

මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සියළුම දෙපාර්තමේන්තු තුළින් පසුගිය වසර තුළ සිදුවූ කාර්යභාරය සහ ඉදිරි සැලසුම් පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ මහජනතාවට නිවැරදි අවබෝධයක් ලබාදීම සඳහා සංවිධානය කරන ලද විශේෂ මාධ්‍ය හමුවක් බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ඒ්කීය භාවය හා මානව අයිතීන් රැකගැනීම වෙනුවෙන් කැපවී ක්‍රියාත්මක වන ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් සැදුම්ලත් සංවිධානයක් වන 'ස්පර්' සංවිධානය විසින් හිමාලයා ප්‍රකාශනය හා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රකාශවල ඇති යටි අරමුණු පිළිබඳව පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබේ.

2015 ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ගෙන ආ ශ්‍රී ලංකාවට එරෙහි 30/1 යෝජනාව අනුව යමින්, 2015 සිට මේ වන විට බෙදුම්වාදී ත්‍රස්තවාදය පැරදවීමේ යුද්ධයට අණ දුන් - නියෝග දුන් හමුදා ප්‍රධානීන් යුද අපරාධකරුවන් කිරීමේ යාන්ත්‍රණය සම්පූර්ණ කිරීමට නීතිමය රාමු හතක් එනම් පනත් හතක් සකස් කර අවසන් බවටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනවාරි පළමුවැනිදා ගැසට් කරනු ලැබූ "ශ්‍රී ලංකාවේ සත්‍ය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව' පනත් කෙටුම්පත සම්මත වුවහොත් අදාළ යාන්ත්‍රණය සර්ව සම්පූර්ණ වන බවටත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අනතුරු අඟවයි.

හමුදා ප්‍රධානීන් දංගෙඩියට ගෙනයන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අතේ ඇති සැලසුම ගැන ජාතික ජනබලවේගය කිසිම තැනක කතාකොට නැති බවත්, එම මෙහෙයුම ගැන මෙන්ම රට ආර්ථික, සමාජීය, සංස්කෘතික වශෙයන් පිරිහීෙමන් පිරිහීමට ගෙන යන මෙහෙයුමට එරෙහිව ජාතික ජනබලවේගය හෝ කවර කණ්ඩායමක් හෝ ඇත්ත විවේචනයක් සහිතව ගමනක් යනවා නම් ඒ් දෙස සුබවාදීව බැලීමට සූදානම් බව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
දේශීය පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දළදා වදින්න දියවඩන නිලමෙගෙන් වෙනම පෝලිමක්... ආණ්ඩුව අපහසුතාවයට පත්වෙනවා - දේවානන්ද සුරවීර
ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
ක්‍රිකට් ක්‍රීඩක මලින්ද වර්ණපුර ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයෙකු කරයි
ඇමති වාහන දෙකකට සීමා කරමින් චක්රලේඛයක්
ඉන්දු ලංකා ආරක්ෂක ගිවිසුමේ තොරතුරු දෙන්න ඉන්දියාවේ එකඟතාවයක් අවශ්‍යයි - නලින්ද ජයතිස්ස
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
