කියුබාවට එරෙහි අමෙරිකානු කුමන්ත්‍රණය පරාජය කිරීමට මැදිහත් වන්නැයි අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලයි..
කියුබානු රජයට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස කියුබානු රජය විසින් එක්සත් ජාතීන් වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, කියුබාව එක්සත් ජාතීන් වෙත ගෙන ආ එම යෝජනාව පරාජය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් වලට අමෙරිකාව අනිසි බලපෑම් කරමින් සිටින බව අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය පවසයි.
මේ සම්බන්ධයෙන් එම සංසදය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් පවසන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී අමෙරිකාව මේ මොහොතේදී කියුබාව ගෙන ආ යෝජනාව පරාජය කිරීමට ගන්නා ප්‍රජාතන්ත්‍ර විරෝධී මානව විරෝධී ක්‍රියාවන් නවතා දැමීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය, එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යොමුකළ ලිපිය පහළින්..
ගරු මහලේකම් තුමා,
එක්සත් ජාතීන්ගේ සංවිධානය
නිව්යෝක්
ගරු මහලේකම් තුමනි,
මේ වන විට සමාජවාදී කියුබානු රජයට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස කියුබානු රජය විසින් එක්සත් ජාතීන් වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර අද(29) එම යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ඇත. කියුබාව වසර 60කට අධික කාලයක් අමෙරිකානු සම්බාධක හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව ලොවම දන්නා කාරණයකි. එලෙසම කියුබාව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ සිටින ඉතාම සාමකාමී රාජ්‍ය වලින් එකක් බව සමස්ත සාමකාමී ලෝක ජනයා මෙන්ම ඔබ තුමාද පිළිගන්නා කාරණයකි. එසේ හෙයින් කියුබාවට පනවා ඇති සම්බාධක ඉතාම අසාධාරණ සහ අයුක්තිසහගත වන බව අවිවාදිතය. එලෙසම අමෙරිකානු සම්බාධක හේතුවෙන් කියුබානු ජනයා බරතල සෞඛ්‍ය ආර්ථික සමාජීය ගැටළු රැසකට මුහුණ දී සිටින බවද ඔබ වෙත පෙන්වා දීමට කැමැත්තෙමු.
කියුබාව ඔවුන් මුහුණ දී සිටින දුෂ්කරතා ඉතාම සාධාරණව ප්‍රජාතන්ත්‍රවාදීව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළදී බේරා ගැනීමට උත්සහා ගන්නා බව වසර තිහකට අධික කාලයක් තිස්සේ කියුබාව ලොවට ප්‍රදර්ශනය කරමින් සිටී. කියුබාව පසුගිය 2024 වර්ෂයේදී අමෙරිකානු සම්බාධක වලට එරෙහිව එක්සත් ජාතීන් වෙත ගෙන ආ යෝජනවට රටවල් 187කම සහාය පලවීමෙන් කියුබාව වෙත ලෝක ජනයා දක්වන ගෞරවය ප්‍රකට කරන බව අපගේ කියවීමයි.
කෙසේ වුවද මෙවර කියුබාව එක්සත් ජාතීන් වෙත ගෙන ආ යෝජනාව පරාජය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් වලට අමෙරිකාව අනිසි බලපෑම් කරමින් සිටින බව මේ වන විට ප්‍රසිද්ධ රහසකි. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වාධීනත්වය සහ ගෞරවය රැක ගැනීම පිණිස ඔබ තුමා මැදිහත් වී අමෙරිකාව මේ මොහොතේදී කියුබාව ගෙන ආ යෝජනවා ප්‍රාජය කිරීමට ගන්නා ප්‍රජාතන්ත්‍ර විරෝධී මානව විරෝධී ක්‍රියාවන් නවත දැමීමට කටයුතු කරනු ඇතැයි අප ගෞරවපූර්වකව අපේක්ෂා කරමු. එලෙසම අමෙරිකාවේ අයුක්ති සහගත මෙම ක්‍රියාව වැලැක්වීමට ඔබ තුමා දක්වන දායකත්වය අමෙරිකානු සම්බාධක හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටින කියුබානු දරුවන් ඇතුළු සමස්ත කියුබානු ජනයාගේ ගෞරවණීය ජීවිතයකට හිමිකම්පෑමේ අයිතිය තහවුරු කරන බව ගෞරවයෙන් යුතුව සිහිපත් කරමු.
අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය අමෙරිකාව සිය ත්‍රස්ථවාදයට අනුබල දෙන රාජ්‍ය ලැයිස්තුවට කියුබාව ඇතුලත් කිරීමද යුක්තිසහගත නොවන ක්‍රියාවක් බව ඔබ තුමා වෙත අවධාරණය කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු.
ස්තුතියි,
වෛද්ය සුමිත් වන්නිආරච්චි,
කැඳවුකරු,
අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය.







සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..