News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ හිටපු රාජ්‍ය නායකයන්ට රාජ්‍ය අරමුදල්වලින් සැපයූ නිල නිවාස ඇතුළු වරප්‍රසාද අහෝසි කිරීමට පාර්ලිමේන්තුව විශාල බහුතරයකින් ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟ, විශ්වාසනීය ලෙස යුද අපරාධ චෝදනාවට ලක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කොළඹ නව නිවසක් සොයා ගැනීමට සිදුව ඇතැයි Tamil guardian වාර්තා කරයි.

ජිනීවා වැඩපිළිවෙල යනු ලෝකය පාලනය කිරීම සඳහා එක්සත් ජනපදය ප්‍රමුඛ අධිපති රාජ්‍යයන් ගෙනයන වැඩසටහනේ දී චීනයෙන් ඔවුන්ට එල්ලවී ඇති තර්ජනය බිඳ දැමීමේ වැඩපිළිවෙලක් බවත්, චීනය වැට්ටවීම සඳහා ඔවුන්ට ශ්‍රී ලංකාව නමැති රාජ්‍ය අත්‍යවශ්‍ය බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

මිද්දෙනිය ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද අයිස් නිෂ්පාදන අමුද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන බහාලුම් දෙක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

නේපාල විරෝධතා ව්‍යාපාරයේ තරුණ නායකයින් හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි රටේ අන්තර්කාලීන අගමැතිනිය ලෙස කටයුතු කිරීමට යෝජනා කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ සංගමයේ ලේකම් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය ඊයේ(10) වාර්තා කළේය.

නේපාල විරෝධතා ව්‍යාපාරයේ තරුණ නායකයින් හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි රටේ අන්තර්කාලීන අගමැතිනිය ලෙස කටයුතු කිරීමට යෝජනා කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ සංගමයේ ලේකම් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය ඊයේ(10) වාර්තා කළේය.

මේ දිනවල ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 60වන සැසියට සමගාමීව මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ රුසියානු නියෝජිතයා විශේෂ ප්‍රකාශයක් කරනු ලැබීය. එහි සිංහල පරිවර්තනය පහත පලවේ.

ජනවසම සභාපති ජයන්ත තිලකරත්න ඉල්ලා අස් වූයේ ඔහුගේ පෞද්ගලික ඕනෑකමක් නිසා බව ඉකුත් දා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න පාර්ලිමේන්තුවේ දී පැවසීය.

දශක ගණනාවකට පසු නේපාලයට බලපෑ දරුණුතම නොසන්සුන්තාව මධ්‍යයේ, අගනුවර වන කත්මණ්ඩු නගරයේ වීදිවල හමුදා මුර සංචාර යොදවා ඇති අතර, මෙම විරෝධතා අඟහරුවාදා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන තිබිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙතෙක් වාසය කළ විජේරාම නිල නිවස රජයට භාර දීමට සූදානම් වන අතර, ඔහු අද පස්වරුවේ සිය ගම් ප්‍රදේශය වන තංගල්ල, මැදමුලන පිහිටි නිවස බලා පිටත්ව යයි.


දේශීය පුවත්

උතුරේ සියලු හමුදා මුරපොලවල් ඉවත් කළා.. සමූහ මිනීවළවල් කැණීම්වලට ජාත්‍යන්තර සහාය ගන්නවා.. - ඇමති විජිත

උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

"මේක සිංහල බෞද්ධ රාජ්‍යයක්.. මොන කේවට්ටයාද උපදෙස් දුන්නේ?" - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.

ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරය සහිතව ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඉදිරිපත් නොකෙරේ.. - හෙට ජාතික අක්ෂි රෝහලට..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක්.. - එජාපයෙන් නිවේදනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම් ඇන්දවීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක් බවත්, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි සහ 10 වැනි වගන්ති උල්ලංඝනය කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

"බුචා සිදුවීම බටහිර සහ කියෙව් පාලනයේ තවත් රඟපෑමක්".. – රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි

සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.

කතානායකට විශ්වාසභංගයක්..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් ලබාගැනීමේ කටයුතු අද ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම බුදුදහමට කළ අපහාසයක්.. – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ඉවත් කිරීමට පියවර ගැනීම බුද්ධාගමට සිදුකළ දැඩි අපහාසයක් බවත්, එම ක්‍රියාව තමන් කිසිසේත්ම අනුමත නොකරන බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.