News Category
From Date
To Date
Maximum Number of Result

වෙනිසියුලාවට අයත් මුහුදු කලාපයට ආසන්නයටම අමෙරිකානු හමුදාවට අයත් සබ්මැරීන න්‍යෂ්ඨික අවි ඇතුළු අමෙරිකානු නාවික හමුදාවේ භටයන් විශාල පිරිසක් රඳවා තැබීම කියුබානු විදේශ අමාත්‍යාංශය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර ඇත. එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්...

ඩයස්පෝරාව සතුටු කිරීමට ආණ්ඩුව සීමාව ඉක්මවා ක්‍රියාකරන බව සහ ඩයස්පෝරාව විසින් ආණ්ඩුවේ අත්දෙකෙන්ම අල්ලාගෙන සිටින බව කැනඩාවේ ඩයස්පෝරා සාමාජිකයකු තමන්ට දුරකථනයෙන් පැවසූ බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රණවිරුවන් පාවාදෙන ඊලමට පාර කපන ජිනීවා මර උගුලට පය නොතබමු! මහජන පෙත්සමට අත්සන් තැබීම ඊයේ 28 දින කොළඹ 08, කොටා පාර, එන් . එම් පෙරේරා ශාලාවේ දී ආරම්භය විය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPCT) සහ ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම (CPSTL) ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇත.

රණවිරුවන් පාවාදෙන සහ ඊළමට පාර කපන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසියේ යෝජනාවට එකඟ නොවන ලෙස රජයෙන් ඉල්ලා සිටීම සඳහා මහජන පෙත්සමක් අත්සන් කිරීම කොළඹ එන්.එම්. පෙරේරා ශාලාවේ දී ඊයේ(28) දින සිදු විය‍.

2025 අගෝස්තු 4 වැනි දින ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්, ජනාධිපති ලේකම් කාර්යාලය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශීය සංචාර පිළිබඳ තොරතුරු නිකුත්කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

ශ්‍රී ලංකාවේ භූ ගෝලීය පිහිටීම අතිශයෙන්ම වැදගත් හෙයින් ලෝකයේ බොහෝ රටවල් ශ්‍රී ලංකාවට ඇස ගසාගෙන සිටින බව රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක මහතා පවසයි.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය සඳහා අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ තේරී පත්විය.

ඉල්ලීම් හතරක් මුල්කර ගනිමින් ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සංගම් කිහිපයක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.


දේශීය පුවත්

උතුරේ සියලු හමුදා මුරපොලවල් ඉවත් කළා.. සමූහ මිනීවළවල් කැණීම්වලට ජාත්‍යන්තර සහාය ගන්නවා.. - ඇමති විජිත

උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

"මේක සිංහල බෞද්ධ රාජ්‍යයක්.. මොන කේවට්ටයාද උපදෙස් දුන්නේ?" - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.

ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරය සහිතව ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඉදිරිපත් නොකෙරේ.. - හෙට ජාතික අක්ෂි රෝහලට..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක්.. - එජාපයෙන් නිවේදනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම් ඇන්දවීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක් බවත්, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි සහ 10 වැනි වගන්ති උල්ලංඝනය කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

"බුචා සිදුවීම බටහිර සහ කියෙව් පාලනයේ තවත් රඟපෑමක්".. – රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි

සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.

කතානායකට විශ්වාසභංගයක්..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් ලබාගැනීමේ කටයුතු අද ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම බුදුදහමට කළ අපහාසයක්.. – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ඉවත් කිරීමට පියවර ගැනීම බුද්ධාගමට සිදුකළ දැඩි අපහාසයක් බවත්, එම ක්‍රියාව තමන් කිසිසේත්ම අනුමත නොකරන බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.