
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
අද දින ප්‍රථම නිදහස් අරගලයට නායකත්වය දුන් කැප්පෙටිපොල නිළමේ තුමන් ඝාතනයට ලක්වී වසර 206 ක් ගෙවී ගොසිනි. ලෝක ඉතිහාසය තුළ හිට්ලර්ට සමාන වූ ම්ලේච්ඡත්වයක් ප්‍රදර්ශනය කළ මිනීමරු ප්‍රභාකරන් සැමරීමට කටයුතු කරමින් තිබුණද වීර කැප්පෙටිපොලයන් සැමරීමට උනන්දුවක් දක්වන බවක් දක්නට නොලැබේ. ඒ සම්බන්ධයෙන් සංවේදී වූ සමාජ මාධ්‍යය පරිශීලකයෙකු වන ලාල් ද අල්විස් මහතා තබා තිබූ සටහනක්, එහි ඇති කාලෝචිත බව සලකා මෙලෙස පල කර සිටිමු....
ඒ මේ මාතෘ භූමිය ,
දැනට වසර 206 කට පෙර,
සම්පූර්ණයෙන්ම විදෙස් ජාතියකට යටත් වීමෙන් අනතුරුව,
1818 වසරේදී පළමුවරට මේ බිම ඒ සම්පූර්ණ ග්‍රහණයෙන් මුදා ගැනීමට එරෙහිව ඇරැඹූ ,
ප්‍රථම විමුක්ති අරගලයේ ශ්‍රේෂ්ඨ චරිතයක් වූ මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාව මේ බිම වෙනුවෙන් දිවි පිදූ දිනය සිහිපත් කරමින්ය..
එසේ නොමැතිව මේ මවුබිම දෙකට කඩන්නට උත්සාහ ගනිමින්,
අහස පොළොව නුහුලන අපරාධ කරපු ම්ලේච්චයන් සිහිකිරීමට නොවේ..
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව කොහු කුඹුරේ රටේ රාළ සහ බූටාවේ රාළගේ ප්‍රධානත්වයෙන් ඇරඹි ඒ ඓතිහාසික නිදහස් සටන මර්ධනය කිරීමට ,
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් තෝරා ගත් ඌවේ දිසාපති වූ කැප්පෙටිපොල මහා දිසාව සිය තනතුරු හැර දමා ඌවේ සටන්කාමීන් හා එක්ව ඇරැඹූ ඒ දැවැන්ත අරගලය එක් අවස්ථාවකදී බ්‍රිතාන්‍යයන් මේ රටින් පිටව යාමට තරම් ප්‍රබල එකක් බවට පත් විය..
අද මෙන්ම එදාත් අප අතර සිටි පාවාදෙන්නන්ගේ සහ ද්‍රෝහීන්ගේ පාවාදීම්වල ප්‍රතිඵලයක් වශයෙන් එම නිදහස් සටන පරාජයට පත් වී,
එම ඒ විරෝධාර නායකයා උපන් බිම වෙනුවෙන් දිවි පිදුවේ අද වැනි දිනකය..
ඔහු එම විමුක්ති සටනට එක් වූයේ තමා සමග පැමිණි බ්‍රිතාන්‍ය සෙබලුන් සහ ආයුධ නැවතත් ඔවුන් වෙත හරවා යැවීමෙන් වන අතර ,
තමා ගේ විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් එම ආයුධ පැහැර ගැනීමක් හෝ තමා යටතේ පැමිණි සෙබලුන්ට හානියක් කිරීමක් හෝ ඔහු ඒ මොහොතේ සිදු කෙරේ නැත..
ඔහු සිය ජීවිතය පූජා කළ මොහොතද ඉතිහාසයේ සනිටුහන් වී ඇති ඉතා සංවේදී සහ දේශප්‍රේමීන්ගේ සිත් උණුසුම් කරන මොහොතකි..
තමා සතු එකම පිරිසුදු රෙදිකඩ දළදා වහන්සේට පූජා කර,
දළදා මාලිගාව දෙසට හැරී වැඳ නමස්කාර කර,
ධම්මපදයේ ගාථාවක් කියමින් ගහලයාගේ කඩු පහරට සූදානම්ව ,
දං ගෙඩිය මත හිස තැබූ මේ විරෝධාර සෙන්පතියාගේ එඩිතර භාවය හමුවේ ,
ගහලයාට පළමු කඩු පහර නිවැරදි ආකාරයට එල්ල කිරීමට නොහැකි වූ විට,
පළමු කඩු පහරේ තුවාල සහිතව ගහලයා දෙස බලා ,
" තොප මෙතැනට කඩු පහර එල්ල කරන්න" යැයි කීමට තරම් අභීත ආත්ම ශක්තියක් මේ විරෝධාර සෙන්පතියා තුළ විය..
එදා ඌව වෙල්ලස්ස කැරැල්ල මර්දනය කිරීම සඳහා බ්‍රිතාන්‍යයන් ඉතාමත් අමානුෂික ක්‍රියාදාමයක් අනුගමනය කරන ලද අතර වයස අවුරුදු දහ අටට වැඩි තරුණයන් සොයමින් ඝාතනය කරා පමණක් නොව ලිං වලට වස දමමින් කෙත්වතු ගිනි තබමින් බොහෝ කලකට හිස එසවිය නොහැකි අන්දමේ මහා විනාශයක් කළහ..
එවන් අමානුෂික අත්දැකීම් වලට අපේ ජනතාවට මුහුණ දීමට ඉන් පසුව සිදු වූයේ කෲර ම්ලේච්ඡ එල්ටීටීඊ ත්‍රස්තවාදයේ පැතිරීමත් සමඟය..
ඒ බිහිසුණු ත්‍රස්තවාදයේ නායකයා උපත ලැබූ දිනයත්,
මේ මව්බිම බිහිසුණු බටහිර ආක්‍රමණයකින් මුදාගැනීමට නායකත්වය දුන් ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී විරුවෙකු අවසන් ගමන් ගිය දවසත් එකම දවසක් වීමද පුදුමාකාර සිද්ධියකි.
මේ විරෝධාර සෙන්පතියාගේ හිස්කබල බ්‍රිතාන්‍යයේ එඩිම්බරෝ කෞතුකාගාරය වෙත ගෙන ගොස් පර්යේෂණයක් කිරීමට තරම් බ්‍රිතාන්‍යයන් තීරණය කළේ විශ්වාස කළ නොහැකි තරමේ අසමසම එඩිතර භාවය නිසාය..
ඊට සමාන හිස්කබලක් වශයෙන් ඔවුනට සංසන්දනය කළ හැකිව තිබුණේ නැපෝලියන් පරාජය කළ නෙල්සන් සෙනෙවියාගේ හිස් කබල බව සඳහන්වේ..
අද කෙතරම් නිවටයන්ගෙන් බහුතර වූ ජාතියක් බවට පත්ව සිටියත්,
මොණරවිල කැප්පෙටිපොළ උරුමය ඇති පිරිසක්ද මේ බිම තුළ තවමත් ජීවත් වෙනවාට සැක නැත.
තම හදවතේ සිය ජීවිතයන් මේ නිදහස වෙනුවෙන් එදා සියවස් දෙකකට ඈත අතීතයේ පරිත්‍යාග කළ විරුවන් කෙරෙහි යම් ගෞරවයක් ඇත්නම් පොල්තෙල් පහනක් දල්වා සිහිකිරීම ඒ හදවත් හිමියන්ගේ යුතුකමක් වනු ඇත..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
