News Category
From Date
To Date
Maximum Number of Result

ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරයක් සිදුකර ඇති බව එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම පවසයි.

ජාතික යුක්තිය සාමූහිකය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී 60/21 යෝජනාව ප්‍රතික්ෂේප කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සැප්තැම්බර් 22 වැනි දින ඇමරිකා එක්සත් ජනපදයට යෑමට නියමිත බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය මේ වනවිට ගෙන යන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් දක්වා ගෙන යන බවට විදුලි වෘත්තීය සමිති අනතුරු අඟවයි.

බෞද්ධ රටවල ගැටුම් ඇති කර වැනසීමේ කුමන්ත්‍රණයක් පවතින බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, පොලොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ පවසති.

ලංකාවේ මෙතෙක් පැවති ආණ්ඩුවලින් අපරිනතම ආණ්ඩුව වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව බව කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.

යුරෝපය (වර්ණ විප්ලව), අරාබි ලෝකය (අරාබි වසන්තය) සහ ආසියාවේ සමහර කොටස් ("ආසියානු වසන්තය") පුරා, ස්වයංසිද්ධ තරුණ නැගිටීම් ලෙස පෙනී සිටි ව්‍යාපාර බොහෝ විට බාහිර මැදිහත්වීම් සහ දේශීය අවස්ථාවාදයේ මුද්‍රාවන් තබා තිබේ.

තිස් අවුරුදු යුද්ධය අවසන් කිරීමට ශ්‍රී ලංකා රජය සහ රණවිරුවන් සිදුකළේ මානුෂික මෙහෙයුමක් බවත්, මානුෂික මෙහෙයුමක් යනු ත්‍රස්තවාදී උවදුරකින් රටේ සියලු ජනයා මුදවාගැනීම බවත් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක රියර් අද්මිරාල් DKP දසනායක මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සිදු කළ පරීක්ෂණ සාර්ථකව අවසන් කර ඇති බැවින්, එක්සත් ජනපදයෙන් බොරතෙල් මිලදී ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සූදානම් වේ.


දේශීය පුවත්

උතුරේ සියලු හමුදා මුරපොලවල් ඉවත් කළා.. සමූහ මිනීවළවල් කැණීම්වලට ජාත්‍යන්තර සහාය ගන්නවා.. - ඇමති විජිත

උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

"මේක සිංහල බෞද්ධ රාජ්‍යයක්.. මොන කේවට්ටයාද උපදෙස් දුන්නේ?" - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.

ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරය සහිතව ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඉදිරිපත් නොකෙරේ.. - හෙට ජාතික අක්ෂි රෝහලට..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක්.. - එජාපයෙන් නිවේදනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම් ඇන්දවීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක් බවත්, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි සහ 10 වැනි වගන්ති උල්ලංඝනය කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

"බුචා සිදුවීම බටහිර සහ කියෙව් පාලනයේ තවත් රඟපෑමක්".. – රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි

සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.

කතානායකට විශ්වාසභංගයක්..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් ලබාගැනීමේ කටයුතු අද ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම බුදුදහමට කළ අපහාසයක්.. – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ඉවත් කිරීමට පියවර ගැනීම බුද්ධාගමට සිදුකළ දැඩි අපහාසයක් බවත්, එම ක්‍රියාව තමන් කිසිසේත්ම අනුමත නොකරන බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.