News Category
From Date
To Date
Maximum Number of Result

"ඇලස්කා එයාර්ලයින්ස්" ගුවන් සමාගම පවසන පරිදි ඊයේ(06) එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයේ පෝට්ලන්ඩ් ගුවන් තොටුපල වෙත හදිසි ගොඩබෑමකට ලක් කළ බෝයිං 737 මැක්ස් -9 ගුවන් යානයේ දෝෂය හේතුවෙන් සමාගමේ ගුවන් යානා සමූහයම “තාවකාලිකව” ගොඩබිම්ගත කරන බව නිවේදනය කර තිබේ.

වොෂින්ටනය ඊශ්‍රායලයට සක්‍රියව සහාය දක්වන අතරම ඉරාන නායකත්වය සඳහා “බිහිසුණු” දර්ශනයක් දැකීමට සැලැස්වීම සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරනු ඇතැයි එක්සත් ජනපද සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් පසුගිය 4 වනද ටෙල් අවිව් හි කළ සිය සංචාරය අතරතුර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හට පැවසීය.

ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමය පවසන්නේ රජය මඟින් ඉදිරිපත් කර ඇති නව බදු ප්‍රතිපත්තිය මත ලියාපදිංචි කරන ලද මෝටර් රථ අලෙවි කිරීමේ දී යළි බදු අය කිරීමේ අවදානමක් පවතින බව යි.

ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගම ජනවාරි මස විදුලි බිලට මහජන ආරක්ෂණ බද්ද සියයට 5 ක් හෙවත් දෙගුණයක් අය කර ගැනීම දැඩි අසාධාරණයක් බව පාරිභෝගිකයෝ චෝදනා කරති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳ තීරණාත්මක ඇගැයීමක් සඳහා ලබන 11 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු වධහිංසා පැමිණවීමේ චෝදනාවට වරදකරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව සැලකිල්ලට ගෙන වහාම නඩු පවරන ලෙස මෙරට ප්‍රමුඛ පෙළේ නීති උපදේශක කණ්ඩායමක් වන නීතීඥ සාමූහිකය නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ධම්මික පෙරේරා මහතාත් අග්‍රාමාත්‍ය අපේක්ෂ ලෙස නාමල් රාජපක්ෂ මහතාත් නම් කරනු ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම සඳහා නව නව නීතියක් හඳුන්වාදීමට උත්සාහ දරන්නේ මූල්‍ය අරමුදලේ බලපෑම නිසා නොව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දේවත්වයෙන් විශ්වාස කරන නව යටත් විජිතකරණ මහා න්‍යායපත්‍රයට අනුව යැයි පැහැදිළි වන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.


දේශීය පුවත්

සිරි දළදා වන්දනාවට ඉදිරි දෙදින නොපැමිණෙන්නැයි ඉල්ලයි

සිරි දළදා වන්දනාව වෙනුවෙන් සැදැහැවතුන්ගේ පැමිණීම තවදුරටත් ඉහළයෑම හේතුවෙන් ඉදිරි දෙදින තුළ වන්දනාමාන කටයුතු සිදු කිරීම සඳහා පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. සිරි දළදා වන්දනාව 2025.04.18 වන දින ආරම්භ කෙරුණි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි.

දළදා වදින්න දියවඩන නිලමෙගෙන් වෙනම පෝලිමක්... ආණ්ඩුව අපහසුතාවයට පත්වෙනවා - දේවානන්ද සුරවීර

දළදා ප්‍රදර්ශනය සඳහා දියවඩන නිලමේලා වෙනම පෝලිමක් සාදා ඇතුළු කරමින් සිටින බවට ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී දේවානන්ද සුරවීර මහතා සඳහන් කරයි.

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා වැල්ලම්පිටිය පොලිසිය මගින් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය (SLCAC ), බ්‍රැම්ප්ටන් හි ශ්‍රී ලංකා කැනඩා සංගමය (SLCAB) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය රජය දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත අභියෝගයට ලක් කරමින් ඔන්ටාරියෝ ඉහළ උසාවියේදී නඩුවක් ගොනු කළ අතර, ඔන්ටේරියානුවන් ඒ සම්බන්ධයෙන් හැදෑරිය යුතුය. මෙම කාරණය සම්බන්ධයෙන් ආචාර්ය නෙවිල් හේවගේ මහතාද වෙනම නඩුවක් ගොනු කළේය.

ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය නොදිනන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන වහා රටට පැහැදිලි කිරීමක් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.

ඇමති වාහන දෙකකට සීමා කරමින් චක‍්‍රලේඛයක්

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දු ලංකා ආරක්ෂක ගිවිසුමේ තොරතුරු දෙන්න ඉන්දියාවේ එකඟතාවයක් අවශ්‍යයි - නලින්ද ජයතිස්ස

පසුගියදා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයේ යෙදුනු අවස්ථාවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබූ ආරක්ෂක ගිවිසුමේ ඇතැම් කරුණු හෙළිදරව් කිරීමට ද්විපාර්ශවිය එකඟතාවක් අවශ්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.