
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
1971 වර්ෂයේදී විශේෂ පාර්ලිමේන්තු පනතකින් පිහිටුවන ලද රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර එහි සේවකයන් සඳහා ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැතිවරයා ලෙස විජිත හේරත් මහතා විසින් ඉකුත් 01 වැනිදා ඉදිරිපත් කළ මෙම කැබිනට් සංදේශය සඳහා නොවැම්බර් මස 12 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩලයේදී අනුමැතිය ලැබී ඇත.
එම සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම සඳහා රුපියල් මිලියන 794ක මූල්‍ය ප්‍රතිපාදනයක් මහා භාණ්ඩාගාරය මගින් එම සංස්ථා සේවකයන් වෙත ලබාදීමට ද මෙම කැබිනට් පත්‍රිකාව මගින් අනුමැතිය ලබාදී ඇත.
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැර ඊට අයත් වත්කම් මාර්ග සංවර්ධන අධිකාරියට පැවරීමටත් ඉතිරි කාර්යමණ්ඩලය මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්ත කිරීමටත් මෙම කැබිනට් පත්‍රිකාව මගින් නිර්දේශ කර ඇති අතර සංස්ථාව යටතේ නැවත වෙනත් කිසිදු අමතර වැය බරක් මහා භාණ්ඩාගාරය වෙත ඇතිනොවිය යුතු බවට ද නිර්දේශ කර ඇත.
එසේම ඒකාබද්ධ අරමුදලේ පවතින ද්‍රවශීලතාව, ජාතික අවශ්‍යතාවන් මත පදනම්ව ලබාදිය යුතු ප්‍රමුඛතාවන්, මූල්‍ය පිරිවැය පිළිබඳ සාධකයන් සලකා බලා මෙම රුපියල් මිලියන 794ක මුදල මූල්‍යමය අවශ්‍යතාවක් සඳහා අදියරගතව ලබාදීමට ද කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට පසුගිය කාලයේදී රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් ප්‍රමාණවත් ව්‍යාපෘති නොලැබීම නිසා එම වැඩබිම් පවත්වාගෙන යෑමට නොහැකි විය. මේ හේතුවෙන් එහි සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයට පත්වූ අතර ඒ අනුව රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ සංස්ථාව, මාර්ග සංවර්ධන අධිකාරියට ඒකාබද්ධ කිරීමට පසුගිය රජයේ ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා 2024 අගෝස්තු මස 21 වැනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණු අතර ඉකුත් අගෝස්තු මස 21 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී ඊට අනුමැතිය හිමිවිය.
එහෙත් පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ අතර නව රජය බලයට පත්වීමෙන් අනතුරුව නව අමාත්‍යවරයා විසින් නැවත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලදී.
කමල් බෝගොඩ
– Divaina
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
