රුසියාව සහ චීනය රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යාමේ මාර්ග සිතියමකට එකඟ වේ.
රුසියානු අගමැති මිහායිල් මිෂුස්ටින් චීනයේ හැංෂෝ නගරයේ කළ සංචාරයේදී චීන අගමැති ලී කියැං හමුවිය. සංචාරයෙන් පසුව රුසියාව සහ චීනය දෙරටේ වර්ධනය වන සබඳතා පිළිබඳ නව නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊයේ(04) නිකුත් කළ නිවේදනය මගින්, දෙපාර්ශ්වයම බහු ක්ෂේත්‍ර හරහා සහයෝගීතාව පුළුල් කිරීමට සහ බාහිර අභියෝගවලට ඒකාබද්ධව ප්‍රතිචාර දැක්වන බව අවධාරණය කර තිබේ. දෙරටෙහි මූලික අවශ්‍යතාවලට බලපාන ගැටළු සම්බන්ධයෙන් ස්ථිර අන්‍යෝන්‍ය සහයෝගයක් ලබා දීමටත්, විද්‍යාව, තාක්‍ෂණය, කෘෂිකර්මාන්තය, වෙළඳාම, පරිසර විද්‍යාව, ආයෝජන සහ ඇඓ ඇතුළු ක්ෂේත්‍රවල ගැඹුරු සබඳතා ගොඩනැගීම අරමුණු කර ගෙන ඇති බවත් නිවේදනය පවසයි.
සංස්කෘතික කටයුතු මෙන්ම ජනතාව අතර හුවමාරු වැඩසටහන් ශක්තිමත් කිරීමට, වීසා රහිත සංචාර ප්‍රවර්ධනය කිරීමට සහ සංචාරක සහ දේශසීමා-නගර සහයෝගීතාවයේ ඒකාබද්ධ සංවර්ධනය වැඩි දියුණු කිරීමට ද දේරට එකඟ වූ බව එම නිවේදනය වැඩිදුරටත් පවසයි . ආක්ටික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමට සහ අභ්‍යවකාශ ගවේෂණයේ සහයෝගීතාව ගැඹුරු කිරීමට දේරට එකඟතාවයකට පැමිණ තිබේ.
අගමැති දෙපල අතර සාකච්ඡාවේදී රුසියාව "එක්-චීනයක්" ප්‍රතිපත්තියට අනුගත වීම නැවත තහවුරු කර තිබේ. තායිවානය චීනයේම කොටසක් බව පිළිගෙන, ජාතිය යළි එක්සත් කිරීම සඳහා බීජිනය ගන්නා උත්සාහයන් සඳහා සිය සහයෝගය නැවත අවධාරණය කළේය. රුසියාවේ ආරක්ෂාව, ස්ථාවරත්වය සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට රුසියාව දරන උත්සාහයන්ට චීනය සහයෝගය පළ කළ බවද නිවේදන්ය පවසයි.
ෂැංහයි සහයෝගිතා සංවිධානය, බ්‍රික්ස් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි බහුපාර්ශ්වික රාමු තුළ මෙන්ම ජාත්‍යන්තර ආයතන තුළ දෙරටේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට මෙන්ම එම ආයාතන "දේශපාලනීකරණය" වීම වැළැක්වීමට සහ සාධාරණ, බහු ධ්‍රැවීය ලෝකයක් සහ සියල්ල ඇතුළත් ආර්ථික ගෝලීයකරණයක් ප්‍රවර්ධනය කිරීම දෙරටේ කාර්යභාරයක් බවැ දෙපාර්ශ්වයම අවධාරණය කළහ.
චීනය සහ රුසියාව බහු ධ්‍රැවීයතාවයේ උපදේශකයින් ලෙස වැඩි වැඩියෙන් පෙනී සිටින අතර, ගෝලීය බලය එක්සත් ජනපදය සහ එහි සහචරයින් විසින් ආධිපත්‍යය දරනවාට වඩා ඒකාකාරව බෙදා ගත යුතු බවට දැඩිව පෙනී සිටිති.
යුක්රේන ගැටුම සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව බටහිර පනවා ඇති සම්බාධකවලට සහාය දීම බීජිනය ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ වෙනුවට මොස්කව් සමඟ වෙළඳ කටයුතු පුළුල් කර ඇත. 2020 සිට 2024 දක්වා ද්විපාර්ශ්වික වෙළඳ ගනු දෙනු වල අගය දෙගුණයකට ආසන්න වී ඇති අතර එය පසුගිය වසරේ ඩොලර් බිලියන 240 ඉක්මවා ගොස් ඇති බව චීනයේ රේගු දත්ත වලට අනුව තහවුරු වේ. රුසියාව සහ චීනය එක්සත් ජනපද ඩොලරය මත යැපීම අඩු කරමින් සිටින අතර, මෙම වසරේ වෙළෙඳ පියවීම් වලින් 99.1% ක් ඔවුන්ගේ ජාතික මුදල් වලින් සිදු කරන ලද බව රුසියානු මුදල් අමාත්‍ය ඇන්ටන් සිලුවනොව් ඊයේ(04) හෙළිදරව් කළේය.
යුක්රේන ගැටුම සාමකාමීව විසඳීම සඳහා බීජිනය මීට පෙර කරුණු 12 කින් යුත් සැලැස්මක් යෝජනා කරනු ලැබූ අතර සතුරුකම් අවසන් කිරීම සඳහා "වඩාත්ම සාධාරණ" ප්‍රවේශය ලෙස මොස්කව් එකල ප්‍රශංසා කළ යෝජනාවකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..