
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
ගෙවිඳු කුමාරණතුංග ආන්දෝලනයට පත්ව ඇති රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිය මුහුණු පොතේ තැබූ කෙටි සටහන...
1984 නැතිනම් 85 වසරේ දී ජපුරේ උපකුලපති මහාචාර්ය කාන්ගහආරච්චි මහතාව තමන්ට අවශ්‍ය ආකාරයට පාලනය කරගන්න බැරිවුණා ම, ඒකධිපති වියරුවකින් පෙළුණු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති ඔහු වෙනුවට නිසි බලධාරියෙක් (කරුණාසේන කොඩිතුවක්කු) පත් කළේ හදිසි නීතිය යටතේ යි. සරසවි ස්වාධීනත්වයට සහමුලින් ම පටහැනිවූ මේ ක්‍රියාමාර්ගය නීතිගත කරගැනීමට යි 1985 දී විශ්වවිද්‍යාල පනට සංශෝධන ගෙන ආවේ. ඒ යටතේ යි සරසවියක උපකුලපති ඉවත් කිරීමට, නිසි බලධාරියකු පත් කිරීමට ජනාධිපතිට බලතල ලබාගත්තේ.
අද රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාට එරෙහිව භාවිත කෙරුණේ මේ මර්ධනීය බලතල යි.
එදා කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ දෙ වන වසරේ සිසුවකුව සිටි මට, එවකට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වූ උපාලි ජයවීර සොහොයුරාව පළමු වතාවට හමුවන්නේ විශ්වවිද්‍යාල ස්වාධීනත්වය උදුරාගත් මේ මර්ධනීය පනතට එරෙහිව කරන ලද අරගලයේ දී යි.
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහි ව මේ මර්දනීය අණ-පනත් ක්‍රියාවට නඟන ලෙස ඉල්ලා සිටීම, විශ්වවිද්‍යාල ආචාර්ය සටන්වල ක්‍රියාකාරී චරිතයක්ව සිටි ආචාර්යවරියක් අගමැතීනියව සිටින රජයක් ඒ මර්දනීය අණ-පනත් ක්‍රියාවට නැඟීම අප අවබෝධ කරගත යුත්තේ කෙසේ ද?
- ගෙවිඳු
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
