රුසියාව සහ චීනය රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යාමේ මාර්ග සිතියමකට එකඟ වේ.
රුසියානු අගමැති මිහායිල් මිෂුස්ටින් චීනයේ හැංෂෝ නගරයේ කළ සංචාරයේදී චීන අගමැති ලී කියැං හමුවිය. සංචාරයෙන් පසුව රුසියාව සහ චීනය දෙරටේ වර්ධනය වන සබඳතා පිළිබඳ නව නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊයේ(04) නිකුත් කළ නිවේදනය මගින්, දෙපාර්ශ්වයම බහු ක්ෂේත්‍ර හරහා සහයෝගීතාව පුළුල් කිරීමට සහ බාහිර අභියෝගවලට ඒකාබද්ධව ප්‍රතිචාර දැක්වන බව අවධාරණය කර තිබේ. දෙරටෙහි මූලික අවශ්‍යතාවලට බලපාන ගැටළු සම්බන්ධයෙන් ස්ථිර අන්‍යෝන්‍ය සහයෝගයක් ලබා දීමටත්, විද්‍යාව, තාක්‍ෂණය, කෘෂිකර්මාන්තය, වෙළඳාම, පරිසර විද්‍යාව, ආයෝජන සහ ඇඓ ඇතුළු ක්ෂේත්‍රවල ගැඹුරු සබඳතා ගොඩනැගීම අරමුණු කර ගෙන ඇති බවත් නිවේදනය පවසයි.
සංස්කෘතික කටයුතු මෙන්ම ජනතාව අතර හුවමාරු වැඩසටහන් ශක්තිමත් කිරීමට, වීසා රහිත සංචාර ප්‍රවර්ධනය කිරීමට සහ සංචාරක සහ දේශසීමා-නගර සහයෝගීතාවයේ ඒකාබද්ධ සංවර්ධනය වැඩි දියුණු කිරීමට ද දේරට එකඟ වූ බව එම නිවේදනය වැඩිදුරටත් පවසයි . ආක්ටික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමට සහ අභ්‍යවකාශ ගවේෂණයේ සහයෝගීතාව ගැඹුරු කිරීමට දේරට එකඟතාවයකට පැමිණ තිබේ.
අගමැති දෙපල අතර සාකච්ඡාවේදී රුසියාව "එක්-චීනයක්" ප්‍රතිපත්තියට අනුගත වීම නැවත තහවුරු කර තිබේ. තායිවානය චීනයේම කොටසක් බව පිළිගෙන, ජාතිය යළි එක්සත් කිරීම සඳහා බීජිනය ගන්නා උත්සාහයන් සඳහා සිය සහයෝගය නැවත අවධාරණය කළේය. රුසියාවේ ආරක්ෂාව, ස්ථාවරත්වය සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට රුසියාව දරන උත්සාහයන්ට චීනය සහයෝගය පළ කළ බවද නිවේදන්ය පවසයි.
ෂැංහයි සහයෝගිතා සංවිධානය, බ්‍රික්ස් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි බහුපාර්ශ්වික රාමු තුළ මෙන්ම ජාත්‍යන්තර ආයතන තුළ දෙරටේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට මෙන්ම එම ආයාතන "දේශපාලනීකරණය" වීම වැළැක්වීමට සහ සාධාරණ, බහු ධ්‍රැවීය ලෝකයක් සහ සියල්ල ඇතුළත් ආර්ථික ගෝලීයකරණයක් ප්‍රවර්ධනය කිරීම දෙරටේ කාර්යභාරයක් බවැ දෙපාර්ශ්වයම අවධාරණය කළහ.
චීනය සහ රුසියාව බහු ධ්‍රැවීයතාවයේ උපදේශකයින් ලෙස වැඩි වැඩියෙන් පෙනී සිටින අතර, ගෝලීය බලය එක්සත් ජනපදය සහ එහි සහචරයින් විසින් ආධිපත්‍යය දරනවාට වඩා ඒකාකාරව බෙදා ගත යුතු බවට දැඩිව පෙනී සිටිති.
යුක්රේන ගැටුම සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව බටහිර පනවා ඇති සම්බාධකවලට සහාය දීම බීජිනය ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ වෙනුවට මොස්කව් සමඟ වෙළඳ කටයුතු පුළුල් කර ඇත. 2020 සිට 2024 දක්වා ද්විපාර්ශ්වික වෙළඳ ගනු දෙනු වල අගය දෙගුණයකට ආසන්න වී ඇති අතර එය පසුගිය වසරේ ඩොලර් බිලියන 240 ඉක්මවා ගොස් ඇති බව චීනයේ රේගු දත්ත වලට අනුව තහවුරු වේ. රුසියාව සහ චීනය එක්සත් ජනපද ඩොලරය මත යැපීම අඩු කරමින් සිටින අතර, මෙම වසරේ වෙළෙඳ පියවීම් වලින් 99.1% ක් ඔවුන්ගේ ජාතික මුදල් වලින් සිදු කරන ලද බව රුසියානු මුදල් අමාත්‍ය ඇන්ටන් සිලුවනොව් ඊයේ(04) හෙළිදරව් කළේය.
යුක්රේන ගැටුම සාමකාමීව විසඳීම සඳහා බීජිනය මීට පෙර කරුණු 12 කින් යුත් සැලැස්මක් යෝජනා කරනු ලැබූ අතර සතුරුකම් අවසන් කිරීම සඳහා "වඩාත්ම සාධාරණ" ප්‍රවේශය ලෙස මොස්කව් එකල ප්‍රශංසා කළ යෝජනාවකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්