News Category
From Date
To Date
Maximum Number of Result

ඇති වූ ආර්ථික අර්බුදයත් සමග බදු බර ජනතාව මත පැටවීම හේතුවෙන් දැඩි දිළිඳුභාවයට පත්වූ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමාණය පනස් පන් ලක්‍ෂය ඉක්මවා ගොස් ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා මගින් තහවුරු වී තිබේ.

නත්තල සහ අලුත් අවුරුදු සමයේ ඉහළ ගිය එළවළු සහ මත්ස්‍ය මිල ගණන් තවදුරටත් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

2003 දී 'යළි පුබුදමු ශ‍්‍රී ලංකා' යටතේ ඉදිරිපත් කළ විදුලිය පුද්ගලීකරණය කිරීමේ පනත ජනාධිපතිවරයාගේ උවමනාවට නැවත ඉදිරිපත් කරන විට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඊට අනුමැතිය ලබාදීම සඳහා ජනවරමක් ලැබී නැති බවත්, එම පනත වහාම හකුළා ගන්නා ලෙසත් දන්වමින් ජනිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතාට ලිපියක් යොමුකර තිබේ.

රටේ ඒකීය භාවය සුරකින බවට ප්‍රතිඥා දී තිබියදීත් මෙරට සිංහල බෞද්ධ උරුමය විනාශ වෙමින් පවතින බවත්, එබැවින් හිමාලයා ප්‍රකාශනය හරහා කෙබඳු තත්ත්වයක් නිර්මාණය විය හැකිද යන්න ජනතාව තේරුම්ගත යුතු බවත් ජාතික උරුමයන් සුරැකීමේ මධ්‍යස්ථානයේ නියෝජිත නීතිඥ එස්.කේ.ඒ. එස් සේනානායක මහතා පවසයි.

හිමාලයා ප්‍රකාශනයේ දිගුවක් ලෙස ක්‍රියාත්මක කිරීමට යන සත්‍ය සෙවීමේ කොමිසම් පනත බලාත්මක කිරීමෙන් 13 වැනි සංශෝධනය සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව නිර්මාණය වන බවත්, 2009 දී රට බෙදීම වළක්වා ලැබූ යුද ජයග්‍රහණය හේතුවෙන් බෙදුම්වාදීන්ගේ කේවල් කිරීමේ බලය අහෝසි වුවද, මේ හරහා නැවත එම කේවල් කිරීමේ බලය බෙදුම්වාදීන්ගේ අතට ලැබෙන බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

2022 මාර්තු මාසයේ දී පැවැත් වූ මානවහිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාව එරෙහිව ඉදිරිපත් කළ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි එවකට ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ දෙමළ මධ්‍යස්ථ ඩයස්පෝරාව සම්බන්ධකර ගනිමින් එයට විසඳුම් සපයා ගනු ලබන බව යැයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා සඳහන් කරයි.

‍2009 ජනවාරි 02 දා මානුෂික මෙහෙයුමේ හැරවුම් ලක්ෂය වූ කිලිනොච්චිය ත්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීමට හැකි වූ බවත්, එහි සතුට පසුගිය වසර දක්වාම තිබුන ද එළඹුනු වසරේ දී ඒ සතුට වෙනුවට ඇත්තේ දැඩි කණගාටුවක් බවද විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස් මහතා පවසයි.

පසුගිය දිනක හිමාලයා ප්‍රකාශනය නමින් දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයන් හා මෙරට භික්ෂුන් වහන්සේලා හත් නමක් විසින් ඉදිරිපත් කළ ලියැවිල්ල ජනාධිපතිවරයාට මෙන්ම මල්වතු හා අස්ගිරි පාර්ශ්වයේ මහ නායක හිමිවරුන්ට ද භාරදී ඇති බවත්, එයට උන්වහන්සේලා එකඟතාවය පළ කර ඇති බවට සමාජයේ යම් මතයක් නිර්මාණය කිරීමට අදාළ පාර්ශව විසින් උත්සාහයක් දරන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ඩයස්පෝරාව හා ශ්‍රී ලාංකික හිමිවරුන් හත් නමක් එක්ව ජනාධිපතිවරයාට බාරදුන් හිමාලයා ප්‍රකාශනයේ මාර්ග සිතියමට අනුව ජනවාරි මාසයේ දී සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසන්ධාන කොමිසම පනත සම්මත කිරීමට නියමිත බව ජාතික සංවිධාන එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.


දේශීය පුවත්

සිරි දළදා වන්දනාවට ඉදිරි දෙදින නොපැමිණෙන්නැයි ඉල්ලයි

සිරි දළදා වන්දනාව වෙනුවෙන් සැදැහැවතුන්ගේ පැමිණීම තවදුරටත් ඉහළයෑම හේතුවෙන් ඉදිරි දෙදින තුළ වන්දනාමාන කටයුතු සිදු කිරීම සඳහා පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. සිරි දළදා වන්දනාව 2025.04.18 වන දින ආරම්භ කෙරුණි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි.

දළදා වදින්න දියවඩන නිලමෙගෙන් වෙනම පෝලිමක්... ආණ්ඩුව අපහසුතාවයට පත්වෙනවා - දේවානන්ද සුරවීර

දළදා ප්‍රදර්ශනය සඳහා දියවඩන නිලමේලා වෙනම පෝලිමක් සාදා ඇතුළු කරමින් සිටින බවට ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී දේවානන්ද සුරවීර මහතා සඳහන් කරයි.

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා වැල්ලම්පිටිය පොලිසිය මගින් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය (SLCAC ), බ්‍රැම්ප්ටන් හි ශ්‍රී ලංකා කැනඩා සංගමය (SLCAB) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය රජය දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත අභියෝගයට ලක් කරමින් ඔන්ටාරියෝ ඉහළ උසාවියේදී නඩුවක් ගොනු කළ අතර, ඔන්ටේරියානුවන් ඒ සම්බන්ධයෙන් හැදෑරිය යුතුය. මෙම කාරණය සම්බන්ධයෙන් ආචාර්ය නෙවිල් හේවගේ මහතාද වෙනම නඩුවක් ගොනු කළේය.

ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය නොදිනන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන වහා රටට පැහැදිලි කිරීමක් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.

ඇමති වාහන දෙකකට සීමා කරමින් චක‍්‍රලේඛයක්

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දු ලංකා ආරක්ෂක ගිවිසුමේ තොරතුරු දෙන්න ඉන්දියාවේ එකඟතාවයක් අවශ්‍යයි - නලින්ද ජයතිස්ස

පසුගියදා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයේ යෙදුනු අවස්ථාවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබූ ආරක්ෂක ගිවිසුමේ ඇතැම් කරුණු හෙළිදරව් කිරීමට ද්විපාර්ශවිය එකඟතාවක් අවශ්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.