News Category
From Date
To Date
Maximum Number of Result

2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබේ.

චීනය, රුසියාව සහ උතුරු කොරියාව එක්සත් ජනපදයට එරෙහිව "කුමන්ත්‍රණය" කරන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්චෝදනා කර තිබේ. දෙවන ලෝක යුද්ධයේදී ජපානයට එරෙහි ජයග්‍රහණය සනිටුහන් කරමින් අද(03) බීජිං හි පැවති හමුදා පෙළපාළිය ක්‍රියාත්මකව තිබෙන මොහොතේදී ඔහු සිය සමාජ ගිනුමේ මෙලෙස සටහන් තබා තිබේ.

චීන ජනාධිපති ෂී ජින්පින්ගේ සහභාගීත්වයෙන් චීන මහජන යුද ජයග්‍රහණයේ 80 වැනි සැමරුම මේ වනවිට බීජිං අගනුවරදී ආරම්භ වී තිබේ.

ලෝක ෆැසිස්ට් විරෝධී සහ ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය ජයග්‍රහණය කිරීමේ 80 වැනි සංවත්සරය සමරමින් විශේෂ සැමරුම් උත්සවයක් ඊයේ (අගෝස්‍තු 31) කොළඹ පදනම් ආයතනයේ නිව් වින්ග් ශාලාවේදී පැවැත්විය.

ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, රුසියාව සහ චීනය අතර ශක්තිමත්ව ගොඩ නැගෙන සන්ධානය, දෙරටටම අයත් ඓතිහාසික උරුමය සහ බහු ධ්‍රැවීය ගෝලීය පිළිවෙලක් සඳහා පොදු දැක්ම ඉස්මතු කරමින් කරුණු ගෙනහැර දක්වමින් ඔහුගේ චීන සංචාරයට පෙර ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය සමඟ සම්මුඛ සාකච්ඡාවක නිරත විය.

දෙවන පරපුර ව්‍යාපාරයේ රණවිරු ජනපවුර විසින් ලබන මස 08 වන දින රණවිරුවන් දඩයම් කිරීමට සුදානමින් ඉදිරිපත් කිරීමට නියමිත ජිනිවා යෝජනා වලට එරෙහිව එකතු කරන ලබන මහජන අත්සන් එකතු කිරීමේ දැවැන්ත වැඩසටහනට සමගාමීව 2025 සැප්තැම්බර් 01 ඊයේ දින උදෑසන 9.00 සිට සවස 5.00 සිට කොටුව දුම්රියපල අසල දී මහජන අත්සන් එකතු කිරීම සිදු කෙරිණි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා, මුදල් ඇමති ලෙස සිය නිල බලය භාවිතාකර ඉකුත් ජූලි 14 වන දින, අංක 2445/02, 2445/03, 2445/04 සහ 2445/05 දරණ විශේෂ ගැසට්පත් 04 ක් නිකුත් කරමින් බ්‍රවුන්ස් ආයෝජන සමාගමේ අනුබද්ධිත සමාගමක් වන සිලෝන් රියල් එස්ටේට් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමත්, ක්ලෝස්පින් කළමනාකරණ හා සංවර්ධන පුද්ගලික සමාගමත්, අයි.එෆ්.සී. කොළඹ 01 පුද්ගලික සමාගමත්, අයි.සී.සී පෝට් සිටි පුද්ගලික සමාගමත්, කොළඹ වරාය පුරවර ආර්ථික කොමිසමේ ප්‍රතිපාදන යොදා ගනිමින් "වැදගත් ප්‍රාථමික උපායමාර්ගික ව්‍යාපාර" ලෙස නම් කර ඇති බවත්, එම සමාගම් වෙන් වෙන් වශයෙන් කොළඹ වරාය පුරවරයේ නියැලෙන ආර්ථික ක්‍රියාකාරකම් ද ඊට අනුෂංගික රජයේ සහන මාලාව ද එම ගැසට්පත්වල සඳහන්ව ඇති බවත් වෘත්තීය සංගම් පෙන්වා දෙයි.

ශැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 25 වන සමුළුව අද (01) චීනයේ Tianjin නගරයේ Meijiang සමුළු මධ්‍යස්ථානයේදී චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ශැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 25 වන සමුළුව අද (01) චීනයේ Tianjin නගරයේ Meijiang සමුළු මධ්‍යස්ථානයේදී චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.


දේශීය පුවත්

උතුරේ සියලු හමුදා මුරපොලවල් ඉවත් කළා.. සමූහ මිනීවළවල් කැණීම්වලට ජාත්‍යන්තර සහාය ගන්නවා.. - ඇමති විජිත

උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

"මේක සිංහල බෞද්ධ රාජ්‍යයක්.. මොන කේවට්ටයාද උපදෙස් දුන්නේ?" - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.

ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරය සහිතව ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඉදිරිපත් නොකෙරේ.. - හෙට ජාතික අක්ෂි රෝහලට..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක්.. - එජාපයෙන් නිවේදනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම් ඇන්දවීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක් බවත්, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි සහ 10 වැනි වගන්ති උල්ලංඝනය කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

"බුචා සිදුවීම බටහිර සහ කියෙව් පාලනයේ තවත් රඟපෑමක්".. – රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි

සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.

කතානායකට විශ්වාසභංගයක්..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් ලබාගැනීමේ කටයුතු අද ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම බුදුදහමට කළ අපහාසයක්.. – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ඉවත් කිරීමට පියවර ගැනීම බුද්ධාගමට සිදුකළ දැඩි අපහාසයක් බවත්, එම ක්‍රියාව තමන් කිසිසේත්ම අනුමත නොකරන බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.