කඳානෙන් ඇල්ලු සුදු කැටවල අයිස් හදන රසායනික නෑ..- රස පරීක්‍ෂක වාර්තාව අධිකරණයට
කඳානේ පිහිටි නිවසකින් සහ එම නිවස ඉදිරිපිට පිහිටි වෙල්යායෙන් සොයාගත් සුදු පැහැති කැට සහ කුඩු මෙතැන්පිටමින් නොහොත් අයිස් නිෂ්පාදනය කිරීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍යයක් නොවන බවත්, ඊට අදාළ වාර්තාව රස පරීක්ෂකවරයා විසින් කඳාන පොලිස් ස්ථානයට යොමුකර ඇති බවත්, එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට කඳාන පොලිසිය පියවර ගෙන ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය.
එහි තිබී ඇත්තේ ටැල්ක් පාෂාණය බව ඒ අනුව තහවුරු වී තිබේ.
මෙම සුදු පැහැති කැට සහ කුඩු විශේෂය කැල්ක් නමැති පාෂාණය බව සඳහන් කරමින් ඉරානයේ සිට කන්ටේනර් දෙකකින් මෙරටට රැගෙනවිත් තිබුණේ ඉකුත් වසරේ අගය. එම කන්ටේනර් දෙකේ මත්ද්‍රව්‍ය ඇතැයි ජාත්‍යන්තර බුද්ධි ඒජන්සියක් මගින් කළ දැනුම්දීමකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේත් ශ්‍රී ලංකා රේගුවේත් නිලධාරීන් කන්ටේනර් රථ දෙක දැඩි පරීක්ෂාවකට ලක්කර තිබිණි.
එහිදී අනාවරණ වී තිබුණේ එහි ඇත්තේ ටැල්ක් බවත් මත්ද්‍රව්‍ය නොමැති බවත්ය.ඒ අනුව කන්ටේනර් දෙක නිදහස් කර ඇති බව කියවිණි. මෙම කන්ටේනර් දෙක කෙහෙල්බද්දර පද්මේ විසින් එවා ඇති බවත් බැකෝ සමන් විසින් එය ශ්‍රී ලංකා පොදු පෙරමුණේ පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙක් වූ සම්පත් මනම්පේරි නමැත්තා මගින් මිද්දෙණියට රැගෙන ගොස් ඇති බවත් විමර්ශනවලින් අනාවරණ විය. ඒ අනුව සම්පත් මනම්පේරි අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ඔහු පලාගොස් සැඳව සිටියේය. පසුව ඔහු අධිකරණයට භාරවීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. පසුව පොලිසියේ ඉල්ලීම මත රැඳවුම් නියෝගයක් මත බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයට ඔහුව භාර කෙරිණි.
සම්පත් මනම්පේරි අත්අඩංගුවට ගැනීමට මුල්වූ කන්ටේනර් දෙකේ වූ සුදු පැහැති කැට සහ කුඩු විශේෂ ගැන පොලිසිය පවසන්නට වූයේ ඒවා අයිස් නිෂ්පාදනයට ගන්නා රසායනික ද්‍රව්‍ය බවය. සම්පත් මනම්පේරි ප්‍රශ්න කිරීමේදී පවසා තිබුණේ තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බවය.
කන්ටේනර් දෙකේ තිබුණු දුසු කැට සහ කුඩුවලින් කොටසක් නුවරඑළියට සහ කඳානට රැගෙන ගිය බවද පොලිසිය සිය විමර්ශන මගින් හෙළිකර ගත්තේය. මිද්දෙණියේ ගෙව්තක වළදමා තිබී ඇත්තේ ඉතිරි කොටසය. ඒ තැන බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පසුගිය සැප්. 05 දා සොයාගැනීමෙන් අනතුරුව වළදැමූ එම කැට සහ කුඩු ගොඩන්නේ 06 වැනිදාය. එම අවස්ථාවට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ රසායනාගාර පරීක්ෂකවරුන්ද කැඳවා තිබිණි.
එදින සවස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිල වශයෙන් දැනුම් දෙන්නේ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් පරීක්ෂා කළ සාම්පල 20න් 05කම අයිස් අන්තර්ගතව ඇතැයි දැනුම්දී තිබෙන බවය.
සැප්. 12 වැනිදා වනවිට ඒ ලබාගත් සාම්පල් සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂාවක් සිදුකර අන්තරාජයකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයට දැනුම්දී තිබුණේ සාම්පල් 20න් 19කම මෙතැන්පිටමින් නොහොත් අයිස් ඇති බවය. මේ ගැන පොලි්ස මාධ්‍ය ප්‍රකාශකද නිල නිවේදනයක් දින දෙකක් ඇතුළත් නිකුත් කරනු ලැබීය. රජයේ රස පරීක්ෂකවරයාද මේ සම්බන්ධයෙන් පරීක්ෂාවක් සිදුකර තිබිණි. සැප්. 07 වැනිදා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මිද්දෙණියට ගොස් සාම්පල ලබාගෙන තිබිණි.
- ගයාන් කුමාර වීරසිංහ
දිනමිණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..