කියුබාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට අමෙරිකානු සම්බාධක ඉවත් කරන ලෙස කළ යෝජනාව වැඩි ඡන්ද 165කින් සම්මතයි
1992 වර්ෂයෙන් සිට අඛණ්ඩව තිස් තුන්වන වසරටත් කියුබාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට එක්කක් කළ අමෙරිකා එකසත් ජනපද සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලා සිටිමින් ඉදිරිපත් කළ යෝජනාව කියුබානු රජයට ජයග්‍රහණය අත්පත් කර දෙමින් අවසන් විය. එම ජයග්‍රහණය සම්බන්ධයෙන් කියුබානු ජනතාවට සහ රජයට සුබ පතා වෙනිසියුලානු රජය ඇතුළු විවිධ රාජ්‍යන් පනිවිඩ නිකුත් කාර තිබුණි.
බහු කේන්ද්‍රීය සහ බහු ධ්‍රැවීය ලෝකයක් අධිරාජ්‍ය අහංකාරය ප්‍රතික්ෂේප කරමින් සහ කියුබාවේ සදාචාරාත්මක කීර්තිය ඉහළ නංවමින් දැඩි ලෙස ඉදිරියට යන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ඊයේ(29) පැවැත්වූ ඡන්දය ලකුණක් බව වෙනිසියුලානු රජය ප්‍රකාශයක් නිකුත් කරමින් අවධාරණය කරයි. එලෙසමසම අමෙරිකා එක්සත් ජනපදය කියුබාවට පනවා ඇති සම්බාධක වහාම, කොන්දේසි විරහිතව සම්පූර්ණයෙන්ම ඉවත් කර සියලු ඒකපාර්ශ්වික බලහත්කාර පියවර අවසන් කළ යුතු බව වෙනිසියුලාව සිය ප්‍රකාශය මගින් ඉල්ලා සිටී.
ඔක්තෝබර් 29 වන බ්‍රහස්පතින්දා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය කියුබාවට එරෙහිව එක්සත් ජනපදය විසින් පනවා ඇති ආර්ථික, වාණිජ හා මූල්‍ය සම්බාධක අවසන් කරන ලෙස ඉල්ලා සිටින යෝජනාවක් අනුමත කළේය. ඡන්දයෙන් කියුබානු ස්ථාවරය සඳහා අතිමහත් සහයෝගය පිළිබිඹු විය. කියුබාවේ යෝජනාවට පක්ෂව රටවල් 165 ඡන්දය දුන් අතර, රටවල් හතක් පමණක් විරුද්ධව ඡන්දය දුන් අතර රටවල් දොළහක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
යෝජනාවට විරුද්ධ වූ රටවල් අතර එක්සත් ජනපදය, ඊශ්‍රායලය, පැරගුවේ, හංගේරියාව, උතුරු මැසිඩෝනියාව, ආර්ජන්ටිනාව සහ යුක්රේනයද ඇතුළත් වේ. ඇල්බේනියාව, මොරොක්කෝව සහ පෝලන්තය ඇතුළු රටවල් 12 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
ජාත්‍යන්තර ආතතීන් ඉහළ යන පසුබිමක යෝජනාව සම්මත වූ අතර, බොහෝ සාමාජික රටවල් එක්සත් ජනපදය වෙනත් රටවල ස්වෛරීභාවයට ගරු කිරීම සහ වෙනත් රටව කටයුතු වලට මැදිහත් නොවී සිටිය යුතුය යන මූලධර්මවලට ගරු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළහ.
ඡන්දයට පෙර විවාදය අතරතුර, රටවල් සහ කලාපීය කණ්ඩායම් කිහිපයක් අමෙරිකානු සම්බාධක හෙළා දකිනු ලැබූ අතර එම සම්බාධක වහාම සහ කොන්දේසි විරහිතව ඉවත් කරන ලෙසද ඉල්ලා සිටියහ. ජාත්‍යන්තර තත්ත්වය තුළ නීතිමය හෝ සදාචාරාත්මක සාධාරණීකරණයක් නොමැති අතර, මෙම පියවර කියුබානු ජනතාවගේ ආර්ථික සංවර්ධනයට සහ යහපැවැත්මට බරපතල ලෙස බලපාන බවට වන තර්කයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බොහෝ රටවල් එකඟ විය.
කියුබාව විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පසුගිය මුදල් වර්ෂයේදී අමෙරිකානු සම්බාධක නිසා කියුබානු ආර්ථිකයට සිදු වූ හානිය ඩොලර් මිලියන 7,500 ඉක්මවා ඇති බවත්, එය පෙර වසරට සාපේක්ෂව සියයට 49 ක වැඩිවීමක් බවත් අවධාරණය කළේය. 1992 සිට, කියුබාව ඉදිරිපත් කරන යෝජනාව බොහෝ අවස්ථාවල එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ඒකමතිකව අනුමත කර තිබුණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මෑත ඉතිහාසයේ වඩාත්ම දඩි ස්ථාවරයක් ගත් යෝජනාවක් බවට පත්විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්