News Category
From Date
To Date
Maximum Number of Result

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

ජාතික සංවිධාන එකමුතුව විසින් පවත්වනු ලබන 'අර්බුදයේ සැබෑ පීතෘවරු කවුද?' අධිකරණ තීන්දුවෙන් ඔබ්බට' විද්වත් කථිකාව මේ වන විට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ.

පොදුජන පෙරමුණේ සම්මේලනයේදී පක්ෂ ව්‍යස්ථාවේ යම් වෙනසක් කරන බවත්, එහෙත් පක්ෂයේ ප්‍රධාන පරිපාලන තනතුරු වල වෙනසක් නොවන බවත් හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ සම්මත කළ කෙටුම්පතත් සමග වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ අතර තිරිඟු සහ තිරිඟු පිටි, ළදරු කිරිපිටි, සහල්, සහල් පිටි සහ පාන් ඇතුළත් කර තිබේ.

පාර්ලිමේන්තුවට ඊයේ (10) ඉදිරිපත් කර තිබූ වැට්බදු පනත සම්මත කිරීම විපක්ෂය හිතා මතා කඩාකප්පල් කළද එය යළි අද (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා හැටන් ප්‍රදේශයේදි මාධ්‍යට අදහස් දක්වමින් පවසා සිටියේ කවුරු මොනවා කිව්වත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට තරග කරන බවයි.

ආරක්ෂාව සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහා පරිමාණ රුසියානු- ශ්‍රී ලංකා උපදේශන හමුව පසුගිය 7 වනදා කොළඹදී පැවැත්විණි.

'හිමාලයා ප්‍රකාශනය' නමින් ෙබදුම්වාදී බලෙව්ග විසින් ඉදිරිපත් කළ ලියවිල්ලකට භික්ෂු නායකත්වෙය් හිමි නමක් විසින් අත්සන් තැබීම පිළිබඳව 'ලංකා ලීඩර්' ජාතික සංවිධානවල මතය විමසන ලදී.

දරුවන්ගේ පෝෂ ආහාර,පොහොර, ආබාධිතයන්ගේ උපකරණ සහ ගිලන් රථ ඇතුළු භාණ්ඩ සිය ගණනක් වැට් අය කෙරෙන භාණ්ඩ ලැයිස්තුවට අලුතින් ඇතුළත් කිරීම අසාධාරණ බව පවසමින් එම භාණ්ඩ ඒ ලැයිස්තුවෙන් වහාම ඉවත් කරන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක් සහ රජයේ ඇතැම් ඇමැතිවරුන් ද රජයෙන් ඉල්ලීමක් කර ඇත.


දේශීය පුවත්

සිරි දළදා වන්දනාවට ඉදිරි දෙදින නොපැමිණෙන්නැයි ඉල්ලයි

සිරි දළදා වන්දනාව වෙනුවෙන් සැදැහැවතුන්ගේ පැමිණීම තවදුරටත් ඉහළයෑම හේතුවෙන් ඉදිරි දෙදින තුළ වන්දනාමාන කටයුතු සිදු කිරීම සඳහා පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. සිරි දළදා වන්දනාව 2025.04.18 වන දින ආරම්භ කෙරුණි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි.

දළදා වදින්න දියවඩන නිලමෙගෙන් වෙනම පෝලිමක්... ආණ්ඩුව අපහසුතාවයට පත්වෙනවා - දේවානන්ද සුරවීර

දළදා ප්‍රදර්ශනය සඳහා දියවඩන නිලමේලා වෙනම පෝලිමක් සාදා ඇතුළු කරමින් සිටින බවට ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී දේවානන්ද සුරවීර මහතා සඳහන් කරයි.

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා වැල්ලම්පිටිය පොලිසිය මගින් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය (SLCAC ), බ්‍රැම්ප්ටන් හි ශ්‍රී ලංකා කැනඩා සංගමය (SLCAB) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය රජය දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත අභියෝගයට ලක් කරමින් ඔන්ටාරියෝ ඉහළ උසාවියේදී නඩුවක් ගොනු කළ අතර, ඔන්ටේරියානුවන් ඒ සම්බන්ධයෙන් හැදෑරිය යුතුය. මෙම කාරණය සම්බන්ධයෙන් ආචාර්ය නෙවිල් හේවගේ මහතාද වෙනම නඩුවක් ගොනු කළේය.

ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය නොදිනන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන වහා රටට පැහැදිලි කිරීමක් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.

ඇමති වාහන දෙකකට සීමා කරමින් චක‍්‍රලේඛයක්

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දු ලංකා ආරක්ෂක ගිවිසුමේ තොරතුරු දෙන්න ඉන්දියාවේ එකඟතාවයක් අවශ්‍යයි - නලින්ද ජයතිස්ස

පසුගියදා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයේ යෙදුනු අවස්ථාවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබූ ආරක්ෂක ගිවිසුමේ ඇතැම් කරුණු හෙළිදරව් කිරීමට ද්විපාර්ශවිය එකඟතාවක් අවශ්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.