අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
අල්ලස් දීමේ චෝදනාව මත ප්‍රකෝටිපති ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අදානි සමූහ ව්‍යාපාරය සමග අත්සන් තබා ඇති බලශක්ති සම්බන්ධ ගිවිසුම් නැවත විමසා බැලීමට තීරණය කර ඇති බව ඉන්දියාවේ ‘ද ඉන්ඩියන් එක්ස්ප්‍රෙස්’ පුවත්පත වාර්තා කරයි.
මේ අනුව අදානිට අයත් අදානි ග්‍රීන් එනර්ජි සමාගම බංගලාදේශය සමග අත්සන් තබා ඇති විදුලිය සැපයීමේ කොන්ත්‍රාත් ගිවිසුම් පිළිබඳව නැවත විමසා බැලීමට එරට අන්තර්වාර රජය තීරණය කර ඇත. ශ්‍රී ලංකාවේ සුළං මෝල් ව්‍යපෘතියක් අදානි සමාගමට ලබා දීමට පසුගිය රජය ගෙන තිබූ තීරණය සම්බන්ධයෙන් වත්මන් රජයේ කැබිනට් මණ්ඩලය විසින් තීරණයක් ගනු ඇති බව අදාළ පුවත්පත වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකාවේ මන්නාරම හා පුනරින් ප්‍රදේශවල අදානිට අයත් ග්‍රීන් එනර්ජි සමාගම විසින් ඇරඹීමට තීරණය කර තිබූ සුළං මෝල් ව්‍යපෘතියක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය විසින් අනුමැතිය ලබා දී තිබූ අතර එම අනුමැතිය සම්බන්ධයෙන් නැවත විමසා බැලීමට වත්මන් රජය තීරණය කර ඇති බවද මෙරට විදුලිබල මණ්ඩල නිලධාරීන් උපුටා දක්වමින් ද ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අදානි සමාගම විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යන සුළං මෝල් ව්‍යපෘතිය සම්බන්ධයෙන් නැවත සලකා බලන බව දැනුම් දී ඇතැයි ද එම පුවත්පත සඳහන් කරයි.
මේ අතර බංග්ලාදේශ රජයද හිටපු අගමැතිනි ෂික් හසීනාගේ රජය විසින් අදානි සමාගම සමග ගිවිසුම් අත්සන් කර ඇති විදුලිය සැපයීමේ කොන්ත්‍රාත් ගිවිසුම් නැවත විමසා බැලීමට පිළිගත් නීතිමය හා විමර්ශන ආයතනයක සහාය ලබා ගැනීමට තීරණය කර තිබේ.
නිව්යෝර්ක් නගරයේ අධිකරණයක ඉන්දීය රජයේ නිලධාරීන්ට සිය සූර්ය බලශක්ති ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක අල්ලස් මුදලක් ලබා දීමට පොරොන්දු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදානිට හා ඔහුගේ සමාගමේ විධායක නිලධාරීන් 8 දෙනකුට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇති අතර 62 හැවිරිදි අදානි හා ඔහුගේ බෑණා වන 30 හැවිරිදි සාගර් අදානි අත්අඩංගුවට ගැනීමට එම අධිකරණය මගින් වරෙන්තු ද නිකුත් කර තිබේ.
-දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා