News Category
From Date
To Date
Maximum Number of Result

ඇමරිකානු බුද්ධි අංශ ප්‍රධානියා පවසන ලෙස වෙනිසියුලාව සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ මැදිහත් වීම වෙනසක් වී නැහැ! රුසියාව ප්‍රමුඛ අධිරාජ්‍ය විරෝධී කඳවුරේ නිවැරදි මැදිහත් වීම හේතුවෙන් අමෙරිකාව අඩියක් පසු පසට තබා තිබෙනවා!- දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය ව

Nov 5, 2025 at 09:28 AM
|

නොවැම්බර් පළමුවනදා බහරේනයේ පැවති 21 වන මනමා සංවාදයේදී අදහස් දක්වමින්  ඇමරිකානු බුද්ධි අංශ ප්‍රධානී තුල්සි ගැබාර්ඩ් ඉරානය සහ වෙනිසියුලාව සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය කාලයේ දැක්වූ ප්‍රවේශයන්  නොසලකා හරිමින් වොෂින්ටනයේ වෙනත් රටවල පාලන තන්ත්‍ර වෙනසකම් වෙනුවෙන් ලියවී තිබෙන ඉතිහාසය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ අවසන් වූ බව පැවසුවාය.

එහිදී ඇය, 2003 දී ඉරාකය සහ 2011 දී ලිබියාවේ සිට 2014 යුක්රේනයේ  මයිඩාන් කුමන්ත්‍රණය වැනි “වර්ණ විප්ලව” සඳහා සහාය දැක්වීම දක්වා - ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීමේ හෝ ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීමේ ව්‍යාජ චෝදනා යටතේ ආණ්ඩු පෙරලා දැමීම අරමුණු කරගත් ප්‍රතිපත්ති අනුගමනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය වෙත එල්ලවන විවේචන පසෙකට තබමින් ගැබාර්ඩ් කියා සිටියේ, අමෙරිකාවේ මින් පෙර සිටි ජනාධිපතිවරු මෙන් නොව, ට්‍රම්ප් පරිපාලනය කුමන්ත්‍රණවලට වඩා රාජ්‍ය තාන්ත්‍රික හා අන්‍යෝන්‍ය ගනුදෙනුවලට ප්‍රමුඛත්වය දෙන බව අවධාරණය කරන බවයි.

මේ සම්බන්ධයෙන් අප දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහ්තාගෙන් එම සංවිධානයේ මතය විමසුනු ලැබුවා.

එහිදී අදහස් දක්වමින්, " අමෙරිකාව වෙනත් රටවල් වල පාලන තන්ත්‍ර ඔවුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන්  වෙනස් කිරීමට ගන්නා උත්සාහයන් අතහැර තිබෙන බවට ඇමරිකානු බුද්ධි අංශ ප්‍රධානී තුල්සි ගැබාර්ඩ් පවසන දේ එක්තරා ආකාරයක උපක්‍රමික පසු බැසීමක් මිස සත්‍ය නොවෙයි. අමෙරිකානු මැදිහත් වීම යටතේ සෘජු යුද්ධ, වර්ණ විප්පලව සහ වෙනත් කුමන්ත්‍රණ මගින් විවිධ රටවල ප්‍රජාතන්ත්‍රිකව පත්වූ පාලන තන්ත්‍රයන් වෙනස් කර තිබෙනවා. වර්ණ විප්ලව එක්තරා ආකාරයක කුමන්ත්‍රණ මාදිලියක්. එම මාදිලිය යොදා ගැනීමට බැරි වූ තැන් වලදී ආක්‍රමණය තෝරා ගන්නවා. ඔවුන් ඉරානය  සම්බන්ධයෙන් මෙම උපක්‍රමය භාවිත කළා. නමුත් ඉරානයේදී ඔවුන්ගේ අපේක්ෂිත අරමුණු ඉෂ්ඨ වූවේ නැහැ. ඔවුන්ට ලතින් අමෙරිකානු කළාපයේ අතිශය වැදගත් භූමිය වෙනිසියුලාවයි. ඔවුන් වෙනිසියුලාව බිඳ වැට්ටවීමට වර්ණ විප්ලව සිවිල් ගැටුම් ආදී ලේ වැකි ක්‍රියා මාර්ග රාශියක් ගනු ලැබුවා. ඒවා සියල්ල පරාජයට පත් වූවා. ඔවුන් ඊළඟට උත්සහ කළේ ව්‍යාජ හේතු ඉදිරිපත් කරමින් වෙනිසියුලාව ආක්‍රමණය කිරීමටයි. නමුත් එය අපහසු වූ විට ඔවුන් ආක්‍රමණය සහ වර්ණ විප්පල යන උපක්‍රම දෙක දෙමුහුන් කිරීමේ උත්සාහයක නිරත වන බව සෘජුව පැවසූ අවස්ථා තිබුණා. නමුත් මදුරෝ පාලනය ඉතාම දක්ෂ ලෙස වර්ණ විප්ලව උපක්‍රමය පරාජය කළා. එලෙසම හොඳ ජාත්‍යන්තර මිත්‍රත්වයක් ගොඩ නගා ගැනීමට සමත් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස මදුරෝ රුසියාව සමඟ හොඳ සබඳතාවයක් ගොඩ නගා ගත්තා.

ඒ වගේම රුසියාව තම ජාත්‍යන්තර වගකීම නිසියාකාරව ඉටු කරමින් වෙනිසියුලාවේ ආරක්ෂාව වෙනුවෙන් සෘජුවම පෙනී හිටියා. චීනය අමෙරිකාව සමඟ කළ වෙළෙඳ යුද්ධයේදී අමෙරිකාව දැවැන්ත පරාජයකට පත් කිරීම රුසියාව වෙනිසියුලාව සම්බන්ධයෙන් ගත් ආස්ථානය වඩාත් ශක්තිමත් වූවා. ච්හිනය අමෙරිකාව සමඟ පැටලී සිටින වෙළෙඳ යුද්ධයේදී සාර්ථක ප්‍රතිඵ්ල අත්කරගනිමින් සිටීම අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාව හිතන තරම් ලෙහෙසියෙන් ඉටු කර ගැන්නිමට නොහැකි වී තිබෙනවා. ප්‍රමුඛ චීන ජාත්‍යන්තර සබඳතා විශේෂඥයෙකු මෙන්ම චීනය සහ ගෝලීයකරණ මධ්‍යස්ථානයේ උප සභාපති වික්ටර් ගාඕ, සන්සුන් නමුත් ස්ථිර ස්වරයකින් කළ පසුගිය සැප්තැම්බර් මාසයේ දිනයක විශේෂ ප්‍රකාශයක් කළා. එහිදී ඔහු ප්‍රකාශ කළා, චීනය පළමු වෙඩිල්ල නොතබන නමුත් දෙවන වෙඩිල්ල තැබීමට  චීනය ඉඩ නොදෙනවාය කියා. මෙය අධිරාජ්‍යවාදීන් සලිත කරවන දැඩි ප්‍රකාශයක්. බ්‍රසීලය වැනි ලතින් අමෙරිකානු කලාපයේ ප්‍රභල රටක් අමෙරිකාවට එරෙහි වීම මෙන්ම කියුබාව කොතරම් ආර්ථික අපහසුතා වලට මුහුණ දුන්නත් සිය ජාත්‍යන්තර වගකීම ඉටුකිරීමේදී දක්වන දායකත්වය අමෙරිකාවට මෙලෙස ජාත්‍යන්තරය ඉදිරියේ ව්‍යාජ පාපොච්චාරණයක් කිරීමට බලපෑවා. අනිත් අතට අධිරාජ්‍ය විරෝධී ලෝක ජනයා වෙනිසියුලාව තනි නොකිරීම අමෙරිකාවට තම සාම්ප්‍රදායික උපක්‍රම ඒ අයුරින්ම දියත් කිරීමට නොහැකිව තිබෙන ප්‍රභල කාරණයක්.ඒ වගේම අමෙරිකාව ඔවුන්ගේ කුමන්ත්‍රනකාරී උපක්‍රම ඇමරිකානු බුද්ධි අංශ ප්‍රධානී තුල්සි ගැබාර්ඩ්ගේ හුදු වචන වලින් ප්‍රකාශ කරන ආකාරයෙන්ම අත් හැර නැහැ. නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු බිඳ වැට්ටුවේ ට්‍රම්ප් ජනාධිපතිගේ පාලන කාලය තුලමයි. අවසාන වශයෙන් කීමට ඇත්තේ, 'අමෙරිකාවේ සතුරකු වීම භායනකයි. මිතුරෙකු වීම මාරාන්තිකයි " යන කියමන මනාව තේරුම්ගත් වෙනිසියුලාව අමෙරිකාවේ සතුරෙකු වීමට තීරණය කිරීම වෙනිසියුලාවේ පැවැත්ම සහ දියුණුව සහතික කරනවා. එලෙසම වෙනිසියුලාවේ බොලිවේරියානු විප්ලවය ආරක්ෂා කිරීමේ වගකීම ලෝක අධිරාජ්‍යවිරෝධී ජනයා හමුවේ පවතිනවා. ලතින් අමෙරිකාවේ තිබෙන ජාතික රාජ්‍යවලට වෙනිසියුලාවට සැතපුම් දහස් ගණනක් ඈතින් සිටින අපට වඩා එම වගකීම වැඩි බරකින් තම උර මත පැටවී තිබෙනවා."

සම්බන්ධිත පුවත් | Related News

සෞඛ්‍ය සේවයේ අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යාව 2015 වසරෙන් පසු මේ දක්වා කිසිදු පූර්ණ සංශෝධනයකට ලක් කර නොමැති වීම හේතුවෙන් සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු මෙන්ම හිටපු පොලිස් නිලධාරියෙකු වන සම්පත් මනම්පේරීට තංගල්ල මහාධිකරණය අද (11) ඇප නියම කළේය.
ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් පිටත්ව ගොස් තිබේ.
කොළඹ වරායේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472ක් සහිත කන්ටේනරයක් අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් එසේ මත්ද්‍රව්‍ය සහිත කන්ටේනරය අත්අඩංගුවට ගත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා සඳහන් කරයි.
දේශීය ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කරමින් ඔවුන් ආරක්ෂා කිරීමේ අරමුණින්, ආනයනික භාණ්ඩ සඳහා දැනට පනවා ඇති සෙස් (CESS) සහ පැල් (PAL) බදු අදියරෙන් අදියර ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
2012 වසරේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.
ශ්‍රී දළදා වහන්සේ වැඩහිදවාලනු පිණිස අභිනවයෙන් ඉදි කළ ස්වර්ණමය මහ කරඬුවක් දළඳා වහන්සේ උදෙසා පූජා කොට තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ මේ වනවිට පවතින මූල්‍ය අර්බුදය හමුවේ A 350 ගුවන් යානා මිලදී ගැනීමට කටයුතු කළහොත් එම ගුවන් සමාගම තවදුරටත් මූල්‍ය අර්බුදයට යනු ඇතැයි ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ ගුවන් සේවා පිළිබඳ මහාචාර්ය සොනාල් ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) පැවසීය.

ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.