News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරයෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට එරෙහිව ලොව පුරා නගරවල විරෝධතාකරුවන් වීථි බැස ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ අශෝක කොට්ටහච්චි මහතා තේරී පත්ව තිබේ.

එදිනෙදා ජීවිතයේ දී ආහාර සඳහාවත් ප්‍රමාණවත් මුදලක් උපයා ගැනීමටවත්, දරුවන්ට අධ්‍යාපනය ලබා දීමටවත් නොහැකි තත්ත්වයකට වර්තමානයේ සුළු පාරිමාණ ව්‍යාපාරිකයන් පත්වී ඇති බවට එම ව්‍යාපාරිකයන් මැසිවිලි නගති.

ඇමරිකා එක්සත් ජනපදය ඉරානයේ න්‍යෂ්ටික පහසුකම්වලට එල්ල කළ ප්‍රහාරයට දැඩි ප්‍රතිචාරයක් ලෙස, උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව ඡන්දය ප්‍රකාශ කර ඇත.

ඊශ්‍රායලය ඉරානයට සෘජු පහර දීම ආරම්භ කිරීමෙන් පසුව ඇතිවූ ඊශ්‍රායල ඉරාන යුද්ධය නතර කිරීමට සිදු කළ යුතු ප්‍රායෝගික කාරණා සම්බන්ධයෙන් ග්ලෝබල ටෛම්ස් වෙබ් අඩවිය වැදගත් කතු වැකියක් ලියා තිබේ. එය ලංකා ලීඩර් පාඨකයාගේ පරිශීලනය සඳහා මෙසේ පල කරමු. පරිවර්තනය ජීවන්ත ජයතිස්ස

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂිකා තුල්සි ගැබාර්ඩ්, ඉරාන-ඊශ්‍රායල් ගැටුම පිළිබඳ ඉහළ මට්ටමේ සාකච්ඡාවලින් බැහැර කර ඇති බව ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් උපුටා දක්වමින් එන්බීසී ප්‍රවෘත්ති සේවයේ සහ වොෂින්ටන් පෝස්ට් පුවත්පත් වාර්තා කර පවසයි.

1973 වර්ෂය දක්වා දිවෙන රාජ්‍යය තාන්ත්‍රික සබඳතා සමඟ, ටෙහෙරානය සහ ප්යොංයැං ඔවුන්ගේ ආයුධ සහ න්‍යෂ්ටික වැඩසටහන් සඳහා බටහිර රටවල් පනවා ඇති සම්බාධක මධ්‍යයේ පවා සමීප සබඳතා ගොඩනඟා ගෙන තිබේ.

1986 වසරෙන් පසුව තේ කර්මාන්තශාලා 213ක් විවිධ හේතු නිසා වසා දැමුණු බව වැවිලි සහ පුජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ජනාධිපතිවරණයට පෙර ජනාධිපතිවරයාගේ දැඩි විරෝධයට ලක්වූ පුද්ගලයකු ලෙස සැලකෙන හිටපු භාණ්ඩාගාර ලේකම්වරයා ඇගයීමට ලක්කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.


දේශීය පුවත්

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර ගැටුම් සැලැස්මකට අනුව සිදුවෙන බව පේනවා.. ගැටුම් පසුපස සංවිධානාත්මක කුමන්ත්‍රණයක්..- ඇමති ආනන්ද විජේපාල

දිවයිනේ බන්ධනාගාර කිහිපයක එකවර හටගෙන ඇති නොසන්සුන්කාරී තත්ත්වයන් යම් සැලසුම්සහගත කඩාකප්පල්කාරී ක්‍රියාවක හෝ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි බවට සැක පළ වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මහාචාර්ය විමල් දිසානායක අභාවප්‍රාප්ත වෙයි..

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සහ ජන සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක නිරත වූ අතිපූජනීය අධ්‍යයනඥයෙකු, සාහිත්‍ය විචාරකයෙකු සහ ප්‍රවීණ ලේඛකයෙකු වූ මහාචාර්ය විමල් දිසානායක අභාවප්‍රාප්ත වී තිබේ.

ලලිත් සහ කුගන් අතුරුදන්වීමේ නඩුව: ගෝඨාභය රාජපක්ෂට සැප්තැම්බර් 29 වැනිදා සාක්ෂි ලබාදෙන ලෙස නියෝග..

යාපනයේ දී අතුරුදන් වූ ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් සම්බන්ධ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සැප්තැම්බර් 29 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

රවී සෙනෙවිරත්නගේ රිය අනතුරු නඩුවට මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්..

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්නට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින රිය අනතුරු නඩුවක් ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් කොළඹ මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.