කොටස් දෙකකට බෙදී ඇති එක්සත් ජාතික පක්ෂයේ එක් කොටසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමගත්, අනෙක් කොටස සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස යටතේත් කටයුතු කිරීමෙන් මෙවර ජනාධිපතිවරණයේ දී අවාසි සහගත තත්ත්වයක් නිර්මාණය වන බවත්, මෙම නායකයන් දෙදෙනාගෙන් කවුරුන් හෝ යටතේ නැවත එක්සත් ජාතික පක්ෂය ගොඩගැනීම සඳහා මෙම මැතිවරණයේ දී පක්ෂ දෙකයම වාසි සාහගත වන අයුරින් ඡන්දය භාවිතා කළ යුතු බවත් සඳහන් පත්‍රිකාවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබේ.
එක්සත් ජනපද හිටපු ජනාධිපති සහ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩාවේ වෙස්ට් පාම් බීච් හි trump International Golf Club ක්‍රීඩා පිටියේ ඊයේ(14) ක්‍රීඩා කරමින් සිටියදී ඔහු ආසන්නයේ වෙඩි තැබීමක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ට්‍රම්ප්ගේ මාධ්‍ය ප්‍රචාරක අංශය පැවසුවේ වෙඩි තැබීමෙන් හිටපු ජනාධිපතිවරයාට හානියක් සිදුවී නොමැති අතර ඔහු ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවයි. “ජනාධිපති ට්‍රම්ප් අසල සිදුවූ වෙඩි තැබීම් වලින් පසුව ට්‍රම්ප් ආරක්ෂිතයි. මේ අවස්ථාවේ වැඩි තොරතුරක් දීමට නොහැකියි.”ට්‍රම්ප්ගේ මාධ්‍ය ප්‍රචාරක අංශයේ ප්‍රකාශක ස්ටීවන් චියුන්ග් පැවසීය.
රට සම්බන්ධයෙන් වන සාරාංශය: ශ්‍රී ලංකාව 2024 සැප්තැම්බර් 21 වැනි දින ජනාධිපතිවරණය පැවැත්වීමට සූදානම් වෙමින් සිටී. මැතිවරණයට පෙර, මැතිවරණය අතරතුර හෝ මැතිවරණයට පසුව විරෝධතා පෙළපාලි ඇතිවිය හැක. මැතිවරණය ආසන්නයේ ඇතැම් අවස්ථාවල පැවැති විරෝධතා වලට සහභාගි වූ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. ඒ අනුව එවැනි රැස්වීම් සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව ප්‍රචණ්ඩකාරී විය හැකි බැවින්, සාමකාමී රැස්වීම්වලට පවා සහභාගි වීමෙන් වැළකී සිටින ලෙස එක්සත් ජනපද පුරවැසියන්ට සිහිපත් කරනු ලබන්නේය.
එක්සත් ජනපදය විසින් පනවා ඇති ආර්ථික, වාණිජ සහ මූල්‍ය අවහිර කිරීම් හේතුවෙන් කියුබාවට 2023 සිට 2024 දක්වා ඩොලර් බිලියන 5.56 ක අලාභයක් සිදුවී ඇති බව කියුබානු විදේශ අමාත්‍ය බෘනො රොඩ්‍රිගුස් 12 වනදා ප්‍රකාශ කළේය.දේශීය සහ විදේශීය වාර්තාකරුවන් පිරිසක් ඉදිරියේ අදහස් දක්වමින් 2023 මාර්තු 1 සිට 2024 පෙබරවාරි 29 දක්වා සිදු වූ ආර්ථික හානිය ඊට පෙර වූ වාර්තාවට වඩා ඩොලර් මිලියන 189.8 ක වැඩිවීමක් නියෝජනය කරන බව රොඩ්‍රිගස් අවධාරණය කළේය. එහිදි ඔහු එක්සත් ජනපදය කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වල බලපෑම් පිළිබඳ නවතම වාර්තාව ඉදිරිපත් කළේය.
දේශීය පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..
ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට..
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..
හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති
හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..
මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..
හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..