අර්ජුන් මහේන්ද්‍රන් කරපු කුප්ප හොරකම නන්දලාල් වීරසිංහ ඊටත් වඩා හොඳින් කරනවා.. - විමල්ගෙන් මහ බැංකු අධිපතිට ප්‍රබල චෝදනාවක්
අර්ජුන් මහේන්ද්‍රන් ඉතිහාසගත වුයේ පොලී අනුපාත කෘත්‍රිමව අඩුකර ඇලෝසියස්ලාට වාසිදායක වන භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමට පොට පාදා දීමෙන් බවත්, දැන් අර්ජුන් මහේන්ද්‍රන්ගේ දේශීය ආත්මය වන වර්තමාන මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ අර්ජුන් මහේන්ද්‍රන් ආරම්භ කළ ඒ කැත මෙහෙයුම ඊටත් වඩා කැත ලෙස කරගෙන යමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා නගයි.
අර්ජුන් මහේන්ද්‍රන් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරන විට ඇලෝසියස්ලාට ගැනීමට පොටපාදා දුන් බවත්, නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපතිවරයා විසින් බංකොලොත් වූ රටේ මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරන විට තමන්ම ලබා ගන්නා බවත් ඒ මහතා පවසයි.
අර්ජුන් මහෙන්ද්‍රන් කළේ පට්ට හොරකමක් නම්, ඒ හොරකම වර්තමාන මහ බැංකු අධිපතිවරයා ඊටත් වඩා හොඳින් සිදුකරමින් සිටින බවටත් ඔහු චෝදනා නගයි.
දූෂණයන් පිළිබඳව ඉතාම බරපතළ ප්‍රකාශයන් සිදුකරමින් බලයට පත්වූ කණ්ඩායමක් බලයේ සිටියදී සිදුකළ යුත්තේ පැවති ආණ්ඩුවල දූෂණයන් පමණක් සොයාබැලීම පමණක් නොව ඒවාට එරෙහිව පියවර ගන්නවා සේම මේ මොහොතේ සිදුවන දූෂණ ඔවුන්ට නතර කිරීමට හැකි විය යුතු බව
අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ මේ මොහොතේ බැඳියාවන් අතර ගැටුම් ඇතිවන දේ සිදුකරන පුද්ගලයන් තනතුරුවලින් පහකිරීමට ඔවුන්ට හැකි විය යුතු බවයි.
මහ බැංකුව යනු රටේ මූල්‍ය පාලනයේ ප්‍රධානම තැන බවත් එතැන සිටින ප්‍රධානියා දූෂිත තත්ත්වයකට පත්වෙලා නම් ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම ආණ්ඩුවේ වගකීම බවත් ඒ මහතා පෙන්වා දෙයි.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..