අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
ගෙවිඳු කුමාරණතුංග ආන්දෝලනයට පත්ව ඇති රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිය මුහුණු පොතේ තැබූ කෙටි සටහන...
1984 නැතිනම් 85 වසරේ දී ජපුරේ උපකුලපති මහාචාර්ය කාන්ගහආරච්චි මහතාව තමන්ට අවශ්‍ය ආකාරයට පාලනය කරගන්න බැරිවුණා ම, ඒකධිපති වියරුවකින් පෙළුණු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති ඔහු වෙනුවට නිසි බලධාරියෙක් (කරුණාසේන කොඩිතුවක්කු) පත් කළේ හදිසි නීතිය යටතේ යි. සරසවි ස්වාධීනත්වයට සහමුලින් ම පටහැනිවූ මේ ක්‍රියාමාර්ගය නීතිගත කරගැනීමට යි 1985 දී විශ්වවිද්‍යාල පනට සංශෝධන ගෙන ආවේ. ඒ යටතේ යි සරසවියක උපකුලපති ඉවත් කිරීමට, නිසි බලධාරියකු පත් කිරීමට ජනාධිපතිට බලතල ලබාගත්තේ.
අද රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාට එරෙහිව භාවිත කෙරුණේ මේ මර්ධනීය බලතල යි.
එදා කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ දෙ වන වසරේ සිසුවකුව සිටි මට, එවකට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වූ උපාලි ජයවීර සොහොයුරාව පළමු වතාවට හමුවන්නේ විශ්වවිද්‍යාල ස්වාධීනත්වය උදුරාගත් මේ මර්ධනීය පනතට එරෙහිව කරන ලද අරගලයේ දී යි.
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහි ව මේ මර්දනීය අණ-පනත් ක්‍රියාවට නඟන ලෙස ඉල්ලා සිටීම, විශ්වවිද්‍යාල ආචාර්ය සටන්වල ක්‍රියාකාරී චරිතයක්ව සිටි ආචාර්යවරියක් අගමැතීනියව සිටින රජයක් ඒ මර්දනීය අණ-පනත් ක්‍රියාවට නැඟීම අප අවබෝධ කරගත යුත්තේ කෙසේ ද?
- ගෙවිඳු
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා