News Category
From Date
To Date
Maximum Number of Result

කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය හෙවත් LRT ව්‍යාපෘතිය වෙනුවෙන් ජපානය වැය කළ වියදම ගෙවන්නේ නම් පමණක් මෙරට සිදුකරන ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කරන බව ජපානය දැනුම්දී ඇති බව වාර්තා වේ.

තායිවානයේ ස්වාධීනත්වය වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ හඬ නගන, පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ (ඪ්ඵ්ඵ්) ප්‍රධාන චරිතයක් වන තායිවානයේ උප ජනාධිපති ලායී චින්ග් තේ තයිවානයේ පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පහසු ජයග්‍රහණයක අත්පත් කරගෙන ඇත.

ආර්ථිකයේ කඩා වැටීම හේතුවෙන් මෙරටේ විවිධ කර්මාන්ත දෙලක්ෂ හැට තුන් දහස් දෙසීයක් පසුගිය වසර හතරක කාලයේදී (2019සිට 2022 දක්වා) වැසී ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

වර්තමානයේ බුදු දහමට එල්ල වන අභියෝග සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු විය යුතු බව ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ ජ්‍යේෂ්ඨ අනුනායක අග්ග මහා පණ්ඩිත පූජ්‍ය ඕමාරේ කස්සප හිමි පවසති.

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන "යුක්තිය මෙහෙයුම" ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයා වෙත උපදේශන මාලාවක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

රතු මුහුදේ සහ ඒඩන් බොක්කෙහි නාවික මාර්ග වල ගමන් කරන නාවික යාත්‍රා ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරන හූති සටන්කාමීන්ගේ ප්‍රහාර වලට ප්‍රතිචාර වශයෙන් අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඊයේ(12) අලුයම් කාලයේදී යේමනයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

නව වසරේ පළමු සතියේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් සිදුකළ යාපනය සංචාරයේ දී තම ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරමින් උතුරු හා නැගෙනහිර පළාත්වලට 13 වැනි සංශෝධනය මගින් ලබාදී ඇති බලතල උපරිමයෙන් යොදාගනිමින් තම පළාත් සංවර්ධනය කළ යුතු බව හා ඊට මධ්‍යම රජය බාධා නොකරන බවත් සඳහන් කර ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පති ලෙස පත්කිරීමට ව්‍යවස්ථා සභාවෙන් ජනාධිපතිවරයට අනුමැතිය ලබාදීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ජාතික ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වේ.

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාව අද [12] මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ලබාදීමට නියමිත බව විදුලි බල මණ්ඩලයේ ආරංචි මාර්ග පවසයි.


දේශීය පුවත්

සිරි දළදා වන්දනාවට ඉදිරි දෙදින නොපැමිණෙන්නැයි ඉල්ලයි

සිරි දළදා වන්දනාව වෙනුවෙන් සැදැහැවතුන්ගේ පැමිණීම තවදුරටත් ඉහළයෑම හේතුවෙන් ඉදිරි දෙදින තුළ වන්දනාමාන කටයුතු සිදු කිරීම සඳහා පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. සිරි දළදා වන්දනාව 2025.04.18 වන දින ආරම්භ කෙරුණි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි.

දළදා වදින්න දියවඩන නිලමෙගෙන් වෙනම පෝලිමක්... ආණ්ඩුව අපහසුතාවයට පත්වෙනවා - දේවානන්ද සුරවීර

දළදා ප්‍රදර්ශනය සඳහා දියවඩන නිලමේලා වෙනම පෝලිමක් සාදා ඇතුළු කරමින් සිටින බවට ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී දේවානන්ද සුරවීර මහතා සඳහන් කරයි.

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා වැල්ලම්පිටිය පොලිසිය මගින් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය (SLCAC ), බ්‍රැම්ප්ටන් හි ශ්‍රී ලංකා කැනඩා සංගමය (SLCAB) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය රජය දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත අභියෝගයට ලක් කරමින් ඔන්ටාරියෝ ඉහළ උසාවියේදී නඩුවක් ගොනු කළ අතර, ඔන්ටේරියානුවන් ඒ සම්බන්ධයෙන් හැදෑරිය යුතුය. මෙම කාරණය සම්බන්ධයෙන් ආචාර්ය නෙවිල් හේවගේ මහතාද වෙනම නඩුවක් ගොනු කළේය.

ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය නොදිනන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන වහා රටට පැහැදිලි කිරීමක් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.

ඇමති වාහන දෙකකට සීමා කරමින් චක‍්‍රලේඛයක්

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දු ලංකා ආරක්ෂක ගිවිසුමේ තොරතුරු දෙන්න ඉන්දියාවේ එකඟතාවයක් අවශ්‍යයි - නලින්ද ජයතිස්ස

පසුගියදා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයේ යෙදුනු අවස්ථාවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබූ ආරක්ෂක ගිවිසුමේ ඇතැම් කරුණු හෙළිදරව් කිරීමට ද්විපාර්ශවිය එකඟතාවක් අවශ්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.