ඇත්නම් පොල්තෙල් පහනක් දල්වා සිහිකිරීම ඒ හදවත් හිමියන්ගේ යුතුකමක් වනු ඇත..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා